Posts

Showing posts from February, 2021

යේමනයේ අනාගතය

Image
  ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් යේමනය පිළිබඳ දැක්වූ අදහස් දෙස අවධානය යොමු කල විට පෙනී යන්නේ සෞදි අරාබියට තමාගේම වූ දේශීය ආරක්ෂක යාන්ත්‍රණයක් නොමැති බවත් මෙතෙක් කල් ඔවුන් භාවිත කළ ආරක්ෂක යාන්ත්‍රණයෙහිලා එක්සත් ජනපදය මත ඔවුන් විශාල වශයෙන් යැපී ඇති බවත්ය. මන්දයත් මෙතෙක් කල් යේමනයට එල්ල කළ ප්‍රහාර දෙස බලන විට හුදෙක් එම ප්‍රහාර එක්සත් ජනපදයේ සම්පූර්ණ සහයෝගය මත රඳා පැවති බවත් එතුලින් යේමන ජනතාව මත හෙලූ බෝම්බ ප්‍රහාර වලට ඇමරිකානු සහය සෑහෙන වශයෙන් යොදා ගත් බවත් පෙනී යයි. කෙසේ වෙතත් පවතින දේශපාලනික තත්වයන් හමුවේ ඉදිරියේදී සෞදි අරාබිය විසින් යේමනය වෙත එල්ල කළ යුධමය පීඩනය යම් තාක් දුරකට අඩු වනු ඇතැයි අනුමාන කළ හැකිය. ඒ නිසාම හෞතිවරුන් විසින් දීර්ඝ කාලයක සිට එල්ල කළ ප්‍රතිප්‍රහාර මාලාවද අඩු විය හැකි බැවින් කලාපයේ සාමය යලි යලිත් තහවුරු වනු ඇති බව අනුමාන කළ හැකිය. " මැදපෙරදිග කලාපයේ දේශපාලන අරගලයෙහි ප්‍රාණ ඇපකරුවන් බවට පත් වූ යේමන් ජනයාට නිදහසේ හුස්ම ගැනීමට කාලයක් උදා වේවා යැයි පතමු."

සැඟවුණු ඉතිහාසය

Image
 මහාචාර්ය ඊනියාර්ගේ විග්‍රහයට අනුව ඉතිහාසය යනු "සමාජ ක්‍රම වල මතක සටහනකි". එකී ඉතිහාසය වැළලීම යනු එම සමාජක්‍රමයයේ මතක සටහන් සමාජය තුලින් අතුගා දැමීමකි. තවත් වසර 10 සපිරුන පසු වසර 100 ක් සම්පුර්ණ වූ පුරාවස්තුවක් බවට පත්විමට නියමිතව තිබු මාලිගාවත්ත මුස්ලිම් සුසාන භුමියේ තිබු යේමන් ජාතික සෙය්යද් අහමිද් ඉබ්නු අස් සෙය්යද් අබ්බාස් බා අලවි නම් අයෙකු මිහිදන් කොට ඔහු සිහි කිරීමට එවක තැනූ සොහොන් කොතක් යම් කිසි කණ්ඩායමක් විසින් ඉවත්කර ඇති බව ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව සඳහන් කර සිටියි. මිහිදන් කළ අයෙකු සිහි වනු පිණිස සොහොන් කොත් තැනීම පිළිබඳව මතවාදයක් ඉස්ලාමීය සමාජය තුල තිබෙන බව සැබෑය. නමුත් ශ්‍රී ලාංකීය මුස්ලිම්වරයාගේ උරුමයන් පිළිබඳ කියැවෙන මේ ආකාරයේ වු පැරණි නටඹුන් විනාශ කිරීම අනුමත කළ නොහැක. එය අපගේම දෑත් වලින් අපගේම ඉතිහාසය කටුගා දැමීමකි.

ඒකාධිපතිත්වය

Image
  ලොව කුමන දිග් භාගයේ වුවද බලයේ සිටින්නාවූ ෆැසිස්ට්වාදී පාලකයන් මේ පින්තූරයේ අර්ථය තේරුම් ගන්නා දිනක් පැමිණෙනවා නියතයි. එය ලෝකයටම පොදු ධර්මතාවයකි.  දේශපාලනය යනු සමාජ භාවිතයකි. එහි මූලික අර්ථ දෙකකි. ඉන් පලමු වැන්න දේශපාලනය පුරවැසි ක්‍රියාකාරිත්වයේ අංගයක් සහ පුරවැසියන්ද සමාජ මට්ටමෙන් දේශපාලන භාවිතයේ යෙදෙති යන්නයි. දෙවැන්න නම් සමාජය තුල සිදුවන පුද්ගල ක්‍රියාකාරීත්වයේ සහ පුද්ගල සම්බන්ධතා අතර ද අන්තර් පුද්ගල භාවිතයක් හැටියට දේශපාලනය පවතින්නේය යන්නයි. පාලකයා විසින් පුරවැසියාව දේශපාලනයෙන් වෙන් කිරීමට අදහස් කිරීම පවා ගඟට ඉනි කැපීමක් වැනි ක්‍රියාවලියකි. පාලකයාට යම් තාක් දුරකට මිනිසාව ඇන්දවීම කළ හැකිය. නමුත් සෑම කල්හිම තම සිතැඟි පරිදි මිනිසාව ගොනාට ඇන්දවිය නොහැකිය. මන්ද යත් රෑ වැටුණු වලට දවාලෙත් වැටීමට තරම් පුරවැසියන් මෝඩ නැත. නමුත් එවැනි සිහින දැකීම ඒකාධිපති පාලකයාගේ නම් ස්වරූපයක්ය. #srilankanpolitics

වර්ගවාදී මානසිකත්වයෙන් දරුවන්ගේ අනාගතය මුදවාගනිමු.

Image
  අතීත සහ නූතන ශ්‍රී ලංකාව ගත් කළ එහි ඉතිහාසයේ වූ හැරවුම් ලක්ෂ සහ නොමැකෙන සලකුණු අතර වාර්ගිකයන් අතර වූ නොසන්සුන්කාරී ගැටුම් ප්‍රධාන ස්ථානයක් උසුලයි. විටෙක මනුෂ්‍ය ඝාතනයකට දෙකකට එහා යමින් සිදු වූ කලකෝලාහල අවසානයේ දරුණු යුධ ගැටුම් දක්වා ගොස් මනුෂ්‍ය සංහාර උත්සන්න වූ අවස්ථා ඒ අතර වේ.  ශ්‍රී ලංකාව යනු දියුණු වෙමින් පවතින රාජ්‍යයකි. වසර ගණනාවක් පුරා බටහිර රාජ්‍යයන්ගේ යටත් විජිතයක් සේ පවතිමින් නිදහස ලැබුනත් අප රාජ්‍යයට ආර්ථිකමය අතින් හිස එසවීමට නොහැකි වීමට මූලිකම බාධකය වූයේ මෙකී ජාතීන් අතර විරසකය තුලින් මතු වූ අවිශ්වාසය මුසු පරිසරයක් බිහි වීමයි. කාලය දිනෙන් දින ගත වන අතරතුර අපට වඩා පසුපසින් සිටි බොහෝ රාජ්‍යයන් අද අප පසු කොට සීඝ්‍ර සංවර්ධනයක් සමග විශාල ආර්ථික දියුණුවක් අත් කරගෙන ඇත. නමුදු අප ශ්‍රී ලංකීය ජාතිය තවමත් නැවතුන තැනමය. ඇතැම් දේශපාලකයන් ද ආගම හා ජාතිය දඩමීමා කරගෙන තම දේශපාලන අවස්ථා තර කරගැනීමේ ද අඩුවක්ද නොපවතී. ජනතාවගේ සාමය සහ යහ පැවැත්ම දිනෙන් දින ආපස්සට ඇදී යමින් පවතී. තවදුරටත් මෙකී ව්‍යසනය දෙහ අප බලා සිටීම අතහැර ලාංකීය ජාතිය මෙකී ව්‍යසනයෙන් ගොඩ ගැනීමට කාලය උදාවී ඇත.  ආර්ථිකමය වශයෙ

සීලාත් සටන් කලාව

Image
  'සීලත්' යනු මැලේ ලෝකය පුරා මුල් බැසගත් ආත්මාරක්ෂාව සඳහා බිහිවූ සටන් කලාවකි. මෙකී සාම්ප්‍රදායික මැලේ සටන් කලාවේ ආරම්භය පුරාණ මැලේ ලෝකයේ විසූ මානවයාගේ වූ ආත්මාරක්ෂාව, දඩයම් ක්‍රම සහ හමුදා පුහුණුව වැනි අවශ්‍යතාවයන් මත නිර්මාණය වී ඇත.  යුද්ධ වලදී සටන් කිරීම සඳහා රණශූරයින් පුහුණු කිරීමේදී ශාරීරික සටන් සහ ආයුධ පුහුණුව වැදගත් වේ.  මීට වසර 2000 කට පෙර මැලේ ශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිටම විවිධ මැලේ ගෝත්‍රිකයන් අතර මෙම සටන්කලාව වර්ධනය වූ බව විශ්වාස කෙරේ. මෙම සටන් කලාවට ආවේණික මුල් සටන් ශෛලීන් කිඹුලන්, කොටියන් සහ රාජාලියාගේ චලනයන් අනුකරණය කරයි. මානව චලන, සොබාදහම සහ සතුන්ගේ චලනයන්ගෙන් අනුකරණය කර සැදුම්ලත් සීලත් ආත්මාරක්ෂක සටන් කලාවේ බොහෝ සටන් අංග තිබේ. නිදසුනක් වශයෙන්, සීලත් සටන් කලාවට අයත් "සීලත් හරිමවු" නම් අංගයේ සෞන්දර්යාත්මක මෙන්ම රිද්මයානුකූල චලනයන් ඇතුළත් කොටියෙකුගේ ආත්මාරක්ෂාව සඳහා වූ ප්‍රහාරයන් අනුකරණය කරයි.  මැලේසියාවට පමණක් ආවේණික සීලත් සටන් අංග 150 කට වඩා ඇති අතර ඒවායේ නම් සතුන් සහ ශාක වැනි ස්වාභාවික මූල වලින් නිර්මාණය වී තිබීම අපූරුය.  අග්නිදිග ආසියාවේ වූ සශ්‍රීක වනාන්තර

මින්බර් වේදිකාවක් මත වූ සෞරග්‍රහ මණ්ඩලයේ කැටයම්

Image
   1399 දී ඉදිකරන ලද ඔටෝමාන් අධිරාජ්‍යයේ පැරණිතම මස්ජිදයක් වන " බර්සා හි උලූ" මස්ජිදයේ මින්බර් වේදිකාව මත සෞරග්‍රහ මණ්ඩලය කැටයම් කර ඇති අයුරු. තුර්කියේ පිහිටා ඇති මෙම මස්ජිදයේ එම කැටයම විශ්වය පිළිබඳ නිරූපණය කරන අතර එම සෞරග්‍රහ මණ්ඩලය ලීයකට කැටයම් කර ඇත.  සූර්යයා සිට එම ග්‍රහලෝක වලට ඇති දුර හා සමානුපාතික ප්‍රමාණයන් සැලකිල්ලට ගනිමින් ග්‍රහලෝක එම ලීයට කැටයම් කර ඇත.  සිත්ගන්නා කරුණ නම් මෙහි ග්‍රහලෝක 9 ක් ඇති අතරම ප්ලූටෝ වම් කෙළවරේ දක්නට ලැබීමයි.  ඉස්ලාමීය ගෘහනිර්මාණ සම්ප්‍රදායට අනුව නිමවා ඇති සුන්දර මින්බර් වේදිකාවේ බිත්ති මත අතින් ලියන ලද ලියවිලි, මස්ජිදය මධ්‍යයේ පිහිටි තටාකයකත්, කුරුසයක් සහ ඩේවිඩ්ගේ තරුවද  මස්ජිදයට අනන්‍ය වූ අලංකාරයක් ගෙන එයි. මෙම සියලු අංග තුර්කියට ආවේණික ඉස්ලාමීය කලාවන් ගෙන හැරපායි.

ඕමාර් ඛයියාම්

Image
  "ගත කරන මේ මොහොත සතුටින් ගත කරන්න. මන්දයත් මේ මොහොත යනු ඔබ ජීවිතයයි."                                                                      - ඕමාර් ඛයියාම් -  ජීවිතය, ආධ්‍යාත්මය සහ තර්කනය සරල ලෙස කවියකින් නිරූපණය කිරීමෙහිලා ඔහු අති දක්ෂ කවියෙකි. නමින් ඕමාර් ඛයියාම් වූ ඔහු පර්සියානු කවියෙකු, ගණිතඥයෙකු හා තාරකා විද්‍යාඥයෙකු ලෙසින් ප්‍රසිද්ධය. ඔහු විසූ වකවානුවේ ඛයියාම් නාමය ඇසුන සැනින් ඔහු ප්‍රසිද්ධ වූයේ විද්‍යාඥයෙකු ලෙස ඔහු තුල වූ දක්ෂතා නිසාය. ජ්‍යාමිතිය, වීජ ගණිතය සහ ගණිතයේ වෙනත් ක්ෂේත්‍රයන්හි දියුණුව සඳහා ඛයියාම්ගේ දායකත්වය සුවිසල්ය. ඔහු තාරකා විද්‍යා ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කළේ එවක පිලිගත් විශ්වයේ පෘථිවි කේන්ද්‍රීය න්‍යාය මූලික වශයෙන් දෝෂ සහිත බව ඔප්පු කිරීමෙනි. විද්‍යා ක්ෂේත්‍රය සඳහා වූ ඛයියාම්ගේ දායකත්වය පසුකාලීනව බටහිර දේශයන්ගේ විද්‍යාත්මක පුනරුදයට විශාල වශයෙන් දායකත්වයක් සැපයීය.  නයිසාපූර් ප්‍රදේශයේ ශිල්පීන්ගේ පවුලක උපත ලබා ඇතැයි විශ්වාස කරන ඛයියාම් සිය ළමා කාලය බල්හි නගරයේ ගත කළ අතර, එවකට වූ සුප්‍රසිද්ධ විද්වතෙකු වූ ෂෙයික් මුහම්මද් මන්සුරි නම් ඇදුරුතුමන් යටත