Posts

Showing posts from October, 2020

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

මුහම්මද් නබි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් ඈත පිටිසර අරාබි අර්ධ ද්වීපයේ පිහිටි මක්කා නුවර ජාහිලියියා නම් එවක අඳුර රජ කළ යුගයේ අයුක්තිය රජ කළ මතින් මත් වී දූ කෙලියේ යෙදුන, දුරාචාරයෙන් සහ පොලිය මුල් කර ගත් ආර්ථික රටාවක ජීවිකාව ගෙන ගිය, වයිරය මුසු ගොත්‍රයන් අතර වූ දරුණු ගැටුම් උත්සන්න වෙමින් තිබූ සමූහයක් විසූ අවධියේ තවත් එක් දිනයක් එලෙස උදා විය. නමින් 'මුහම්මද්' වූ ඔහු අඳුරෙන් ආලෝකය කරා මුලු ලෝකයම පරිවර්තනය කරනු වස් ආනාගතය සඳහා වූ එකම ගැලවුම්කරුවකු සේ අබ්දුල්ලා සහ ආමිනා යන දෙදෙනාට දාව මක්කා නුවරදී උපත ලැබුවේය.  කුරෛෂ් ගෝත්‍රයට උරුමකම් කියමින් මෙලොව එළිය දුටු ඒ උතුම් පුත්‍ර රත්නය උපදින විටම පියාණන් අහිමි දරුවකු සේ සිය මව වූ ආමිනාගේ තුරුලේ තනි වූ අතරම උපත ලද වහාම එවක අරාබියාවේ පැවති සිරිතට අනුව සිය කුළුඳුල් දරුවා කිරිදී පෝෂණය කරනු පිණිස ගම්බද කිරි මවක් වූ හලීමා නම් වූ කාන්තාව වෙත පත් කලේය. සිය හයවන වියේදී තම එකම පුතු ද මෙලොව හැර දමා නික්ම යමින් ආමිනා නම් වූ ඔහුගේ මවගේ වියෝව සිදු විය. පසුව සිය මුත්තනුවන් වූ අබ්දුල් මුත්තලිබ්ගේ භාරකාරත්වය යටතේ හැදී වැඩුන ඔහු කුඩා කල සිටම සිය මුහ

What is this Islamic bank?

Image
  Muslims are a community that has been closely associated with the trade since time immemorial. Trade is something that is mixed with their blood, and they have an unbreakable bond with trade. There is another factor that contributes to this. This is because in Islam, Muslims are forbidden to take interest and instead trade and allow profiteering. The reason for this is that the religion states that interest is an unjust gain and that it primarily affects the division of society into classes, creating extraordinary economic wealth in human society. Looking at modern economic patterns, you can see the impact of the interest factor on economic patterns. That is why Muslims are forbidden to pay interest and those who engage in it are greatly disgusted. The world market has undergone rapid changes over the decades. With the advancement of technology, the Muslim-majority states also had to adapt to the modern changes taking place in the world market. There they had to deal regularl

සලාහුද්දීන් අයියූබි

Image
  බටහිර දේශයේ 'සලදින්' නමින් සුප්‍රසිද්ධ කලීෆා සුල්තාන් සලාහුද්දීන් අයියූබි ශුද්ධ වූ ජෙරුසලම භූමිය නිදහස් කොට අදට වසර 833ක් සැපිරේ. (ක්‍රි.ව. 1187 ඔක්තෝබර් 2 වන දින ) එකී මතකයන් සිහියට නැගෙන අතර නූතන පලස්තීන ජනයාට සිදුවන අසාධාරණකම් දෙස බැලීමේදී අපට ගෙන දෙනුයේ මහත් ශෝකය මුසු හැඟීමකි. උපන් භූමියේ සිය අයිතිය උදුරා ගනිමින් වත්මන් යුදෙව්වන් විසින් පලස්තීන දේශයේ වූ අහිංසක ජනතාවගේ භූමිය බලෙන් අත්පත් කොට තැනූ ව්‍යාජ ඊශ්‍රායල යුදෙව් රාජ්‍යය සිය මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක කරමින් පලස්තීන භූමිය ආක්‍රමණය කරමින් පවති. නමුත් කණගාටුවට කරුණ නම් නූතන අරාබි රාජ්‍යයන් ප්‍රමුඛ ලෝක බලවතුන් ද ඒ සඳහා නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් මුනිවත රැකීමයි.  එවන් පසුබිමක යුක්තිය සහ සාධාරණය වෙනුවෙන් සටන් බිමට වැද එදා ලබා ගත් ඒ ජයග්‍රහණය අප අද ස්මරණය කරමින් කීර්තිමත් මෙම ශ්‍රේෂ්ඨ නායකයාගේ මතකයට අපි අපගේ ගෞරවය පුද කරන්නෙමු. ඔහු සහ එදින සටනේ දිවිපිදූ ඔහුගේ සොල්දාදුවන් වෙනුවෙන් අප ප්‍රාර්ථනා කරන්නෙමු. ✍️ මොහොමඩ් මිනාස් ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය