Posts

Showing posts from July, 2020

හජ් උත්සවය නොහොත් ඊද්-උල්-අදා උත්සවය

Image
හජ් උත්සවය නොහොත් ඊද්-උල්-අදා උත්සවය යනු කුමක්ද සහ එය සමරන්නේ කවදාද?  ලොව පුරා වෙසෙන මුස්ලිම්වරුන්ගේ ලුනාර් දින දර්ශනය නම් සුවිශේෂී ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ දුල් හිජ්ජා නම් මස 10 වන දිනට යෙදෙන ඊද් උල් අදා උත්සවය ලෝක වාසී ඉස්ලාමික ප්‍රජාව වාර්ෂිකව සමරයි. විටෙක කැප කිරීමේ උත්සවය ලෙසින් ද අර්ථ ගැන්වෙන මෙම හජ් උත්සවය, මෙවර බොහෝ ලෝවාසී මුස්ලිම්වරුන් විසින් විවිධ රටවල ජූලි 31 හෝ අගෝස්‌තු 1 වන දින සමරනු ලැබේ.  හජ් වන්දනාවේ අවසානය ශාරීරිකමය ශක්තිය හා මූල්‍යමය හැකියාවන් ඇති මුස්ලිම්වරුන් ඔවුන්ගේ ජීවිත කාලය තුළ එක් වරක් හෝ ඉටු කිරීමට බැඳී සිටින දින පහක වන්දනා ගමනක් වන හජ් වන්දනාවේ අවසානය, මෙම ඊද් උල් අදා උත්සවයෙන් සනිටුහන් කරයි. හජ් වන්දනා ගමන ස්වකීය ආත්මය පාපයන්ගෙන් පවිත්‍ර කරන අතරම ලෝක වාසී සියලු මනුෂ්‍යයිනගේ සමානාත්මතාවය සහ සහෝදරත්වය පිළිබඳ හැඟීම් ජනිත කරයි. ඒ සඳහා ලොව පුරා වෙසෙන මුස්ලිම් වන්දනාකරුවන් මිලියන 2.5 ක් පමණ වාර්ෂිකව සෞදි අරාබියාවේ පිහිටි මක්කා නුවර සහ මදීනා නගර කරා එක් රැස්වෙති. කෙසේ වෙතත්, මේ වසරේ සෞදි අරාබිය විසින් කොවිඩ් වයිරස් වසංගතය හේතුවෙන් ඉතා සරල මෙන්ම දැඩි සෞඛ්‍යය නී

කුරුණෑගල රජ කළ මුස්ලිම් රජ ගලේ බණ්ඩාර නොහොත් වත්හිමි රාජා.

Image
ඉතිහාසය යනු අනාගතයේ යතුරයි. එය මානව වංශ කතාවේ වර්තමාන ස්ථාවරය මැනවින් පැහැදිලි කරයි. ඒ ආකාරයට සහශ්‍රකයක වූ ජන වාර්ගික සහජීවනය මැනවින් විදහාපාන සිදුවීමක් ලෙස එවක කුරුණෑගල රාජධානිය පාදක කොට ගත් අතීත සිදුවීමක් මෙලෙස ඔබ හට ගෙනහැර පාන්නෙමු. අප දන්නා ලංකා ඉතිහාසය තුල බිහි වූ සිංහල රාජධානි තුල රජ කල සිංහල රජ දරුවන් විටෙක තම අග මෙහෙසියන් දකුණු ඉන්දියාවේ සිට සිය රාජධානිය කරා ගෙනවිත් සරණ පා ගත් කතාන්දර අප ඕනෑ තරම් අසා ඇත. නමුත් ඉතිහාසයේ එක්තරා දිනයක වූ සිංහල රජ දරුවකු හා මුස්ලිම් මෙහෙසියකගේ සරණ පාවා ගැනීමක් ගැන නම් අප අසා නැති තරම්ය. අසා ඇතත් ඒ නම් කලාතුරකිනි. ඇතැම් ඓතිහාසික මූලාශ්‍ර ඒ කාරණයේදී නිහඬ පිළිවෙතක් අනුගමනය කර ඇති නිසාම එය එසේ වන්නට ඇතැයි අප සිතමු. කෙසේ නමුත් සෙරන්ඩිබ් දේශයේ සිංහල රජ දරුවන් පිළිබඳ සටහනක් තබමින් මොරොක්කෝ දේශයේ සිට පැමිණි සංචාරකයෙකු වූ ඉබ්න් බතූතා තම දේශාටන වාර්තාවක සටහන් කරන්නේ කුරුණෑගල රාජධානියේ වූ සිංහල-මුස්ලිම් වාර්ගිකයන් අතර වූ අපූරු සහසම්බන්දිත ඓතිහාසික වෘතාන්තයකි. එනම් එවක රජ කළ දෙවන බුවනෙකබාහු රජ සිය මෙහෙසිය ලෙස කුරුණෑගල අස්වැද්දුම නම් වූ ගම්මානයේ විසූ මැදගෙඩිය

ආන්දෝලනාත්මක කාරණයකට තුඩු දුන් ඉස්ලාමීය බැංකු කරණය ගැන බිඳක්..

Image
මොකක්ද මේ ඉස්ලාමීය බැංකුව? මුස්ලිම්වරුන් යනු වෙළෙඳ ක්ෂේත්‍රයේ එදා මෙදා තුර සිට සමීපව කටයුතු කරන ප්‍රජාවක්. වෙළඳාම කියන දේ ඒ උදවියගේ රුධිරය සමග මිශ්‍ර උන දෙයක් හා සමානව වෙළඳාම කෙරෙහි ඔවුන්ට තිබෙන්නේ නොබිඳෙන සුලු සමීප සබදතාවයකි. එයට හේතු වන තවත් කාරණයක් තිබේ. එඒ මන්ද යත් ඉස්ලාමීය දහම තුල මුස්ලිම්වරුන්ට පොලිය තහනම් කොට ඒ වෙනුවට වෙළහෙලඳාම් කොට ලාභ ලැබීම අනුමත කොට තිබීමයි. එයට හේතු ලෙස ඒ දහමේ සඳහන් වෙන්නේ පොලිය යනු අසාධාරණ ඉපැයීමක් බවත් එයින් මානව සමාජය තුල අසාමාන්‍ය ආර්ථික ධන වර්ධනයන් ඇති කරමින් සමාජය පංති වලට බෙදීමට එය මූලිකවම බලපාන බවයි. නූතන ආර්ථික රටාවන් දෙස බලනකළ පොලිය යන සාධකය ආර්ථික රටාවන්ට සිදුකර ඇති බලපෑම ඔබට හොඳින් දැක බලා ගත හැකිය. ඒ නිසාම මුස්ලිම්වරුන්ට පොලිය තහනම් කොට එහි නිරතවන්නාව අතිශය පිලිකුලට ලක් කර ඇත. ගතවූ දශක ගණනාවක සිට ලෝක වෙළෙඳ පොළේ සීග්‍ර ලෙස වෙනස් වීම් වලට ලක් විය.  තාක්ශණයේ දියුණුවත් සමගම ලෝක වෙළෙඳපොලෙහි සිදු වන නවීන වෙනස්‌කම් වලට සරිලන සේ හැඩ ගැසීමට මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන රාජ්‍යයන්ට ද සිදු විය. එහිදී ඔවුන්ට ලාභය ලෙස පොලිය මූලික කරගත් බැංකු සමග නිරන්තරයෙන් ග

'අදාන්' නම් කැඳවුම හා වර්තමානය

Image
අල්ලාහු අක්බර්.. අල්ලාහු අක්බර්....// අෂ්හදු අන්ලාඉලාහ ඉල්ලල්ලාහ්... // ඔබ මුස්ලිම් මස්ජිදයක් අසල වාසය කරන්නෙකු නම් ඔබට මෙම අරාබි වදනින් යුතු කැඳවුම දිනකට පස් වතාවක් ඇසෙනවා යනු නොඅනුමානයි. බොහෝ විට මෙම හඬ මුස්ලිමෙකු නොවන ඔබට කරදරයක් මෙන් හැඟෙනු ඇත. ඇතැම් විටෙක මෙය ඔබගේ දින චරියාව ගත කිරීමෙහිලා විටෙක එලාම් ඔරලෝසුවක් මෙන් උපකාරී වූ අවස්ථාවක් ද වී තිබිය හැක. ඒ කෙසේ නමුත් කෙදිනක හෝ මෙලෙස අරාබි වදනින් හඬ නැගෙනා මෙම කැඳවුමේ අරුත සහ අරමුණ කුමක්දැයි ඔබ සොයා බැලුවේද?  අදාන් යන අරාබි වචනය ශක්තිය, නැමඳුම සඳහා කැඳවුම යන සිංහල අරුත ගෙන දෙයි. මුස්ලිම්වරුන් සර්ව බලධාරී අල්ලාහ් උදෙසා සිදු කරන දෛනික පස් වේල් නැමදුම (සලාතය) මස්ජිදයක් තුල සාමූහික වශයෙන් රැස් වී ඉටු කිරීම සඳහා නායක මුහම්මද් නබි තුමාණන් විසින් මෙම ජනතා කැඳවුම අනුමත කොට ආරම්භ කරන ලදී. මෙහි ඉතිහාසය නම් එවක මදීනා ඉස්ලාමීය ජනරජයේ නායක මුහම්මද් නබි තුමාණන් සාමූහික වශයෙන් රැස් වී අල්ලාහ් උදෙසා නැමදුම් (සලාතය) ඉටු කිරීම සඳහා ජනතාවට ඇරයුම් කළ යුත්තේ කෙසේදැයි තම සගයන් සමග කළ සාකච්ඡාවකදී පසුකාලීන ඉස්ලාමීය ජනරජයේ දෙවැනි කලීෆා වරයා වූ උමර් ඉබ්නු හත්