Posts

Showing posts from May, 2020

ඔප්පාරි විලාපය

Image
#ඔප්පාරි සමාජ විවිධත්වය යනු දේශයන්ගෙන් දේශයට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට ආවේණික වූ සංස්කෘතීන් මගින් උරුම වූ අපූරු අංගයකි. එම විවිධත්වය විටෙක අලංකාරයක් මෙන්ම විටෙක මහා විනාශකාරී සිදුවීම වලට මුල පුරයි. නමුත් මේ පැවසෙන්නේ එක් සංස්කෘතියක වූ අපූරු ශෝක ප්‍රකාශයක් හා බැඳුන කතාවක්. ඔප්පාරි යනු විශේෂයෙන් දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ සහ ශ්‍රී ලංකාවේ කඳුකරයේ වතූ ආශ්‍රිතව ජීවත් වන දමිළ ජනයාගේ සංස්කෘතියේ පුරාණ කාලයේ පටන් පැවතගෙන එන ශෝකය ගෙන දෙන විලාපය මුසු දුක්ගැනවිල්ලකි. ඔප්පාරි යනු එම සමාජයේ ජන ගී මෙන් වූ සම්ප්‍රදායක් වන අතර එහිදී බොහෝ විට ප්‍රශංසාව හා දුක විලාපයක් සමග මුසු කරමින් ගායනාවක් සේ ඉදිරිපත් කරයි. ඔප්පාරි විලාපය සාමාන්‍යයෙන් ගායනා කරනු ලබන්නේ අවමංගල්‍ය උත්සවයකදීය. මරණය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමට පැමිණෙන කාන්තාවන් විසින් දේහය අසල හිඳගෙන හෝ සාමූහික වශයෙන් මෙම ශෝකය මුසු තාලවත් විලාපය ගායනා කරයි. එය මියගිය උදවිය උදෙසා තමාගේම ශෝකය ප්‍රකාශ කිරීමටත්, මිය ගිය අයගේ ළඟම සිටින සහ ආදරණීයයන් සමග ශෝකය බෙදා ගැනීමටත් ඔවුන් උපකාරී කර ගනී. බොහෝ දමිළ ප්‍රජාවන් අවමංගල්‍ය උත්සවයකදී සිය ශෝකය ප්‍රකාශ කිරීමට ඔප්පා

අල් කින්ද්

Image
ඊ. එච්. කාර්ට අනුව "ඉතිහාසය යනු වර්තමානයේ යතුර " යන නිර්වචනය යථාර්ථයක් බවට පත් කරමින් අතීතයේ වූ විද්වතුන්ගේ පිය සටහන් අතරින් වර්තමාන යුගය නිර්මාණය වී ඇති බව පසක් කරලීමට මේ හෙලි කරනුයේ එවන් අතීතයේ වූ එක් සුවිශේෂී චරිතයක් පිළිබඳවයි. '#අල්_කින්දස්'..! බටහිර දේශයන්හි එනමින් ඔහු ජනප්‍රිය වුවද ඔහු නමින් #අල්_කින්ද් විය. මධ්‍යතන යුගයේ 'අරාබිවරුන්ගේ දාර්ශනිකයා' යන අන්වර්ථ නාමයෙන් ඉතිහාස පොත් ඔහුව ආමන්ත්‍රණය කරයි. කාර්ඩානෝ විසින් මධ්‍යතන යුගයේ විසූ ශ්‍රේෂ්ඨතම බුද්ධිමතුන් දොළොස් දෙනාගෙන් එක් අයෙකු ලෙසින් අල් කින්ද් නම් මෙම විද්වතාව හැඳින්වීමට තරම් හේතු වූයේ ඔහු තුල වූ බුද්ධි මහිමයි. ඔහු බොහෝ ක්‍ෂේත්‍රයන්ට ලබා දුන් මුල් දායකත්වයන් අති මහත්ය.  විටෙක දාර්ශනිකයෙක්, තාරකා විද්‍යාඥයෙක්, වෛද්‍යවරයෙක්, ගණිතඥයෙක්, භෞතික විද්‍යාඥයෙක් සහ භූගෝල විද්‍යාඥයෙක් ලෙසින් ඔහුගේම නව සොයාගැනීම් ඔස්සේ ඔහුගේ නාමය අරාබි වංශ කතාවේ රැව් දේ. ඔහු එවක සංගීතය ක්ෂේත්‍රයේද විශාරදයෙකු විය. යාකූබ් ඉබ්නු ඉෂාක් අල්-කින්ද් උපත ලැබුවේ ක්‍රි ව 800 වකවානුවේ දී කුෆා දේශයෙහිය. (වර්තමාන ඉරාකය) ඔහුගේ පියා එවක එහි

සූෆි කාව්‍ය සංකල්පනා

Image
#සූෆි කාව්‍ය සංකල්පනා..  අප ඇතුලාන්තයේ වූ සංගීත නාදය අප සවනට මුසු වන්නේ කලාතුරකින් වන නමුදු, අප නොදැනුවත්වම එහි වූ රිද්මයට අනුකූලව නර්තනයේ යෙදෙමින් සිටින්නෙමු. - රූමි -

සූෆි කාව්‍ය සංකල්පනා

Image
#සූෆි කාව්‍ය සංකල්පනා ප්‍රේමය නම්,  මේ සියල්ලක්ම ඔබ වෙනුවෙන් මා නිර්මාණය කළ බව දෙවිඳුන් විසින් පැවසීමයි.. එවිට, මේ සියල්ලක්ම ඔබ වෙනුවෙන් මා අත් හැරි බව මිනිසා විසින් පැවසීමයි.. - රූමි -

අල් හවාරිස්මි

Image
විසිඑක් වන සියවසේ තාක්ෂණයට වශීකෘත වී මොහොතක් ඒ දෙස නෙත් යොමන අයෙකුට "අප මේ ගෙවනුයේ තාක්ෂණයේ උච්චතම අවධිය" යැයි දෝයි සැක සිතන තරමටම අද අප තාක්ෂණයෙන් වෙලා ගෙන ඇත. නමුත් යථාර්ථය එය නොව. මේ විශ්වය පවතින තුරාවටම දැනුමට අවසානයක් නොපවති. මිනිසාගේ ආරම්භයේ පටන් අද දක්වාත් අනාගතය දක්වාත් දැනුමෙහි අවසන් ප්‍රතිඵලය වූ තාක්ෂණයේ ගමන දිනෙන් දින, වසරින් වසර, යුගයෙන් යුගයට දියුණු වෙමින් ඉදිරියටම ගමන් කරයි. අනාගතය යනු වත්මන් දැනුමින් අපට සිතාගත නොහැකි වන තරමටම විශ්මිත වූ ලෝකයක් බව නොඅනුමානය.  එලෙසම තාක්ෂණයට සුවිශාල මෙහෙවරක් ඉටු කළ මුහම්මද් ඉබ්නු මූසා අල් හවාරිස්මි යනු පර්සියානු ගණිතඥයෙකු, තාරකා විද්‍යාඥයකු සහ ජ්‍යෝතිශ්‍ය ශාස්ත්‍රඥයෙකු ලෙසින් එවක අබ්බාසි පාලකවරු බැග්ඩෑඩ්හි ස්ථාපිත කල ප්‍රඥාවේ මන්දිරය නම් "බයිතුල් හික්මා" අධ්‍යාපන ආයතනයේ විසූ සුප්‍රසිද්ධ විශාරදයෙකි. ඔහු ක්‍රි ව 780 දී පමණ එවක පර්සියාවේදී මෙලොව එළිය දුටුවේය. අල් හවාරිස්මි එවක බයිතුල් හික්මා ආයතනයේ සේවය කළ විද්වත් මණ්‌ඩලයේ වූ අයෙක්ය. ලොව ප්‍රසිද්ධ අරාබි නිසොල්ලාසය නම් වෘතාන්තයේ සඳහන් එවක අබ්බාසි කලීෆාවරයා වූ හරුන් අල් රෂ

අල් රාසි

Image
නව වන සියවස වන විට බැග්ඩෑඩ් නුවර පරිපාලනයට අවුරුදු 50 ක් සැපිරී තිබුනද එම වකවානුව එහි වූ දේශපාලන බලයෙහි උච්චතම අවස්ථාව විය. තවද දැනුමේ සහ වෛද්‍ය කේෂ්ත්‍රයේ කේන්ද්‍රස්ථානය ද එය විය. අරාබි ඔෟෂධවේදය සඳහා පදනම සැකසූ වැදගත් බොහෝ ග්‍රීක කෘති අරාබි භාෂාවට පරිවර්තනය කරන ලද්දේ එහිදීය. ඉස්ලාමීය වෛද්‍යවරු ග්‍රීක වෛද්‍ය විද්‍යාවට ගරු කල අතර විටෙක එය කලාතුරකින් ප්‍රශ්න කළ අතරම පසුකාලීනව ඔවුන්ගේම නිරීක්ෂණ ඉදිරිපත් කරමින් ඔවුන්ගේ අදහස්ද දක්‌වමින් එම දැනුමද ක්ෂේත්‍රයට එක් කිරීමට ඔවුන් කටයුතු කලහ. මෙම යුගයේ බැග්ඩෑඩ් හි සේවය කළ වෛද්‍යවරුන්ගෙන් එක් අයෙකු සුවිශේෂී විය. ඔහු නමින් අබූ බක්කර් මුහම්මද් ඉබ්නු සකරියියා අල් රාසි නම් විය. (ක්‍රි.ව. 865-925) බටහිර රටවල “රාසස්” යන නාමයෙන් හැඳින්වෙන අල්-රාසි, වෛද්‍ය ක්ෂේත්‍රයේ බොහෝ අංශ වලට මූලික දායකත්වය දුන් වෛද්‍යවරයෙක් ලෙසද විටෙක දාර්ශනිකයෙක් සහ රසායන විද්‍යාඥයෙක් ලෙසින් ඉතිහාසයේ පෙනී සිටියි. විශේෂයෙන් ඔහු වෛද්‍ය විද්‍යාවේ ළමා රෝග, ප්‍රසව හා අක්ෂි වෛද්‍ය ක්ෂේත්‍රවල පුරෝගාමියකු විය. ඔහුගේ වෛද්‍ය ක්‍රමයේ විශේෂ ලක්‍ෂණයක් වූයේ රසායනික ඔෟෂධ අධික ලෙස භාවිතා කිරීමෙන් ව

අහ්මද් ඉබ්නු තුලූන් රෝහල

Image
අහ්මද් ඉබ්නු තුලූන් රෝහල ඉස්ලාමීය ඉතිහාසයේ පැරණිතම රෝහල් පිළිබඳ අධ්‍යයනයේදී අපට දැකගත හැකි ලක්ෂණයක් නම් ඒවා ඉස්ලාමීය හමුදාවන්ට ප්‍රතිකාර කිරීමට සැකසු තාවකාලික ජංගම බෙහෙත් ශාලාවන් වීමයි. එය නබිතුමාගේ අවදියේ සිට පැවත එන සම්ප්‍රදායක් ලෙස පැවතිනි. පසු කාලීනව ඉස්ලාමීය කිලාෆත් පාලන අවධි වලදී ආරෝග්‍යශාලා සහ පුරාණ බෙහෙත් ක්‍රම පිළිබඳ ඓතිහාසික සිදුවීම් අධ්‍යයනයේදී සුවිශේෂී සිදුවීම් දැක ගත හැක. මේ එලෙස එවක අහ්මද් ඉබ්නු තුලූන් විසින් ඉදිකළ ආරෝග්‍යශාලාවක් පිළිබඳ පුවතකි. මෙම පැරණි රෝහල ක්‍රි.ව. 872 දී ඉදිකරන ලද්දකි. එය එවක අබ්බාසි කිලාෆතයට අයත්ව තිබූ ඊජිප්තුවේ ආණ්ඩුකාර අහ්මද් ඉබ්නු තුලූන් විසින් කයිරෝ නුවර ඉදි කළේය. මෙහි දුගී, ධනවත්, වැඩිහිටි හා කුඩා දරුවන් ඇතුළු සැමට භේදයකින් තොරව නොමිලේ ප්‍රතිකාර ලබා දෙන ලදී. මෙම රෝහලේ විශේෂත්වය නම් එලෙස නොමිලේ ප්‍රතිකාර කිරීම සිදු කළ එවක පලමු රෝහල මෙය වීමයි. තවද මානසික රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂ මනෝචිකිත්සක අංශයක් හා පුස්තකාලයක් ද මෙහි වෙන් කර තිබිණි. එවක මෙහි ප්‍රතිකාර අපේක්ෂාවෙන් පැමිණෙන රෝගීන්ගේ ඇඳුම් සහ වටිනා ද්‍රව්‍ය තමා ප්‍රතිකාර ලබා ආපසු යන විට රැ

ඉබ්නු හයිතම්

Image
කැමරාව යනු අද අපට නැතිවම බැරි උපාංගයක් බවට පත්ව හමාරය. එසේ ඔබ අප නිතර දෙවේලේ භාවිතා කරන කැමරාව නිපදවීමට පාදක වූ සිද්ධාන්තය නිර්මාණය වූයේ අදින් වසර දහසකට පමණ ප්‍රථම බව ඔබ දන්නවාද!  නමින් අබූ අලී අල් හසන් ඉබ්නු අල් හෙයිතම් නම් වූ ක්‍රි.ව. 965 දී උපත ලැබූ මෙතුමාව ඇතැම් විද්වතුන් විසින් ලොව ප්‍රථම විද්‍යාඥයා ලෙසින්ද සලකනු ලැබේ. ඔහු අප අද භාවිතා කරන ඩිජිටල් කැමරාවේ ආගමනයට උපකාරී වූ මුල්කාලීන අපැහැදිලි කැමරාව (camera obscura) සොයා ගත් විද්‍යාඥයා වේ.  12 වන හෝ 13 වන සියවස්වල යුරෝපීය පුනරුද අවදියේ වූ විද්වතුන් විසින් 'විද්‍යාත්මක ක්‍රමය' ස්වාධීනව සංවර්ධනය කරන බව මෑතක් වන තුරුම බටහිර ලෝකයේ බොහෝ දෙනා විශ්වාස කළහ. නමුත් අල්-හෙයිතම්, අල්-බීරූනි සහ ඉබ්නු සීනා වැනි අරාබිකරයේ විසූ මුස්ලිම් විද්‍යාඥයින් විසින් 11 වන සියවසේදී දෘෂ්ටි විද්‍යාව, ඛනිජ විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව ඇතුළු විවිධ අධ්‍යයන ක්ෂේත්‍රයන් සඳහා මෙම "විද්‍යාත්මක ක්‍රමය" නම් ප්‍රවේශය යොදා ගත් බව දැන් පිළිගනු ලැබේ. බටහිර ලෝකය අල් හසන් ලෙසින් හඳුන්වනු ලබන අල් හෙයිතම් නම් මොහු ලොව පළමු විද්‍යාඥයා ලෙස සලකනු ලබන්නේත් විද්‍යා

සූෆි කාව්‍ය විශාරද ජලාලුද්දීන් රූමි

Image
සංගීත නාදයන් අතුරින් කුමන නාදයන් අපට හරාම් (තහනම්) වේද?  දිනක් එලෙස ඇසූ කල ඔහු එයට මෙලෙස පිළිතුරු දෙමින්, "ඒ ධනවතුන්ගේ මේස මත ඇති භාජන හා හැඳි ගෑරුප්පු වල ගැටීම මගින්, කුසගින්නෙන් පෙළෙන දුගී දුප්පතුන්ගේ කනට ළඟා වන නාදයයි." ඒ සූෆි කාව්‍ය සම්ප්‍රදායේ සදා නොමැකෙන සලකුණ වූ ශ්‍රේෂ්ඨ රූමිගේ කාව්‍යමය සංකල්පනාවකින් එක් බිඳකි.  මව්ලානා ජලාලුද්දීන් රූමි යනු 13 වන සියවසේ විසූ පර්සියානු කාව්‍ය විශාරදයකි. තවද ඉස්ලාමීය ඉතිහාසයේ ආධ්‍යාත්මීය විද්වතෙකු ( සූෆි විද්වතෙකු ) ලෙසින් ද මෙතුමා ප්‍රසිද්ධය. ක්‍රි ව. 1207 සැප්තැම්බර් 30 වන දින බෝල්ක් නම් වර්තමාන ඇෆ්ගනිස්ථානයේ උපත ලද ජලාලුද්දීන් රූමි සූෆි ධර්මාචාර්යවරුන්ගේ පවුල් පරිසරයක හැදී වැඩුණි. ඔහුගේ පියා බහාදුද්දින් වලද් නම් සූෆි විද්වතෙකු මෙන්ම එවක විසූ නීතිවේදීයෙකු වන අතර මව මුමීනා කතුන් ය. ක්‍රි.ව 1215 සිට 1220 දක්වා කාලය තුළ මොන්ගෝලියානුවන් මධ්‍යම ආසියාව ආක්‍රමණය කරන විට රූමි සිය පවුලේ උදවිය ප්‍රමුඛ ගෝල බාලයින් කැටුව බෝල්ක් නුවරින් පිටව ගියහ. මොවුන් තවලම් උපයෝගී කරගෙන බැග්ඩෑඩ්, දමස්කස්, මලත්යා, අර්සින්කන්, සිවස්, කයිසෙරි සහ නිග්ඩේ ඇතුළු මුස්

ඔටෝමන් පාසැල් වල දැනුමට හිමි ස්ථානය

Image
ඔටෝමන් පාසැල් වල සිසුන් ඇගයීමට ලක් කෙරෙනුයේ ඔවුන් සතු විශේෂ හැකියාවන් පදනම් කරගෙන ය. එම නිසා එම පාසැල් වල විවිධ පාඨමාලා පැවැත්වෙන ලදි. මෙම පුවරුවේ සටහන් වී ඇති ආදර්ශ පාඨයේ අර්ථය වන්නේ "මෙහි කිසිදු මත්ස්‍යයෙකුට පියාසර කිරීමට බල නොකෙරේ. කිසිදු පක්ෂියෙකු ට පිහිනුම් කිරීමට බල නොකෙරේ" යන්නෙහි ය. #දැනුම

ඉබ්නු සීනා

Image
වෛද්‍ය ක්ෂේත්‍රය මෙතරම් නොදියුණු වූ ඈත අතීතයේ බටහිර දේශයේ ආවිසෙන්නා නමින් සුප්‍රසිද්ධ පර්සියානු අරාබි වෛද්‍ය විශාරද ඉබ්නු සීනා (980-1037) විසින් ඇතැම් රෝග ක්ෂුද්‍ර ජීවීන් මගින් පැතිරි ඇති බවට සැක පළ කල බව ඔබ දැන සිටියාද? එම රෝග මිනිසාගෙන් තවත් මිනිසෙකුට බෝ වීම වීම වැළැක්වීම සඳහා ඔහු දින 40 ක් මිනිසුන් හුදකලා කිරීමේ (Isolating) ක්‍රමවේදයක් ඉදිරිපත් කළේය. එවක ඔහු මෙම ක්‍රමය හැඳින්වූයේ "හතලිහ" නම් අරූත ගෙන දෙන "අල්-අර්බානියා" නම් අරාබි නාමයෙනි.  ඔහුගේ මෙම සාර්ථක ක්‍රමවේදය දැනගත් වැනීසියේ වෙළෙන්දන් මෙම දැනුම සමකාලීන ඉතාලියට ගෙන ගියහ. ඔවුන් එය හැඳින්වූයේ ඉතාලි භාෂාවෙන් "හතළිහ" යන අරුත ගෙනෙන "quarantina" යනුවෙනි. නූතනයේ "නිරෝධායනය" යන වචනය පැමිණෙන්නේ මෙලෙසිනි. ඒ අනුව වසංගතයන්ට එරෙහිව සටන් කිරීම සඳහා දැනට ලෝකයේ බොහෝ රටවල මෙම ක්‍රමවේදයන් අනුගමනය කරයි.  අල්ලාහ් ශුද්ධ වූ අල් කුර්ආනයෙහි මෙසේ පවසයි: “එක් මිනිස් ජීවිතයක් බේරාගන්නා කවුරුන්ද, එම සත් ක්‍රියාව ඔහු මුළු මිනිස් සංහතියම බේරා ගත්තා සේ සමානය” (5:32). අදටත් ඉබ්නු සීනා විසින් සොයා ගත් මෙම

ආචාර්ය එම්. ඒ. එම්. ෂුක්රි (Dr. M.A.M.Shukry)

Image
බේරුවල පිහිටා ඇති මුස්ලිම්වරුන්ගේ දැනුමේ මුදුන් මල් කඩක් සේ වූ ශ්‍රී ලංකා ජාමියා නලීමියා ආයතනයෙහි ගරු අධ්‍යක්ෂක ආචාර්ය එම්.ඒ.එම් ෂුක්රි මහතා අද (19/05/2020) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත. إنا لله وإنا إليه راجعون  (අප අල්ලාහ්ටම අයත් වන අතර අවසානයේ අප ඔහු වෙතම ආපසු ගමන් කරන්නෙමු..! ) 🤲 #ආචාර්ය_ෂුක්රි යනු ලාංකීය ඉස්ලාමීය අධ්‍යයනය ක්ෂේත්‍රයේ විද්වතෙකු මෙන්ම පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ චරිතයකි. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන අතරම එක්සත් රාජධානියේ පිහිටි එඩ්න්බර්ග් විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හා ආචාර්ය උපාධිය අවසන් කලහ. ඔහු එවක විසූ මුස්ලිම් සමාජයේ විශේෂ පිලිගැනීමකට ලක් වූ නලීම් හජියාර් හා එක්ව ලාංකීය මුස්ලිම් ප්‍රජාවගේ දැනුමේ කේන්ද්‍රස්ථානයක් වූ ජාමියා නලීමියා ආයතනය පිහිටුවීමට මෙන්ම එහි සංවර්ධන කටයුතුවලට ඉමහත් දායකත්වයක් ලබා දී ඇත. ඉතිහාසය පිළිබඳ පර්යේෂණයන් සඳහා පිහිටවූ ඉබ්න් බතූතා පදනමේ පලමු දේශකයා වූයේද මෙතුමන්ය. ඔහුගේ දේශන,ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය පිළිබඳ ලියැවුණු පර්යේෂණ ලිපි, ග්‍රන්ථ සහ ඔහුගේ පුළුල් චින්තනය මෙරට මුස්ලිම්වරුන්ගේ අනන්‍යතාව රැක ගැනීමෙහිලා වැ

නව සඳ දැකීම

Image
රමලාන්_සඳ මෝගල් පාලනය සමයේ ඉස්ලාමීය දින දර්ශනයටය අනුව නව සඳ දැකීම නිරූපණය කරමින් 18 වන සියවසේ පමණ ඇඳි විචිත්‍රවත් සිතුවමක්. මෙය වර්තමානයේ එංගලන්තයේ ඇශ්මෝලියන් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර ඇත. ඊද් මුබාරක් ..!