Posts

Showing posts from September, 2020

නායක එම්.එච්.එම්. අශ්රෆ්

Image
  සටන්කාමියනේ ඉදිරියටම යමව්! නායකයෝ කිසි කලක මිය නොයතියි යන්න මා ඔබට පවසා සිටියේ නැතිද? තුවක්කුවකින් පිට වන ඒ උණ්ඩය අප සටන දුර්වල කරත් අප සතුරා ජයග්‍රහණය කළා යැයි අප කලබල විය යුතු නැත.                                   - එම්. එච්. එම් අෂ්රෆ් -  සිංහනාදය තම කතා විලාසයට පමණක් සීමා නොකර ක්‍රියාවෙන්ම තම ප්‍රතිපත්තිය තුලින් එය යථාර්ථයක් බවට පෙරලූ ශ්‍රී ලංකාවේ බිහිවූ ශ්‍රේෂ්ඨතම නායකයෙකු අප අතුරින් වෙන් වී අදට වසර 20ක් සපිරිව ඇත. ඔහුගෙ නික්ම යාම එසේ සිදුවුවත් මනරම් නැගෙනහිර පළාත් පොළොව මත ඔහුගේ නාමය නම් තවමත් ජීවමානය.  වර්ෂ 1948 ක් වූ ඔක්තෝබර් මස 23 වන දින සමන්තුරේ ගම්මානයේ මෙලොව එලිය දුටු එම්.එච්.එම් අෂ්රෆ් තම මූලික අධ්‍යාපනය හැදෑරීම සිදු කළේ කල්මුණේ වෙස්ලි විද්‍යාලයේදීය. කුඩා කල සිටම ප්‍රගුණ කළ තම අධ්‍යාපන කටයුතු වලින් පසු ඔහු ඊලඟට ඇතුළු වූයේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයටය. එහිදී ද ප්‍රථම පන්ති ගෞරව සම්මානයක් සහිතව නීතීඥ වෘත්තීයට එලඹි ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ සිය උපාධිය සහ පශ්චාත් උපාධිය ද සම්පූර්ණ කලේය.  " මට මිතුරෙකු අහිමි වූ අතරම ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු අහිමි විය.  සාමකා

අබ්බාසීය කිලාෆතයේ පැරණි රන් කාසි

Image
  මීට වසර 1100 කට පමණ පෙර අබ්බාසීය කිලාෆත් සමය නම් එවක ඉස්ලාමීය රාජ්‍ය පාලන කාලය දක්වා දිවෙන ඉතිහාසයකට උරුමකම් කියන ඉපැරණි රන් කාසි 425 ක් එවක පලස්තීන පාලන ප්‍රදේශයට අයත්ව තිබූ ගම්මානයක් වූ "යිබ්නා" හි කල කැණීම් වලදී සොයා ගන්නා ලදී. එකී ගම්මානය අද අයත්ව ඇත්තේ 1948 දී ඊශ්‍රායල විසින් පලස්තීනයෙන් බලහත්කාරයෙන් අත්පත් කරගත් ප්‍රදේශයකය. ඊශ්‍රායලය විසින් බලහත්කාරයෙන් තම පලස්තීන භූමිය අත්පත් කරගත් බව සනාථ කිරීමෙහිලා මෙයද තවත් එක් සාක්ෂියක් පමණි.