යේමනයේ අනාගතය

 

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් යේමනය පිළිබඳ දැක්වූ අදහස් දෙස අවධානය යොමු කල විට පෙනී යන්නේ සෞදි අරාබියට තමාගේම වූ දේශීය ආරක්ෂක යාන්ත්‍රණයක් නොමැති බවත් මෙතෙක් කල් ඔවුන් භාවිත කළ ආරක්ෂක යාන්ත්‍රණයෙහිලා එක්සත් ජනපදය මත ඔවුන් විශාල වශයෙන් යැපී ඇති බවත්ය. මන්දයත් මෙතෙක් කල් යේමනයට එල්ල කළ ප්‍රහාර දෙස බලන විට හුදෙක් එම ප්‍රහාර එක්සත් ජනපදයේ සම්පූර්ණ සහයෝගය මත රඳා පැවති බවත් එතුලින් යේමන ජනතාව මත හෙලූ බෝම්බ ප්‍රහාර වලට ඇමරිකානු සහය සෑහෙන වශයෙන් යොදා ගත් බවත් පෙනී යයි. කෙසේ වෙතත් පවතින දේශපාලනික තත්වයන් හමුවේ ඉදිරියේදී සෞදි අරාබිය විසින් යේමනය වෙත එල්ල කළ යුධමය පීඩනය යම් තාක් දුරකට අඩු වනු ඇතැයි අනුමාන කළ හැකිය. ඒ නිසාම හෞතිවරුන් විසින් දීර්ඝ කාලයක සිට එල්ල කළ ප්‍රතිප්‍රහාර මාලාවද අඩු විය හැකි බැවින් කලාපයේ සාමය යලි යලිත් තහවුරු වනු ඇති බව අනුමාන කළ හැකිය.


" මැදපෙරදිග කලාපයේ දේශපාලන අරගලයෙහි ප්‍රාණ ඇපකරුවන් බවට පත් වූ යේමන් ජනයාට නිදහසේ හුස්ම ගැනීමට කාලයක් උදා වේවා යැයි පතමු."

Comments

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය