Posts

Showing posts from November, 2020

කාමිල්ට අහිමි වූ ජුම්මා දිනය.

Image
  කාමිල් යනු යහපත් අයෙකි. සමාජයේ කිසිදු නරක නාමයක් නොලද පුද්ගලයෙකි. ආගමික වතාවත් වලදීද ඔහු සාමාන්‍ය උනන්දුවක් ඇත්තෙකු වූ නමුත් ඕනෑම අයෙකු තුල අඩුපාඩුවක් තිබෙන්නා සේම කාමිල් තුලද යම් අඩුපාඩුවක් විය. එනම් ඉටු කිරීමට නියමිත වූ ආගමික වතාවත් නියමිත කාල පරාසයේ ඉටු නොකර අවසාන මොහොත දක්වා ප්‍රමාද කරමින් එය ඉටු කිරීමට ඔහු පුරුදු වී සිටීමයි.  යාඥාවන් අතුරින් ඉතාමත් ශ්‍රේෂ්ඨ වූ යාඥාව කුමක් දැයි මුහම්මද් නබි (සල්) තුමාණන්ගෙන් විමසනු ලැබූ විට "සලාතය නියමිත වේලාවට ඉටු කිරීම" යැයි එතුමන් පිළිතුරු දුන්හ. (මූලාශ්‍රය: මුස්ලිම්) නියමිත වේලාවට නැමදුම් කටයුතු වල නිරත වන ලෙස ඉස්ලාම් දහම එලෙස අවධාරණය කරත් කාමිල්ට ඒ පිළිබඳ වැඩි අවධානයක් නොවීය. මේ ආකාරයට කිසිදු වැඩ රාජකාරියක් නොතිබුනත් ඔහු සෑම සතියකම සිකුරාදා දින පවත්වන ජුම්මා දේශනය ප්‍රමුඛ සලාතයට ප්‍රමාද වී සහභාගී වීම ඔහු පුරුද්දක් කරගෙන සිටියහ. "විශ්වාස කළ අයවලුනී! සිකුරාදා දින සලාතය සඳහා නුඹලා කැඳවනු ලැබූ කල්හි අල්ලාහ් සිහි කිරීමෙහිලා නුඹලා ඉක්මන් වන්න. වෙළඳාම අත් හැර දමා අල්ලාහ් සිහි කිරීමෙහිලා ඉක්මන් කර ගමන් කරන්න." (අල් කුර්ආනය 9:62)