Posts

ආධ්‍යාත්මය තුළින් ජීවිතය විනිවිදව දැකීම

Image
 "වස්ත්‍රයක් නොමැති බොහෝ මිනිසුන් මම දුටුවෙමි, තවද මිනිසුන් නොමැති බොහෝ වස්ත්‍රයන් ද ඒ අතර මා දුටුවෙමි." - මවුලානා ජලාලුද්දීන් රූමි  අධ්‍යාත්මික හා දාර්ශනික සන්දර්භයක් තුළ සූෆි කලාකරුවන්ගේ අදහස්, යමක් එහි බාහිර මුහුණත සහ ද්‍රව්‍යමය ස්වභාවයෙන් ඔබ්බට බැලීමට අපව පොළඹවයි. ඒ අතරම සමාජයීය අපේක්ෂාවන් සහ බාහිර සැරසිලි නම් වූ ස්ථරවලට යටින් මනුෂ්‍යත්වයේ සැබෑ ස්වභාවය හඳුනා ගැනීමට ද ඒවා අපව පොළඹවයි. තවද දෙවිඳුන් හැර උන්වහන්සේගේ සියලු මැවීම් තුළ ඇති අනිත්‍යමය ස්වභාවය පිළිබඳව අවධානය යොමු කරමින් දිනෙන් දින අපව යථාර්ථයක්  තුළ ජීවත් කරවයි. මේ සියල්ල අවබෝධ කර ගැනීම සදහා අපට ආධ්‍යාත්මීය පදනම තුළින් උපදින කලාවන් ද වැදගත් වේ. එය ජීවිතය තුළ තිබිය යුතු අව්‍යාජභාවය, අවංකභාවය සහ පැවැත්මේ සාරය පිළිබඳ මෙනෙහි කිරීම සඳහා අපව දිරිමත් කරයි.  "ඔවුනතර මා ප්‍රඥාවේ බීජය වැපිරුවෙමි, එය දළු ලා වැඩීමට මාගේම දෑතින්ම මා කටයුතු කළෙමි: මා නෙළාගත් අස්වැන්න මෙයයි - "මම ජලය මෙන් ඔබ වෙත පැමිණියෙමි, සුළඟ මෙන් දිනෙක ඔබෙන් සමුගෙන යන්නෙමි." - ඕමාර් කයියාම්  මිනිසාගේ උප්පත්තියේ පටන් ඔහු කලාව සිය කර පින්නාගෙන පැ...

P2P යනු තවත් එක් මුලාවක් ඇජෙන්ඩාවක් ද අ?

Image
  #P2P යනු තවත් එක් ඇජෙන්ඩාවක් ද?  සුගිය දිනවල ශ්‍රී ලංකාවේ දෙමිළ බස කතා කරන ජනතාව සිය අයිතිවාසිකම් උදෙසා උතුර නැගෙනහිර යා කරමින් ගමන් කල දැවැන්ත පා ගමන විශාල තමිල්, මුස්ලිම් හා කතෝලික ජනයාගේ සහභාගිත්වයකින් පැවැත්විණි. දකුණේ එය එතරම් ප්‍රසිද්ධියක් ඉසිලුවේ නැතත් එය ජාත්‍යන්තරයට පණිවිඩයක් යැවීමට තරම් බලවත් පා ගමනින් විය. එහි ප්‍රධාන සංවිධායකයන් වූයේ උතුරේ දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය.  "මුස්ලිම්වරුන්ගේ භූමදාන අයිතිය ලබා දීම" යනු ඔවුන් එහිදී භාවිත කල ප්‍රධාන සටන් පාඨයන් අතරින් එකකි. කෙසේ නමුත් එකී පා ගමන පිළිබඳ පුවත දෙස් විදෙස් ජනතාවගේ සවනට වැටුන අතර එය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ විවිධ රටවල අදහස් දැක්වීම් වලද බලපෑම මත මුස්ලිම්වරුන්ගේ එකී අයිතිවාසිකම නැවත ලබා ගැනීමට හැකි විය.  නමුත් අද උද්ගත වී ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් සිදුවීමකි. එනම් එදා මුස්ලිම්වරුන් සමග අත්වැල් බැඳගෙන මුස්ලිම්වරුන්ගේ භූමදාන අයිතිවාසිකම් උදෙසා අත්වැල් බැඳගත් උදවිය ඉරණතිව් දූපතේ කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘත දේහ භූමිදානයට විරෝධය පෑමයි. පැහැදිලිවම එතුල අදිසි ද...

විශ්වාසයන් පිළිබඳ සංවාදය

Image
  එකිනෙකා තුළ වූ විශ්වාසයන් ගැන කතා කිරීමම සංවේදී කාරණයකි. මන්දයත් ඉන් අප පවසන දෙයට වඩා එහා වූ යමක් ඉන් ඔවුන් තේරුම් ගැනීමට උත්සාහ දැරීමයි. එනම් අප කුමක් අදහස් කළද ඔවුන්ගේ කෝණයේ සිටම ඔවුන් එය තේරුම් ගැනීමට වෙහෙසීමයි. අප මිදිය යත්තේ එකී හිතුවක්කාරී චර්යාවෙනි. විවේචනය, ප්‍රකාශන සහ අදහස් ප්‍රකාශ කිරීම යනු සෑම අයෙකුගේම අයිතියකි. ආගමක් තුළ , දර්ශනයක් තුළ , ඇදහිල්ලක් තුළ ජීවත් වන්නන් සිය ඇදහිල්ල විවේචනයට ඉඩක් නොදේ නම් ඉන් අදහස් වෙන්නේ එකී ආගම, දර්ශනය හෝ ඇදහිල්ල තුළ වූ අසම්පූර්ණ භාවයයි. තවද එකී ඇදහිල්ල තුළ ජීවත් වන්නා දිවි ගෙවනුයේ සිර කුටියක වන් ජීවිතයක් තුළ බවයි.  තවද එයිනුත් එහාට ගොස් සිය ඇදහිල්ල විවේචනය කරන පුද්ගලයාගේ විවේචනයේ වූ සාධාරණත්වය, අසාධාරණත්වය පසෙක තබා විවේචනය කරන්නාට පුහු ලේබල් අලවමින් අපහාස කරන්නාගේ මානසිකත්වය ඊටත් වඩා වෙනස් ය. ඔවුන් නම් ලිං මැඩියන් සේය. ලෝකයක් පිළිබඳ අවබෝධයක් නැති ඔව්හූ සිය ජීවිතය කාලය පුරාම සිය අඳුරු ලිඳෙහි වාසය කරයි. ඉන් පිටතට පැමිණ ලෝකය දැකීමට හෝ ඔවුන් ප්‍රිය නොකරයි. තමා නොදත් සත්‍යය අවබෝධ කර ගැනීමට තබා එය හැඳිනගැනීමද ප්‍රතික්ෂේප කරයි. ඇදහිල්ල තමාග...

නීතීඥ කරුණාරත්න හේරත්

Image
 ජ්‍යේෂ්ඨ නීතීඥ කරුණාරත්න හේරත් මහතාගේ මුස්ලිම් නීතිය කෘතිය ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රය උදෙසා නිර්මාණය වූ ශ්‍රේෂ්ඨ කෘතීන් අතුරින් තවත් එක් විශේෂ කෘතියකි. එතුමාගේ අභාවය නූතන සමාජයට ගෙන එනුයේ විශාල හිස් තැනකි. ඉස්ලාමීය නීතිය පිළිබඳ නොදත් සමාජයටද වැටහෙන පරිදි සමාජයේ විශේෂ කතිකාවකට තුඩු දුන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය නීති පිළිබඳව මනාව පැහැදිළි කරමින් සිය කෘතිය නිර්මාණය කිරීමට එතුමා සමත් විය.  සිය කෘතිය තුළ ඉස්ලාමිය නීතියේ ප්‍රභවය, එහි අංග සහ භාවිතය පිළිබඳව මුලික හැඳින්වීමක් කොට ඒ අතරින් ශ්‍රි ලංකාව තුළ ක්‍රියාත්මක මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත, වකුෆ් හා පුන්‍යාභාර අරමුදල, පසු උරුමය පිළිබඳ ඉස්ලාමීය නීතිය වැනි ක්ෂේත්‍රයන් පැරණි නඩු තීන්දු ආශ්‍රයෙන් සහ ඒවාහි උප අංග වෙන් වෙන් කොටස් වශයෙන් විස්තර කොට දැක්වීමට එතුමා සමත් විය. එතුලින් සමාජය තුළ මෙම නීති ක්ෂේත්‍රය ආශ්‍රිතව නිර්මාණය වන කතිකාවත් වලට දැක්වූ දායකත්වය අති මහත් ය. මුස්ලිම් නීතිය කෘතිය සේම මෑත කාලයේ පරිසර නීතිය පිළිබඳව "වන සංරක්ෂණ නීතිය", "වනජීවි සංරක්ෂණ නීතිය" වැනි ඔහු රචනා කළ තවත් කෘතීන් ද වේ. පහත දැක්වෙන්න...

සුබවාදී හීන

Image
  වෙනස් විය යුත්තේ සිතිවිල්ලේ ස්වභාවයයි. නමුත් වෙනස් විය යුතු එම සිතිවිල්ලේ ස්වභාවය පිළිබඳව අප දැන දැනත්, එය වෙනස් කර ගැනීමට උත්සාහයක් හෝ අප නොකරයි. ඒ නිසාම අසුභවාදී සිතුවිලි නම් වළ තුළ බොහෝ දිනක පටන් අප සිර වී සිටියි. ඉන් ගොඩ ඒමට නම් අනුගමනය කළ යුත්තේ සරල ක්‍රියාදාමයකි. 'සුභවාදී හීන' යනු එම මාර්ගයයි. එය අප ජීවිතයේ සෑම ඉසව්වකටම පොදුය. දශක හතක පටන් අප දේශපාලන වශයෙන් සෘණාත්මක අන්තයකට ගමන් කරමින් කරමින් සිටින්නෙමු. "කවුරු ආවත් වැඩක් නැහැ, ඔක්කොම හොරු..."  "අපි හම්බ කරොත් අපි කනවා... " වැනි ප්‍රකාශ අප තව දුරටත් ඉදිරියට ගෙන යාමෙන් ඵලක් නැත. මන්ද යත් එය තවදුරටත් අප ඉහත කී සෘණාත්මක අන්තයක් වෙතම ගෙන යන බැවිනි. අප අනාගතය අප හීන වලට අනුව සකසා ගැනීමට අවශ්‍ය නම් මුලින්ම අප බැහැර විය යුත්තේ එකී අසුභවාදී සිතිවිල්ලෙන් ය. තවද අප අමතක කර දැමිය යුත්තේ මහලු දේශපලානඥන්ගේ පැරණි මොඩලයයි. එවිට නිසැකවම අප ඒ හීන හැබෑ කර ගත හැකි මාවතකට යොමු වනු ඇත. හීන සැබෑ කර ගැනුමට වෙර දරන තවත් අයවලුන් අපට හමු වනු ඇත.  හීන වලට විශාල ප්‍රාකාරයන් පවා පෙරලා දැමීමට ශක්තියක් වේ. අප හඹා යා යුතු වන්නේ එකී...

ආගමික ගැටලු දේශපාලනීකරණය වීම

Image
  ආගමික ප්‍රශ්න දේශපාලනික වශයෙන් විසඳීම අරුත් සුන් කාර්යයකි. නමුත් අප පිළිගත යුතු දෙයක් වේ. එනම් ආගම මුල් කර ගත් ඕනෑම ගැටලුවක් ඇති වූ විටෙක ආගමික වශයෙන් අපට පොදු එකඟතාවකට එලඹීමට නොහැකි නම් ආගමික ගැටලු දේශපාලනීකරණය වීමද නොවැළැක්විය හැකි බවයි. තවද ආගමික නායකත්වයකට සමාජයීය වශයෙන් හෝ දේශපාලනික වශයෙන් බලයක් ලැබෙන්න කලින් ආගමික නායකත්වයකට සිය දහම පිළිබඳ නිවැරදි ධාර්මික දෘශ්ටියක් ලැබිය යුතු වේ. ලාංකීය මුස්ලිම් සමාජයට සිදු වී ඇත්තේ නිවැරදි වූත්, සියලු පාර්ශ්වයන් එකඟ වූත්, දහම පිළිබඳ ඇති කර ගත් පොදු ඉස්ලාමීය දෘශ්ටියක් ඔවුනතර නැති කම නොවේද!  උදාහරණයක් ලෙස කූරගල ගැටලුව විසඳීමට අසීරු වන්නේ ද මේ නිසාවෙන් බව හොඳින්ම වැටහේ. මුස්ලිම් සමාජයේ කොටසකට එහි ක්‍රියාත්මක ඇදහිල්ල අවශ්‍යය වේ. තවද තවත් කොටසකට එකී ඇදහිල්ල අනවශ්‍ය වේ. නමුත් මුස්ලිම් කියන පොදු අනන්‍යතාවය ඇතුලත ( මුස්ලිම්වරුන්ගේ නියෝජිතයෙකු වශයෙන් පෙනී සිටින සභාව තුළ ) ඒ ඇදහිල්ල පිළිබඳ ගත්ත පොදු එකඟතාවක් නැහැ. ඒකට ලොකු හේතුවක් වෙන්නේ එයාලා සමස්ත මුස්ලිම් ජනතාව නියෝජනය කරන ලෙස සමාජයට තමන්ව පෙන්ව ගත්තද සමස්ථ මුස්ලිම්වරුන්ගේ නියෝජනයක් එතුල නොම...

රටට ණය නැති ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය

Image
 එදා 70-80 අවධියේ මේ රටේ විසූ අහිංසක දෙමාපියන්ගේ, උගත්, බුද්ධිමත්, අවංක හා එඩිතර තරුණ පරපුර වාමවාදී දේශපාලනය වෙත තල්ලු වී වත්මන් පරපුරට හෙලිදරව් කර දීමට උත්සාහ කළේ මෙරට වූ කුපාඩි දේශපාලනයෙහි ඇති නිරුවත පිළිබඳවයි. එයටත් වඩා ඔවුන් සමාජයට හඬ නගා අවබෝධ කර දීමට වෙර දැරුවේ මෙරට ක්‍රියාත්මකව පැවති කුපාඩි දේශපාලනය නිසා අනාගත පරපුරට උරුම වීමට නියමිතව තිබූ විනාශය පිළිබඳවයි.  නමුත් බහුතරයක් වූ ශ්‍රී ලාංකික පුරවැසියන්ට එදත් අදත් තේරුම් ගැනීමට නොහැකි වුන කරුණක් වේ නම් ඒ මෙරට සමාජය තුළ ඇරඹුණු එකී තරුණ නැගිටීමට හේතුව කුමක්ද යන්න පිළිබඳවයි. රටේ වැඩිහිටි පරපුර හුදෙක් එම නැගිටීම රැඩිකල්කරණයක් ලෙස දැක්කද පිටතට නොපෙනෙන අවංක අරමුණක් ඒ තුළ අන්තර්ගත වූ බව ඔවුන්ට නොතේරුණි. නමුත් පසුකාලීනව ඔවුන් එය සුලුවෙන් හෝ අවබෝධ කර ගන්නා විට කෝච්චිය ගොස් හමාරය.  තට්ටුමාරු ක්‍රමයට බලය රැකගත් කුපාඩි දේශපාලන බලවේග එදා රටට අහිමි කළ වටිනා තරුණ ජීවිත ලක්ෂ ගණනකි. එදා එම තරුණ හඬ නිහඬ කොට ඔවුන් ඔවුන්ගේ දේශපාලන වේදිකා වල ගැයූ ඒ මුලාවේ ගීතයට රටේ වූ බහුතරයක් වූ දෙනා අත්පොලසන් දීමේ ප්‍රතිඵලය අද අපට ඇස් පනාපිට දැක බලා ගැනී...

සිංහල ඉස්ලාමීය කාව්‍ය සංග්‍රහය

Image
  රමණීය දූපත් රාජ්‍යයක් වූ ශ්‍රී ලංකා ද්වීපයට   ඉස්ලාමය නම් ආලෝකමත් මාවත රැගෙන ඒමේ ගෞරවය අරාබිවරුන්ට හිමිය. එය එවක විසූ අරාබි වරුන් විසින් මෙරටට කළ උතුම් වූ මෙහෙවරයන් අතරින් එකකි. ඊට පසු කාලීනව ඉන්දියානු මලබාර් මුසල්මානුවන්ගේ මෙරට ආගමනයත් සමගම මෙරටටම ආවේණික වූ ඉස්ලාමීය සංස්කෘතියක් නිර්මාණය විය. එකී සංස්කෘතිය තුළ දමිළ බස යන්න මුසල්මානුවන්ගේ මව් බස ලෙසින් ප්‍රචලිත විය. නමුත් සිය ආගමික වතාවත් ඉටු කිරීම සඳහා අරාබි බස ද ඔවුන් යොදා ගත්හ. ඒ අතරවාරයේ එවක විසූ ලාංකීය මුසල්මානුවන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ වෙළඳාම සහ ගොවිතැන ආශ්‍රිතව කටයුතු කිරීමේදී සිය රටේ වෙසෙන බහුතරයක් වූ සිහල ජනතාව සමග සන්නිවේදනය කිරීම පිණිස සිංහල භාෂාව ද සුළු වශයෙන් යොදා ගැනිණි. නමුත් පසුකාලීනව ස්වදේශීය මුසල්මානුවන්ගේ අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි ලද ප්‍රබෝධයත් වෙළඳ සබඳතා වල ප්‍රතිඵලයන් ලෙසත් සිහල ජනතාව සමග ඇති කරගත් අවාහ විවාහ වල ප්‍රතිඵලයන් ලෙසත් අද වන විට චතුරව සිංහල බස හසුරවන ලාංකීය මුසල්මානුවන්ගෙන් සමන්විත සමාජයක් මෙරට නිර්මාණය වී තිබේ. එයින් ඇරඹෙන සිහල බස හසුරුවන මුසල්මානුවාගේ ඉස්ලාමීය සාහිත්‍යයට සිංහල සාහිත්‍ය නිර්...

අනාගත පලස්තීන භූමිය

Image
 එක් ජාතියක් පාගා ගෙන තවත් ජාතියකට ශ්‍රේෂ්ඨ ජාතියක් විය නොහැක. එකී න්‍යාය පලස්තීනුවන්ට මෙන්ම යුදෙව්වන්ටද  පොදුය. ඊශ්‍රායලයේ සියෝන්වාදීන් විසින් සිදු කරන පලස්තීන භූමි ආක්‍රමණය අප හෙළා දැකිය යුත්තේ ඒ නිසාමය. යුදෙව්වන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කළ යුතු බව සැබෑය. එහෙත් යුදෙව් ජාතිකයන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම යනු පලස්තීනුවන්ගේ නිජබිම් අමු අමුවේ ඔවුන්ගෙන් උදුරාගෙන යුදෙව්වන්ට පැවරීම නොවේ. තවද සියෝන්වාදීන්ගේ මෙම ආක්‍රමණයට එරෙහිව සටන් කිරීම යනු සියෝන්වාදීන්ට එරෙහි වන මුවාවෙන් යුදෙව් සිවිල් වැසියන් ඉලක්ක කොට ගෙන ප්‍රහාර දියත් කිරීමද නොවේ.   මුස්ලිම්වරුන්ගේ ශුද්ධ භූමියක් වූ මස්ජිදුල් අක්සා පරිශ්‍රයට මුස්ලිම්වරුන්ට ඇතුලු වීමට ඉඩ නොදී අක්සා මස්ජිදය අවට ගිනි තබන විට සියෝන්වාදීන් ඊශ්‍රායල ධජ ඉහලට ඔසවමින් උද්දාමයට පත්ව සිටීම පසුගිය දිනවලදී දැකගත හැකි විය. තවද සීයෝන්වාදීන් ගසා තීරයේ අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කොට ගෙන ප්‍රහාර දියත් කිරීම ද එයට ප්‍රතිචාර වශයෙන් හමාස් සංවිධානය යුදෙව් සිවිල් වැසියන්ගේ ජීවිත ගැන තැකීමක් නොකර යුදෙව්වන්ගේ නගර වලට මිසයිල ප්‍රහාර එල්ල කිරීමද දැක ගත...

සෙනීෆා සනීර්

Image
පෑන හැසිරවීමේ කලාව ප්‍රගුණ කළ දහස් සංඛ්‍යාත පිරිසක් සිංහල සාහිත්‍ය සමාජය තුළ ජීවත් වුවත් හැඟීම් අකුරු බවට පෙරලීමෙහිලා සෙනීෆා යනු ඒ අතරින්  තවත් එක් විශිෂ්ඨ ලේඛිකාවකි.  ලෙස සාහිත්‍ය නිර්මාණකරණයන් සඳහා උපන් හැකියාවකින් පසුවන ඇය නමින් සෙනීෆා සනීර් වූ අතර ඇය ශ්‍රී ලංකාවේ මහනුවර දිස්‌ත්‍රික්‌කයේ අරුප්පොළ ග්‍රාමයේ උපත ලැබීය. සිංහල, ඉංග්‍රීසි යන ද්විත්ව භාෂාවම මැනවින් හසුරුවමින් එකී භාෂාවන් ආශ්‍රිත සාහිත්‍ය නිර්මාණයන් ඈ විසින් සමාජයට දායද කර ඇත. සිංහල බස හසුරවන මුස්ලිම් පවුලක පහස ලැබීමම ඈ සිංහල සාහිත්‍ය කලාවට නැඹුරු වීමට බෙහෙවින් බලපා ඇත. මහනුවර ප්‍රසිද්ධ පාසලක් වන බදියුදීන් මහ්මූද් බාලිකා පාසලේ අධ්‍යාපනය හැදෑරූ ඇය එහිද සිංහල භාෂාවෙන් අධ්‍යාපනය හැදෑරීම සිදු කර ඇත.  නවකතා, කෙටිකතා, ළමා කතාන්දර ලෙස ඈ අතින් රචනා වූ නිර්මාණයන් රැසකි. ඒ අතරින් "පූදින්න ඉඩ දෙන්න" නම් නව කතාව යනු ඇගේ ජීවිතයේ තීරණාත්මක සංධිස්ථානයක් විය. ඒ මන්දයත් ඇගේ ජීවිතය තුළ ප්රකාශයට පත් පලමු සිංහල නවකතාව එය වීමයි. අවුරුදු පහලොවක් වන් වූ අවදියේ සිටම නවකතාකරණයේ යෙදුනත් ඉන් එකදු පොතක් හෝ ප්‍රකාශයට පත් කරගැනීමේ අවකාශයක්...

සාහිත්‍ය වින්දනය

Image
විඳිය හැකි සාහිත්‍යය රසයට අනුව භාෂාවන් අපට උස් පහත් යනුවෙන් බෙදා දැක්විය හැකි ද? උසස්ම සාහිත්‍යය රසය ගැබ්ව ඇත්තේ තමාගේ මව් බස තුළ පමණි යැයි සිතීම හිතලුවකි. මන්ද යත් සෑම බසකම කාර්ය්‍යය වනුයේ මානව සන්වේදන කාර්යයට, අදහස් ප්‍රකාශ කිරීමට අතරමැදියෙකු සේ දායක වෙමින් සන්නිවේදනය කාර්යයට උපකාරී වීමයි. එහිදී සිතෙහි උත්පාදනය වන සියලු සිතිවිලි තමාට ඇති උපරිම හැකියාවකින් යුක්තව ඉදිරිපත් කිරීමට සෑම භාෂාවක් ම එක හා සමානව උපකාර කරයි. නමුත් මෙම විශ්මිත හැකියාව උපරිම අයුරින් පවතින්නේ තමා භාවිතා කරන භාෂාවට පමණක්ම වේ යනුවෙන් සිතීමට හේතු වනුයේ තමා එක් භාෂාවක් පමණක් තමාගේ මව් බස ලෙස භාවිතා කිරීමත් එම භාෂාව පමණක් පූර්ණ වශයෙන් හැසිරවීමේ හැකියාව තමාට පිහිටා ඇති බැවිනි. (ගැඹුරු ලිඳක ජීවත් වන ලිං මැඩියා ලෝකය නොදකින සේ)  උදා :- විටෙක ඇතැමුන් X භාෂාවේ සාහිත්‍යය Y භාෂාවේ සාහිත්‍යයට වඩා උසස් බවත් එසේත් නැතිනම් X භාෂාවට වඩා ගැඹුරු බවක් Y භාෂාවට ඇති බවත් පවසයි.  තමාට තම මව් බස හැසිරවීමට ඇති හැකියාවට සමානව තවත් භාෂාවක් ද හැසිරවීමට හැකි නම් ඉහත කාරණයෙහි සත්‍ය අසත්‍යතාව හරි ආකාරයෙන්ම පැවසිය හැකිය. නමුත් එසේ නොවී ...

යේමනයේ අනාගතය

Image
  ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් යේමනය පිළිබඳ දැක්වූ අදහස් දෙස අවධානය යොමු කල විට පෙනී යන්නේ සෞදි අරාබියට තමාගේම වූ දේශීය ආරක්ෂක යාන්ත්‍රණයක් නොමැති බවත් මෙතෙක් කල් ඔවුන් භාවිත කළ ආරක්ෂක යාන්ත්‍රණයෙහිලා එක්සත් ජනපදය මත ඔවුන් විශාල වශයෙන් යැපී ඇති බවත්ය. මන්දයත් මෙතෙක් කල් යේමනයට එල්ල කළ ප්‍රහාර දෙස බලන විට හුදෙක් එම ප්‍රහාර එක්සත් ජනපදයේ සම්පූර්ණ සහයෝගය මත රඳා පැවති බවත් එතුලින් යේමන ජනතාව මත හෙලූ බෝම්බ ප්‍රහාර වලට ඇමරිකානු සහය සෑහෙන වශයෙන් යොදා ගත් බවත් පෙනී යයි. කෙසේ වෙතත් පවතින දේශපාලනික තත්වයන් හමුවේ ඉදිරියේදී සෞදි අරාබිය විසින් යේමනය වෙත එල්ල කළ යුධමය පීඩනය යම් තාක් දුරකට අඩු වනු ඇතැයි අනුමාන කළ හැකිය. ඒ නිසාම හෞතිවරුන් විසින් දීර්ඝ කාලයක සිට එල්ල කළ ප්‍රතිප්‍රහාර මාලාවද අඩු විය හැකි බැවින් කලාපයේ සාමය යලි යලිත් තහවුරු වනු ඇති බව අනුමාන කළ හැකිය. " මැදපෙරදිග කලාපයේ දේශපාලන අරගලයෙහි ප්‍රාණ ඇපකරුවන් බවට පත් වූ යේමන් ජනයාට නිදහසේ හුස්ම ගැනීමට කාලයක් උදා වේවා යැයි පතමු."

සැඟවුණු ඉතිහාසය

Image
 මහාචාර්ය ඊනියාර්ගේ විග්‍රහයට අනුව ඉතිහාසය යනු "සමාජ ක්‍රම වල මතක සටහනකි". එකී ඉතිහාසය වැළලීම යනු එම සමාජක්‍රමයයේ මතක සටහන් සමාජය තුලින් අතුගා දැමීමකි. තවත් වසර 10 සපිරුන පසු වසර 100 ක් සම්පුර්ණ වූ පුරාවස්තුවක් බවට පත්විමට නියමිතව තිබු මාලිගාවත්ත මුස්ලිම් සුසාන භුමියේ තිබු යේමන් ජාතික සෙය්යද් අහමිද් ඉබ්නු අස් සෙය්යද් අබ්බාස් බා අලවි නම් අයෙකු මිහිදන් කොට ඔහු සිහි කිරීමට එවක තැනූ සොහොන් කොතක් යම් කිසි කණ්ඩායමක් විසින් ඉවත්කර ඇති බව ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව සඳහන් කර සිටියි. මිහිදන් කළ අයෙකු සිහි වනු පිණිස සොහොන් කොත් තැනීම පිළිබඳව මතවාදයක් ඉස්ලාමීය සමාජය තුල තිබෙන බව සැබෑය. නමුත් ශ්‍රී ලාංකීය මුස්ලිම්වරයාගේ උරුමයන් පිළිබඳ කියැවෙන මේ ආකාරයේ වු පැරණි නටඹුන් විනාශ කිරීම අනුමත කළ නොහැක. එය අපගේම දෑත් වලින් අපගේම ඉතිහාසය කටුගා දැමීමකි.

ඒකාධිපතිත්වය

Image
  ලොව කුමන දිග් භාගයේ වුවද බලයේ සිටින්නාවූ ෆැසිස්ට්වාදී පාලකයන් මේ පින්තූරයේ අර්ථය තේරුම් ගන්නා දිනක් පැමිණෙනවා නියතයි. එය ලෝකයටම පොදු ධර්මතාවයකි.  දේශපාලනය යනු සමාජ භාවිතයකි. එහි මූලික අර්ථ දෙකකි. ඉන් පලමු වැන්න දේශපාලනය පුරවැසි ක්‍රියාකාරිත්වයේ අංගයක් සහ පුරවැසියන්ද සමාජ මට්ටමෙන් දේශපාලන භාවිතයේ යෙදෙති යන්නයි. දෙවැන්න නම් සමාජය තුල සිදුවන පුද්ගල ක්‍රියාකාරීත්වයේ සහ පුද්ගල සම්බන්ධතා අතර ද අන්තර් පුද්ගල භාවිතයක් හැටියට දේශපාලනය පවතින්නේය යන්නයි. පාලකයා විසින් පුරවැසියාව දේශපාලනයෙන් වෙන් කිරීමට අදහස් කිරීම පවා ගඟට ඉනි කැපීමක් වැනි ක්‍රියාවලියකි. පාලකයාට යම් තාක් දුරකට මිනිසාව ඇන්දවීම කළ හැකිය. නමුත් සෑම කල්හිම තම සිතැඟි පරිදි මිනිසාව ගොනාට ඇන්දවිය නොහැකිය. මන්ද යත් රෑ වැටුණු වලට දවාලෙත් වැටීමට තරම් පුරවැසියන් මෝඩ නැත. නමුත් එවැනි සිහින දැකීම ඒකාධිපති පාලකයාගේ නම් ස්වරූපයක්ය. #srilankanpolitics

වර්ගවාදී මානසිකත්වයෙන් දරුවන්ගේ අනාගතය මුදවාගනිමු.

Image
  අතීත සහ නූතන ශ්‍රී ලංකාව ගත් කළ එහි ඉතිහාසයේ වූ හැරවුම් ලක්ෂ සහ නොමැකෙන සලකුණු අතර වාර්ගිකයන් අතර වූ නොසන්සුන්කාරී ගැටුම් ප්‍රධාන ස්ථානයක් උසුලයි. විටෙක මනුෂ්‍ය ඝාතනයකට දෙකකට එහා යමින් සිදු වූ කලකෝලාහල අවසානයේ දරුණු යුධ ගැටුම් දක්වා ගොස් මනුෂ්‍ය සංහාර උත්සන්න වූ අවස්ථා ඒ අතර වේ.  ශ්‍රී ලංකාව යනු දියුණු වෙමින් පවතින රාජ්‍යයකි. වසර ගණනාවක් පුරා බටහිර රාජ්‍යයන්ගේ යටත් විජිතයක් සේ පවතිමින් නිදහස ලැබුනත් අප රාජ්‍යයට ආර්ථිකමය අතින් හිස එසවීමට නොහැකි වීමට මූලිකම බාධකය වූයේ මෙකී ජාතීන් අතර විරසකය තුලින් මතු වූ අවිශ්වාසය මුසු පරිසරයක් බිහි වීමයි. කාලය දිනෙන් දින ගත වන අතරතුර අපට වඩා පසුපසින් සිටි බොහෝ රාජ්‍යයන් අද අප පසු කොට සීඝ්‍ර සංවර්ධනයක් සමග විශාල ආර්ථික දියුණුවක් අත් කරගෙන ඇත. නමුදු අප ශ්‍රී ලංකීය ජාතිය තවමත් නැවතුන තැනමය. ඇතැම් දේශපාලකයන් ද ආගම හා ජාතිය දඩමීමා කරගෙන තම දේශපාලන අවස්ථා තර කරගැනීමේ ද අඩුවක්ද නොපවතී. ජනතාවගේ සාමය සහ යහ පැවැත්ම දිනෙන් දින ආපස්සට ඇදී යමින් පවතී. තවදුරටත් මෙකී ව්‍යසනය දෙහ අප බලා සිටීම අතහැර ලාංකීය ජාතිය මෙකී ව්‍යසනයෙන් ගොඩ ගැනීමට කාලය උදාවී ඇත. ...

සීලාත් සටන් කලාව

Image
  'සීලත්' යනු මැලේ ලෝකය පුරා මුල් බැසගත් ආත්මාරක්ෂාව සඳහා බිහිවූ සටන් කලාවකි. මෙකී සාම්ප්‍රදායික මැලේ සටන් කලාවේ ආරම්භය පුරාණ මැලේ ලෝකයේ විසූ මානවයාගේ වූ ආත්මාරක්ෂාව, දඩයම් ක්‍රම සහ හමුදා පුහුණුව වැනි අවශ්‍යතාවයන් මත නිර්මාණය වී ඇත.  යුද්ධ වලදී සටන් කිරීම සඳහා රණශූරයින් පුහුණු කිරීමේදී ශාරීරික සටන් සහ ආයුධ පුහුණුව වැදගත් වේ.  මීට වසර 2000 කට පෙර මැලේ ශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිටම විවිධ මැලේ ගෝත්‍රිකයන් අතර මෙම සටන්කලාව වර්ධනය වූ බව විශ්වාස කෙරේ. මෙම සටන් කලාවට ආවේණික මුල් සටන් ශෛලීන් කිඹුලන්, කොටියන් සහ රාජාලියාගේ චලනයන් අනුකරණය කරයි. මානව චලන, සොබාදහම සහ සතුන්ගේ චලනයන්ගෙන් අනුකරණය කර සැදුම්ලත් සීලත් ආත්මාරක්ෂක සටන් කලාවේ බොහෝ සටන් අංග තිබේ. නිදසුනක් වශයෙන්, සීලත් සටන් කලාවට අයත් "සීලත් හරිමවු" නම් අංගයේ සෞන්දර්යාත්මක මෙන්ම රිද්මයානුකූල චලනයන් ඇතුළත් කොටියෙකුගේ ආත්මාරක්ෂාව සඳහා වූ ප්‍රහාරයන් අනුකරණය කරයි.  මැලේසියාවට පමණක් ආවේණික සීලත් සටන් අංග 150 කට වඩා ඇති අතර ඒවායේ නම් සතුන් සහ ශාක වැනි ස්වාභාවික මූල වලින් නිර්මාණය වී තිබීම අපූරුය.  අග්නිදිග ආසියාවේ වූ සශ්‍රීක වන...

මින්බර් වේදිකාවක් මත වූ සෞරග්‍රහ මණ්ඩලයේ කැටයම්

Image
   1399 දී ඉදිකරන ලද ඔටෝමාන් අධිරාජ්‍යයේ පැරණිතම මස්ජිදයක් වන " බර්සා හි උලූ" මස්ජිදයේ මින්බර් වේදිකාව මත සෞරග්‍රහ මණ්ඩලය කැටයම් කර ඇති අයුරු. තුර්කියේ පිහිටා ඇති මෙම මස්ජිදයේ එම කැටයම විශ්වය පිළිබඳ නිරූපණය කරන අතර එම සෞරග්‍රහ මණ්ඩලය ලීයකට කැටයම් කර ඇත.  සූර්යයා සිට එම ග්‍රහලෝක වලට ඇති දුර හා සමානුපාතික ප්‍රමාණයන් සැලකිල්ලට ගනිමින් ග්‍රහලෝක එම ලීයට කැටයම් කර ඇත.  සිත්ගන්නා කරුණ නම් මෙහි ග්‍රහලෝක 9 ක් ඇති අතරම ප්ලූටෝ වම් කෙළවරේ දක්නට ලැබීමයි.  ඉස්ලාමීය ගෘහනිර්මාණ සම්ප්‍රදායට අනුව නිමවා ඇති සුන්දර මින්බර් වේදිකාවේ බිත්ති මත අතින් ලියන ලද ලියවිලි, මස්ජිදය මධ්‍යයේ පිහිටි තටාකයකත්, කුරුසයක් සහ ඩේවිඩ්ගේ තරුවද  මස්ජිදයට අනන්‍ය වූ අලංකාරයක් ගෙන එයි. මෙම සියලු අංග තුර්කියට ආවේණික ඉස්ලාමීය කලාවන් ගෙන හැරපායි.

ඕමාර් ඛයියාම්

Image
  "ගත කරන මේ මොහොත සතුටින් ගත කරන්න. මන්දයත් මේ මොහොත යනු ඔබ ජීවිතයයි."                                                                      - ඕමාර් ඛයියාම් -  ජීවිතය, ආධ්‍යාත්මය සහ තර්කනය සරල ලෙස කවියකින් නිරූපණය කිරීමෙහිලා ඔහු අති දක්ෂ කවියෙකි. නමින් ඕමාර් ඛයියාම් වූ ඔහු පර්සියානු කවියෙකු, ගණිතඥයෙකු හා තාරකා විද්‍යාඥයෙකු ලෙසින් ප්‍රසිද්ධය. ඔහු විසූ වකවානුවේ ඛයියාම් නාමය ඇසුන සැනින් ඔහු ප්‍රසිද්ධ වූයේ විද්‍යාඥයෙකු ලෙස ඔහු තුල වූ දක්ෂතා නිසාය. ජ්‍යාමිතිය, වීජ ගණිතය සහ ගණිතයේ වෙනත් ක්ෂේත්‍රයන්හි දියුණුව සඳහා ඛයියාම්ගේ දායකත්වය සුවිසල්ය. ඔහු තාරකා විද්‍යා ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කළේ එවක පිලිගත් විශ්වයේ පෘථිවි කේන්ද්‍රීය න්‍යාය මූලික වශයෙන් දෝෂ සහිත බව ඔප්පු කිරීමෙනි. විද්‍යා ක්ෂේත්‍රය සඳහා වූ ඛයියාම්ගේ දායකත්වය පසුකාලීනව බටහිර දේශයන්ගේ විද්‍යාත්මක පුනරුදයට විශාල වශයෙන් දායකත්වයක් සැපයීය.  නයි...

සිය 1100 වන වර්ෂ පූර්ණය සපුරන ශ්‍රී ලංකාවේ ප්‍රථම මුස්ලිම් මස්ජිදය

Image
  සිය 1100 වන වර්ෂ පූර්ණය සපුරන ශ්‍රී ලංකාවේ ප්‍රථම මුස්ලිම් මස්ජිදය ලෙස සැලකෙන අබ්රාර් මස්ජිදය පිහිටා ඇත්තේ බේරුවල මරදාන නම් ස්ථානයේය.  ශ්‍රී ලංකාවේ නිරිතදිග වෙරළ තීරයේ පිහිටා ඇති සුන්දර බේරුවල ප්‍රදේශය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකි. එනම්, අට වන සියවසේ මුස්ලිම් ව්‍යාපාරිකයන් සමූහයකගේ සිය ප්‍රථම ආගමන සිදු වූයේ මෙම ප්‍රදේශයට බැවිනි. එසේ ශ්‍රී ලංකාවේ ස්ථාපිත පළමු මුස්ලිම් මස්ජිදය ලෙස සැලකෙන අබ්රාර් මස්ජිදය එකල අරාබි වෙළඳුන් විසින් ඉදිකර ලද්දකි. අරාබිවරුන් බේරුවල සංචාරය කර ජීවත් වූ බවට මස්ජිද් උල් අබ්රාර් පල්ලිය කදිම සාක්ෂි ගොන්නක් ගෙනහැරපායි.  අද වන විට මෙම මස්ජිදුල් අබ්රාර් මස්ජිදය අදියර තුනකින් ප්‍රතිසංස්කරණය කර ඇති අතර එය බේරුවල මරදාන ප්‍රදේශ⁣යේ තේජාන්විතව බව ඉස්මතු කරයි. ✍️ මොහොමඩ් මිනාස් ඉස්ලාමීය අධ්‍යයනය සහ අරාබි භාෂා පීඨය ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය

තහ්තීබ් සටන් කලාව

Image
  තාක්ෂණයේ දියුණුව පැතිරී නොගිය කේෂ්ත්‍රයක් අද ලෝකයේ සොයා ගත නොහැකි තරම්ය. ඒ ආකාරයට සටන් කලාව තුලටද තාක්ෂණයේ ආගමන සිදුවීම තුළින් නූතන අවධිය ගත් කල හුදු ශරීරය ආශ්‍රිතව සිදු කරන සටන් ක්‍රම වලට වඩා ආයුධ මත පදනම් වූ සටන් කලාවන් ප්‍රමුඛත්වයක් ගනී. මේ ආකාරයට පුරාණ අවධියේ ලොව පුරා ප්‍රචලිත සටන් කලාවන් අතුරින් මැදපෙරදිග කලාපයට ආවේණික වූ සටන් කලාවක් වේ නම් ඒ "තහ්තීබ්" සටන් කලාවයි.  එවක ඊජිප්තුවෙන් ආරම්භ වූ බවට විශ්වාස කෙරෙන තහ්තීබ් නම් සටන් කලාව පුරාණ අරාබිකරයේ ප්‍රසිද්ධ සටන් කලාවක් වුවද අද වන විට එය තහ්තීබ් සටන් ආකෘතියකට නිර්මාණය වූ ජන නැටුමකට සීමා වී ඇත. ආරම්භක අවධියේ සැරයටියක් උපයෝගී කරගෙන වේගවත් ප්‍රහාර වලින් සමන්විත වී ඇති මෙම සටන් කලාව එවක යුධ පුහුණු වල ප්‍රධාන අංගයක් ලෙස පැවතී ඇත.   වත්මන් අවධියේ දක්නට ලැබෙන මෙම තහ්තීබ් නැටුම්වල එකී සටන් පුහුණු අංග කිහිපයක් දැක ගත හැකිය. නමුත් එහිදී කඩුව වඩාත් සුලභ ආයුධයක් ලෙස යොදාගෙන තිබීමට හේතු වී ඇතැයි සැලකෙනුයේ කඩුව යනු අරාබි දේශයන් වලට ආවේණික වූ සංස්කෘතික අංගයක් ව තිබූ බැවිනි. මීට අමතරව සාම්ප්‍රදායික අරාබි ලෝකයේ දුනු ශිල්පය සහ අශ්...