Posts

Showing posts from June, 2020

ආ මග ආපස්සට අප හැරෙනවද?

Image
ශිෂ්ඨත්වය නම් ගමන් මගෙහි පියවරෙන් පියවර පා තබමින් ඉදිරියට පැමිණි මිනිසා පෘථිවියේ ජීවත් වන බුද්ධිමත් ම සත්ව කොට්ඨාශය බවට පත් විය. ආදිතම යුගයේ කුල ගෝත්‍ර ආදී කණ්ඩායම් වලට බෙදී සිටි මිනිසා තම ඇදහීම් හා විශ්වාසයන් විනා තවත් එක් ඇදහීමකට හෝ විශ්වාසයකට එකඟත්වය පළ කිරීමට මැලි වීය. ඒ නිසාම මේ මිහිතලයේ දරුණු ගැටුම් හා කල කෝලාහල ඇතිවී භූමිය ලෙයින් තෙත් වූ අවස්ථා එමටය. මෙකී වාර්ගිකයන් අතර වූ එකිනෙකාගේ විශ්වාසයන් පිලිනොගැනීම යන කාරණා මත මේ පොලවට අහිමි වූ ජීවිත ගණන ගනන් කිරීමට නොහැකි තරම් විය. මන්ද පොලෝ තලයේ ඇති වූ ගැටුම් අතරින් වැඩිමනක් ඒවා එකිනෙකාගේ විවිධත්වය නොපිළිගැනීමෙහිලා උද්ගත වූ ගැටුම් වූ නිසාවේ.  මේ අතරම කාලය කෙමෙන් ගත වන විට භූමිය මත ඇති වූ ලෝක යුද්ධ හා මහා ජන සංහාර වල අවසානයන් සනිටුහන් කරමින් මිනිසුන් සම්මුති වලට එලඹීමට පටන් ගත්හ. එය මානව පැවැත්ම තහවුරු කිරීමෙහිලා වැදගත් විය. ඒවාහි ප්‍රතිඵලයන් ලෙස කණ්ඩායම්, ගෝත්‍ර හා රටවල් වලට සීමා වී සිටි මිනිසුන් දසත සංක්‍රමණය වී බහුවිධ සමාජක්‍රම ඇති විය. එකී බහුවිධ සමාජ වල බහු ජාතිකයන්ගේ පැවැත්ම උදෙසා තව තවතවත් සම්මුති වලට එලෙඹෙමින් මිනිසා ශිෂඨත්වය නම

මැලේ හා යෝනක බෙදුම

Image
ඉස්ලාම් යනු ශාන්තියයි, ඉස්ලාම් යනු සමාදානයයි. සර්ව බලධාරී අල්ලාහ් විසින් ශුද්ධ වූ අල් කුර්ආනයෙහි ඉස්ලාමීය මාර්ගය යන්න "කෆ්ෆතුන් ලින්නාස්, හුදන් ලින්නාස්" යන සියලු ජන වර්ගයා සඳහා වූ යහමාර්ගය යන සිංහල අරුතින් සකල ලෝකවාසී ජනතාවටම එක හා සමානව අමතයි. මුහම්මද් නබි නායක තුමාණන්ගේ දර්ශනය අනුව එහි මුඛ්‍ය පරමාර්ථය පිවිතුරු ඉස්ලාමය තුල කලු සුදු, අරාබි හා අරාබි නොවන, වහල් හා නිදහස්, දුගී හා පෝසත් යනුවෙන් කිසිදු බෙදීමක් නොපවතින බවයි. "කලු ජාතිකයෙකුට වඩා සුදු ජාතිකයෙකුවත් සුදු ජාතිකයෙකුට වඩා කලු ජාතිකයෙකුවත් උසස් නොවේ" යනුවෙන් නායක මුහම්මද් නබි තුමාණන් පැවසූවේ එනිසාමය. පුලුල් වපසරියක පැතිර ගිය වර්ග වාදයකින් ගිනිගෙන දැවෙමින් තිබුන අරාබි සමාජයක ඉස්ලාමයේ ඉහත කී ඉගැන්වීම යථාර්ථයක් බවට පෙරමින් නායක මුහම්මද් නබි තුමාණන් විසින් වහලෙකු වූ කලු ජාතික බිලාල් රලියල්ලාහු අන්හූ තුමාව ශුද්ධ වූ මක්කාවේ ක:බා දේවස්ථානයේ සලාතය කැඳවීම සඳහා යොමු කරවීම එවක සමාජයට හැරවුම් ලක්ෂයක් විය. වර්තමානයේ එය සුළුවෙන් තැකුවත් එවැනි වකවානුවක එය විශිෂ්ඨවත් වූ සමාජ පෙරලියක් විය. ඒ ආකාරයටම ඉස්ලාමයේ පණිවිඩය අරාබි ද්වීප

අප සර්ව සම්පූර්ණ ද?

Image
මිනිසා යනු නිතරම අන් අය සමග තමාව සසඳමින් ජීවත් වන පුද්ගලයෙකි. ඒ අතුරින් ඇතැම් උදවිය අන් අයගේ ජීවිතය දෙස බලමින් තම අඩුපාඩු සකසා ගනිමින් තම දිවිය අර්ථවත් කර ගනියි. ඒ අතරම ඇතැමෙක් අන් අයගේ ජීවිත වල ඇති අඩුපාඩු දෙස බලා තමා තුල ඒවා නැතැයි සිතමින් පුහු ආඩම්බරයක් ලබයි. නමුත් අද මේ පැවසීමට සැරසෙන කාරණය නම් ඊට වඩා වෙනස් කතාවක්. ඒ ඇත්තටම අප සර්ව සම්පූර්ණ ද යන්න පිළිබඳවයි. උපතින්ම වූ ආබාධ හේතුකොට මිහිමත උපදින අපේම මිනිසුන් කොට්ඨාසයක් සමාජයේ ජීවත් වෙයි. අංගවිකල උදවිය, මන්ද බුද්ධියකින්, විකෘතිමය හා ලිංගිකත්වය මත විෂමතා ඇති මිනිසුන් ලෙස විවිධාකාරී නම් වලින් සමාජය ඔවුන්ව ආමන්ත්‍රණය කරයි. ඒ අතරම ඔවුන් අතරින් ඇතැම් ආබාධිතයන් තමන්ට ලැබී ඇති බුද්ධිය අනුව තමන් ආබාධිතයෙකු බව වටහා ගනියි. නමුත් අවාසනාවකට කොටසකට එම අවබෝධයද නොලැබුන ජීවිතයක් ලැබී ඇත. එම ආබාධිතත්වය මතම ඇතැමුන් මෙම කොට්ඨාසය සමාජයෙන් වෙන් කර කොණ් කරමින් කතා කරයි, ඔවුන් දෙස වපර ඇසින් ද බැලීමට පසුබට නොවේ. නමුත් එලෙස කතා කරන වාරයක් පාසා තමන් සර්ව සම්පූර්ණ යැයි ඔවුන් සිතන වාරද අනන්තය. නමුත් යථාර්ථය එයද? ඔබ ඔබේම හෘද සාක්ෂියට තට්ටු කරමින් ඒ පිළිබඳ ස්වං

මරණින් මතු දේහය නැවත පරිසරය හා මුසු වීම හා සබැඳි නව සොයාගැනීමක් සමග එය ඉස්ලාමීය අවමංගල්‍ය චාරිත්‍ර වල ඇසින්

Image
මරණින් පසු මෘතදේහය නැවත පරිසරය හා මුසු කිරීම පිළිබඳ නව සොයාගැනීමක් සමග එම ක්‍රියාදාමයේ අරමුණ ඉස්ලාමීය අවමංගල්‍ය චාරිත්‍ර වල ඇසින් මෙම අලුත් සොයා ගැනීම ඔබේ ශරීරය මරණයෙන් පසු දැවැන්ත වෘක්ශයක් බවට පත් කරනු ලබයි..මෙ සම්පූර්ණයෙන්ම කාබනික වන අතර පරිසර හිතකාමී අයුරින් සකසා ඇත. නූතන මිනී පෙට්ටි මගින් පසට සහ භූගත ජලයට එකතු වන විශ රසායනික සහ දිරාපත් නොවන ලෝහ කොටස් මගින් පස සහ ජලය දූශනය කලද මෙම වියූහය මගින් එවැන්නක් සිදු නොවේ. මෙය සැකසීම සඳහා කපු රෙදි ආදී සම්පූර්ණ කාබනික අමුද්රව්ය යොදා ගන්නා අතර මෙම වියුහයට ශරීරය දමා වැලලිමෙන් පසු ඊට උඩින් වන ශාකය රෝපනය කරනු ලබයි.මෙය වනාන්තරක උවද කල හැකි අයුරින් මෙම නිශ්පාදකයින් නිපදවා ඇත..ශරීරය ස්භාවික ජීර්ණයේදී පසට එකතු වන පෝශක ක්රමයෙන් ශාකයට උරාගෙන ශාකය වර්ධනය වීමට සැලැස්වීම මෙහි යාන්ත්රණයයි...ශාකයේ මූලික අවධියේදී වර්ධනය වීමට අවශ්ය පෝශක යහමින් ලැබෙන නිසා ශාකය නිසි අයුරින් වර්ධනය වේ..කෙසේ නමුත් හරිත සංස්කෘතියකට ආදරය කරනා මිනිසුන් විසින් මෙය වැලදගනීවි යැයි මෙහි නිර්මාපකයන්ගේ අදහසයි.. මුහම්මද් නබිතුමාගේ අවදියේ විශේෂ අවස්ථාවන් දෙකකදී සොහොන් මත ඔලිව් ගස් සිටුවා ඇති

රුක් රෝපණයේ වැදගත්කම ඉස්ලාමීය දෘෂ්ටිකෝණයෙන්

Image
ඉස්ලාමීය චින්තනය අනුව මිනිසා යනු පරිසරයේ භාරකරුවකු ද වේ. ඉබාදත්, ඉමාරත් හා කිලාෆත් නම් මුස්ලිම්වරයාගේ මූලික වගකීම් අතුරින් ඉමාරත් නම් වගකීම ඉහත කී භාරකාර වගකීම පිළිබඳ සඳහන් කිරීමකි. ඉමාරත් යන අරාබි යෙදුම 'සශ්‍රීක කිරීම' යන සිංහල අරුත ගෙන දෙයි. ඒ අතරම රුක් ගොමු වල රමණීයත්වය ගැන සඳහන් කිරීමේදී මුස්ලිම්වරුන්ගේ උතුම් ග්‍රන්ථය වන ශුද්ධ වූ අල් කුර්ආනයෙහි ස්වර්ගයේ ඇති සශ්‍රීක උද්‍යාන සහ ගස් වර්ග පිළිබඳව මනරම් අයුරින් වර්ණනා කරමින් ඡේද රාශියක් සඳහන්ව ඇත, තවද මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ ඉගැන්වීම් වල රුක් රෝපණයේ වටිනාකම මෙලොවදී පමණක් නොව පරලොවදී ද මහත් ආනිසංස ගෙන දෙන බව ඉස්මතු කරයි. ඒ අනුව ඉස්ලාම් දහම ජීවිතයේ සියලූම ක්ෂේත්‍රයන් උදෙසා කර ඇති අනුසාසනාවන් අතර රුක් රෝපණයේ වැදගත්කම ද විස්තර කර ඇත. මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ පහත ප්‍රකාශ රුක් රෝපණය පිළිබඳව මැනවින් විස්තර කරයි. 1. රුක් රෝපණය පුණ්‍ය කටයුත්තක් (සදකාවක්) ලෙස සලකනු ලැබන අතරම රෝපණය කළ එම ගසෙන් ප්‍රතිලාභ ලබන්නන් සියලු දෙනාගේ ආශිර්වාදය රෝපණය කරන්නා වෙත ලඟා වේ.  අල්ලාහ්ගේ දූතයාණන් වන මුහම්මද් (ﷺ) තුමන් මෙසේ පවසයි. “මුස්ලිම්වරුන් අතරි

විවිධත්වය ඉස්ලාමීය ඇසින්

Image
ලොව එක සමාන වූ ගල් කැට දෙකක් හෝ නොමැත. ශ්‍රේෂ්ඨ දාර්ශනික කියමක් යථාර්තයකට පෙරලමින් විද්‍යාවද සනාථ කරනුයේ ඇඟිලි තුඩුවල ඇති සලකුණු වල සිට සීබ්‍රාගේ සමෙහි ඇඳී ඇති රටා තුල පවා එකිනෙකට එකක් වෙනස් වු විවිධත්වයක් පවතින බවයි. අප සමාජය ගත් කලද එම විවිධත්වය එලෙසමයි. අප හිතන පතන ආකාරය හා අප ගති ගුණාංග එකිනෙකට වෙනස් වේ. අප ජීවත්වන ප්‍රදේශය අනුව ද අපටම උරුම වූ අන් අයගෙන් වෙනස් වූ ඇතැම් සිරිත් විරිත් ඕනෑ තරම් අපට දැක ගත හැක. ඒ අනුව අපට පෙනී යන්නේ විවිධත්වය යනු මේ විශ්වයේ සතර දික්භාගයටම පොදු වූ එක් ලක්ෂණයක් බවයි. විවිධත්වය යන ලාක්ෂණය සියල්ලෙහිම අන්තර්ගත වී තිබුනද මානවයාගේ සිත සෑම විටම බලාපොරොත්තු වනුයේ තමන් කැමති දෙයට අන් අයද කැමති විය යුතුයි යන්නටයි. එය මනසේ ස්වභාවයයි. නමුත් මොහොතක් ගෙන අප මේ සියල්ලක්ම අප පතන අයුරින් එකම ආකාරයකට පත් කළ හැකිදැයි කල්පනා කලහොත් එය සිදු කිරීමට මහත් වෙහෙසක් ගත යුතු යැයි හැඟෙනු ඇත. මන්ද එකිනෙකා තම ස්වභාවය සමග බැඳී සිටිනුයේ ඉතා තද බන්ධනයකිනි. එම බන්ධනය බිඳීමට වෙර දැරීම ඇතැම් විටෙක සාර්ථක වූ අවස්ථා ඉතිහාසයේ ගෙන බැලුවහොත් ඉන් පසු එයට අත් වූ බිහිසුණු ඉරණම් කතා අප මිහිතලයේ ඕනෑ

කාමන් කූත්තු නර්තනය

Image
කාමන් කූත්තු අතීතයේ ශ්‍රී ලංකාව යටත් කර ගෙන සිටි ඉංග්‍රීසි ජාතිකයන් කඳුකරය ආශ්‍රිතව කළ වතු වගාවන් අතරින් තේ වගාව ඉතා ප්‍රචලිතය. ඔවුන් ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මෙම වතු වගා ආරම්භ කරන ලද නමුත් ස්වදේශික ජනතාව අතරින් කිසිවෙකු මෙම කර්මාන්තය ආශ්‍රිත සේවයෙහි නිරත වීමට ඉදිරිපත් නොවීම ඔවුන්ට පැන නැගුණු විශාල බාධාවක් විය. ඒ නිසාම දමිළ වතු කම්කරුවන් ඉන්දියාවෙන් රැගෙන ඒමට ඔවුන් කටයුතු කලහ. එලෙස ලංකාවට ගෙන ආ වතු කම්කරු ප්‍රජාව අතර එවක ඉන්දීය ග්‍රාමීය දමිළ ජන කලාවන් ප්‍රගුණ කළ ගායකයින් සහ රංගන ශිල්පීන් වැනි අයද විය. එසේ පැමිණි දමිළ ප්‍රජාව කඳුකරයේ වතු ආශ්‍රිතව සේවය කරන අතර තුරම තම මුතුන් මිත්තන්ගේ උරුමයෙන් ලද දකුණු ඉන්දියානු ගායනා හා නර්ථන කලාවන් රැක ගත්හ. ඔවුන් ඒවා තමා ජීවත් වූ වතු ජනපද ආශ්‍රිතව ව්‍යාප්ත කිරීමද සිදු කළහ. කාමන් කූත්තු යනු එවැනි ශ්‍රී ලාංකික කඳුරක දමිළ ජනයා අතර ප්‍රසිද්ධ නර්තන කලාවකි. කාමන්ගේ ඉතිහාසය ඉතා පැරණි ය. වතුකර ජනතාව අතර පැවතෙන ජනප්‍රවාද වලට අනුව කාමන්ට නමස්කාර කිරීමේ සම්ප්‍රදාය කාමන් කූත්තු නැටීම ලෙස හැඳින්වේ. සෑම වසරකම හින්දු දින දර්ශනයේ මාසි මස එනම් පෙබරවාරි මස පොහොය දින