Posts

Showing posts from December, 2020

සිය 1100 වන වර්ෂ පූර්ණය සපුරන ශ්‍රී ලංකාවේ ප්‍රථම මුස්ලිම් මස්ජිදය

Image
  සිය 1100 වන වර්ෂ පූර්ණය සපුරන ශ්‍රී ලංකාවේ ප්‍රථම මුස්ලිම් මස්ජිදය ලෙස සැලකෙන අබ්රාර් මස්ජිදය පිහිටා ඇත්තේ බේරුවල මරදාන නම් ස්ථානයේය.  ශ්‍රී ලංකාවේ නිරිතදිග වෙරළ තීරයේ පිහිටා ඇති සුන්දර බේරුවල ප්‍රදේශය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකි. එනම්, අට වන සියවසේ මුස්ලිම් ව්‍යාපාරිකයන් සමූහයකගේ සිය ප්‍රථම ආගමන සිදු වූයේ මෙම ප්‍රදේශයට බැවිනි. එසේ ශ්‍රී ලංකාවේ ස්ථාපිත පළමු මුස්ලිම් මස්ජිදය ලෙස සැලකෙන අබ්රාර් මස්ජිදය එකල අරාබි වෙළඳුන් විසින් ඉදිකර ලද්දකි. අරාබිවරුන් බේරුවල සංචාරය කර ජීවත් වූ බවට මස්ජිද් උල් අබ්රාර් පල්ලිය කදිම සාක්ෂි ගොන්නක් ගෙනහැරපායි.  අද වන විට මෙම මස්ජිදුල් අබ්රාර් මස්ජිදය අදියර තුනකින් ප්‍රතිසංස්කරණය කර ඇති අතර එය බේරුවල මරදාන ප්‍රදේශ⁣යේ තේජාන්විතව බව ඉස්මතු කරයි. ✍️ මොහොමඩ් මිනාස් ඉස්ලාමීය අධ්‍යයනය සහ අරාබි භාෂා පීඨය ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය

තහ්තීබ් සටන් කලාව

Image
  තාක්ෂණයේ දියුණුව පැතිරී නොගිය කේෂ්ත්‍රයක් අද ලෝකයේ සොයා ගත නොහැකි තරම්ය. ඒ ආකාරයට සටන් කලාව තුලටද තාක්ෂණයේ ආගමන සිදුවීම තුළින් නූතන අවධිය ගත් කල හුදු ශරීරය ආශ්‍රිතව සිදු කරන සටන් ක්‍රම වලට වඩා ආයුධ මත පදනම් වූ සටන් කලාවන් ප්‍රමුඛත්වයක් ගනී. මේ ආකාරයට පුරාණ අවධියේ ලොව පුරා ප්‍රචලිත සටන් කලාවන් අතුරින් මැදපෙරදිග කලාපයට ආවේණික වූ සටන් කලාවක් වේ නම් ඒ "තහ්තීබ්" සටන් කලාවයි.  එවක ඊජිප්තුවෙන් ආරම්භ වූ බවට විශ්වාස කෙරෙන තහ්තීබ් නම් සටන් කලාව පුරාණ අරාබිකරයේ ප්‍රසිද්ධ සටන් කලාවක් වුවද අද වන විට එය තහ්තීබ් සටන් ආකෘතියකට නිර්මාණය වූ ජන නැටුමකට සීමා වී ඇත. ආරම්භක අවධියේ සැරයටියක් උපයෝගී කරගෙන වේගවත් ප්‍රහාර වලින් සමන්විත වී ඇති මෙම සටන් කලාව එවක යුධ පුහුණු වල ප්‍රධාන අංගයක් ලෙස පැවතී ඇත.   වත්මන් අවධියේ දක්නට ලැබෙන මෙම තහ්තීබ් නැටුම්වල එකී සටන් පුහුණු අංග කිහිපයක් දැක ගත හැකිය. නමුත් එහිදී කඩුව වඩාත් සුලභ ආයුධයක් ලෙස යොදාගෙන තිබීමට හේතු වී ඇතැයි සැලකෙනුයේ කඩුව යනු අරාබි දේශයන් වලට ආවේණික වූ සංස්කෘතික අංගයක් ව තිබූ බැවිනි. මීට අමතරව සාම්ප්‍රදායික අරාබි ලෝකයේ දුනු ශිල්පය සහ අශ්වාරෝහක කල