Posts

විශ්වාසයන් පිළිබඳ සංවාදය

Image
  එකිනෙකා තුළ වූ විශ්වාසයන් ගැන කතා කිරීමම සංවේදී කාරණයකි. මන්දයත් ඉන් අප පවසන දෙයට වඩා එහා වූ යමක් ඉන් ඔවුන් තේරුම් ගැනීමට උත්සාහ දැරීමයි. එනම් අප කුමක් අදහස් කළද ඔවුන්ගේ කෝණයේ සිටම ඔවුන් එය තේරුම් ගැනීමට වෙහෙසීමයි. අප මිදිය යත්තේ එකී හිතුවක්කාරී චර්යාවෙනි. විවේචනය, ප්‍රකාශන සහ අදහස් ප්‍රකාශ කිරීම යනු සෑම අයෙකුගේම අයිතියකි. ආගමක් තුළ , දර්ශනයක් තුළ , ඇදහිල්ලක් තුළ ජීවත් වන්නන් සිය ඇදහිල්ල විවේචනයට ඉඩක් නොදේ නම් ඉන් අදහස් වෙන්නේ එකී ආගම, දර්ශනය හෝ ඇදහිල්ල තුළ වූ අසම්පූර්ණ භාවයයි. තවද එකී ඇදහිල්ල තුළ ජීවත් වන්නා දිවි ගෙවනුයේ සිර කුටියක වන් ජීවිතයක් තුළ බවයි.  තවද එයිනුත් එහාට ගොස් සිය ඇදහිල්ල විවේචනය කරන පුද්ගලයාගේ විවේචනයේ වූ සාධාරණත්වය, අසාධාරණත්වය පසෙක තබා විවේචනය කරන්නාට පුහු ලේබල් අලවමින් අපහාස කරන්නාගේ මානසිකත්වය ඊටත් වඩා වෙනස් ය. ඔවුන් නම් ලිං මැඩියන් සේය. ලෝකයක් පිළිබඳ අවබෝධයක් නැති ඔව්හූ සිය ජීවිතය කාලය පුරාම සිය අඳුරු ලිඳෙහි වාසය කරයි. ඉන් පිටතට පැමිණ ලෝකය දැකීමට හෝ ඔවුන් ප්‍රිය නොකරයි. තමා නොදත් සත්‍යය අවබෝධ කර ගැනීමට තබා එය හැඳිනගැනීමද ප්‍රතික්ෂේප කරයි. ඇදහිල්ල තමාගේ නොවන තා

නීතීඥ කරුණාරත්න හේරත්

Image
 ජ්‍යේෂ්ඨ නීතීඥ කරුණාරත්න හේරත් මහතාගේ මුස්ලිම් නීතිය කෘතිය ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රය උදෙසා නිර්මාණය වූ ශ්‍රේෂ්ඨ කෘතීන් අතුරින් තවත් එක් විශේෂ කෘතියකි. එතුමාගේ අභාවය නූතන සමාජයට ගෙන එනුයේ විශාල හිස් තැනකි. ඉස්ලාමීය නීතිය පිළිබඳ නොදත් සමාජයටද වැටහෙන පරිදි සමාජයේ විශේෂ කතිකාවකට තුඩු දුන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය නීති පිළිබඳව මනාව පැහැදිළි කරමින් සිය කෘතිය නිර්මාණය කිරීමට එතුමා සමත් විය.  සිය කෘතිය තුළ ඉස්ලාමිය නීතියේ ප්‍රභවය, එහි අංග සහ භාවිතය පිළිබඳව මුලික හැඳින්වීමක් කොට ඒ අතරින් ශ්‍රි ලංකාව තුළ ක්‍රියාත්මක මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත, වකුෆ් හා පුන්‍යාභාර අරමුදල, පසු උරුමය පිළිබඳ ඉස්ලාමීය නීතිය වැනි ක්ෂේත්‍රයන් පැරණි නඩු තීන්දු ආශ්‍රයෙන් සහ ඒවාහි උප අංග වෙන් වෙන් කොටස් වශයෙන් විස්තර කොට දැක්වීමට එතුමා සමත් විය. එතුලින් සමාජය තුළ මෙම නීති ක්ෂේත්‍රය ආශ්‍රිතව නිර්මාණය වන කතිකාවත් වලට දැක්වූ දායකත්වය අති මහත් ය. මුස්ලිම් නීතිය කෘතිය සේම මෑත කාලයේ පරිසර නීතිය පිළිබඳව "වන සංරක්ෂණ නීතිය", "වනජීවි සංරක්ෂණ නීතිය" වැනි ඔහු රචනා කළ තවත් කෘතීන් ද වේ. පහත දැක්වෙන්න

සුබවාදී හීන

Image
  වෙනස් විය යුත්තේ සිතිවිල්ලේ ස්වභාවයයි. නමුත් වෙනස් විය යුතු එම සිතිවිල්ලේ ස්වභාවය පිළිබඳව අප දැන දැනත්, එය වෙනස් කර ගැනීමට උත්සාහයක් හෝ අප නොකරයි. ඒ නිසාම අසුභවාදී සිතුවිලි නම් වළ තුළ බොහෝ දිනක පටන් අප සිර වී සිටියි. ඉන් ගොඩ ඒමට නම් අනුගමනය කළ යුත්තේ සරල ක්‍රියාදාමයකි. 'සුභවාදී හීන' යනු එම මාර්ගයයි. එය අප ජීවිතයේ සෑම ඉසව්වකටම පොදුය. දශක හතක පටන් අප දේශපාලන වශයෙන් සෘණාත්මක අන්තයකට ගමන් කරමින් කරමින් සිටින්නෙමු. "කවුරු ආවත් වැඩක් නැහැ, ඔක්කොම හොරු..."  "අපි හම්බ කරොත් අපි කනවා... " වැනි ප්‍රකාශ අප තව දුරටත් ඉදිරියට ගෙන යාමෙන් ඵලක් නැත. මන්ද යත් එය තවදුරටත් අප ඉහත කී සෘණාත්මක අන්තයක් වෙතම ගෙන යන බැවිනි. අප අනාගතය අප හීන වලට අනුව සකසා ගැනීමට අවශ්‍ය නම් මුලින්ම අප බැහැර විය යුත්තේ එකී අසුභවාදී සිතිවිල්ලෙන් ය. තවද අප අමතක කර දැමිය යුත්තේ මහලු දේශපලානඥන්ගේ පැරණි මොඩලයයි. එවිට නිසැකවම අප ඒ හීන හැබෑ කර ගත හැකි මාවතකට යොමු වනු ඇත. හීන සැබෑ කර ගැනුමට වෙර දරන තවත් අයවලුන් අපට හමු වනු ඇත.  හීන වලට විශාල ප්‍රාකාරයන් පවා පෙරලා දැමීමට ශක්තියක් වේ. අප හඹා යා යුතු වන්නේ එකී

ආගමික ගැටලු දේශපාලනීකරණය වීම

Image
  ආගමික ප්‍රශ්න දේශපාලනික වශයෙන් විසඳීම අරුත් සුන් කාර්යයකි. නමුත් අප පිළිගත යුතු දෙයක් වේ. එනම් ආගම මුල් කර ගත් ඕනෑම ගැටලුවක් ඇති වූ විටෙක ආගමික වශයෙන් අපට පොදු එකඟතාවකට එලඹීමට නොහැකි නම් ආගමික ගැටලු දේශපාලනීකරණය වීමද නොවැළැක්විය හැකි බවයි. තවද ආගමික නායකත්වයකට සමාජයීය වශයෙන් හෝ දේශපාලනික වශයෙන් බලයක් ලැබෙන්න කලින් ආගමික නායකත්වයකට සිය දහම පිළිබඳ නිවැරදි ධාර්මික දෘශ්ටියක් ලැබිය යුතු වේ. ලාංකීය මුස්ලිම් සමාජයට සිදු වී ඇත්තේ නිවැරදි වූත්, සියලු පාර්ශ්වයන් එකඟ වූත්, දහම පිළිබඳ ඇති කර ගත් පොදු ඉස්ලාමීය දෘශ්ටියක් ඔවුනතර නැති කම නොවේද!  උදාහරණයක් ලෙස කූරගල ගැටලුව විසඳීමට අසීරු වන්නේ ද මේ නිසාවෙන් බව හොඳින්ම වැටහේ. මුස්ලිම් සමාජයේ කොටසකට එහි ක්‍රියාත්මක ඇදහිල්ල අවශ්‍යය වේ. තවද තවත් කොටසකට එකී ඇදහිල්ල අනවශ්‍ය වේ. නමුත් මුස්ලිම් කියන පොදු අනන්‍යතාවය ඇතුලත ( මුස්ලිම්වරුන්ගේ නියෝජිතයෙකු වශයෙන් පෙනී සිටින සභාව තුළ ) ඒ ඇදහිල්ල පිළිබඳ ගත්ත පොදු එකඟතාවක් නැහැ. ඒකට ලොකු හේතුවක් වෙන්නේ එයාලා සමස්ත මුස්ලිම් ජනතාව නියෝජනය කරන ලෙස සමාජයට තමන්ව පෙන්ව ගත්තද සමස්ථ මුස්ලිම්වරුන්ගේ නියෝජනයක් එතුල නොමැති වීමයි

රටට ණය නැති ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය

Image
 එදා 70-80 අවධියේ මේ රටේ විසූ අහිංසක දෙමාපියන්ගේ, උගත්, බුද්ධිමත්, අවංක හා එඩිතර තරුණ පරපුර වාමවාදී දේශපාලනය වෙත තල්ලු වී වත්මන් පරපුරට හෙලිදරව් කර දීමට උත්සාහ කළේ මෙරට වූ කුපාඩි දේශපාලනයෙහි ඇති නිරුවත පිළිබඳවයි. එයටත් වඩා ඔවුන් සමාජයට හඬ නගා අවබෝධ කර දීමට වෙර දැරුවේ මෙරට ක්‍රියාත්මකව පැවති කුපාඩි දේශපාලනය නිසා අනාගත පරපුරට උරුම වීමට නියමිතව තිබූ විනාශය පිළිබඳවයි.  නමුත් බහුතරයක් වූ ශ්‍රී ලාංකික පුරවැසියන්ට එදත් අදත් තේරුම් ගැනීමට නොහැකි වුන කරුණක් වේ නම් ඒ මෙරට සමාජය තුළ ඇරඹුණු එකී තරුණ නැගිටීමට හේතුව කුමක්ද යන්න පිළිබඳවයි. රටේ වැඩිහිටි පරපුර හුදෙක් එම නැගිටීම රැඩිකල්කරණයක් ලෙස දැක්කද පිටතට නොපෙනෙන අවංක අරමුණක් ඒ තුළ අන්තර්ගත වූ බව ඔවුන්ට නොතේරුණි. නමුත් පසුකාලීනව ඔවුන් එය සුලුවෙන් හෝ අවබෝධ කර ගන්නා විට කෝච්චිය ගොස් හමාරය.  තට්ටුමාරු ක්‍රමයට බලය රැකගත් කුපාඩි දේශපාලන බලවේග එදා රටට අහිමි කළ වටිනා තරුණ ජීවිත ලක්ෂ ගණනකි. එදා එම තරුණ හඬ නිහඬ කොට ඔවුන් ඔවුන්ගේ දේශපාලන වේදිකා වල ගැයූ ඒ මුලාවේ ගීතයට රටේ වූ බහුතරයක් වූ දෙනා අත්පොලසන් දීමේ ප්‍රතිඵලය අද අපට ඇස් පනාපිට දැක බලා ගැනීමට හැකිව ඇත. ම

සිංහල ඉස්ලාමීය කාව්‍ය සංග්‍රහය

Image
  රමණීය දූපත් රාජ්‍යයක් වූ ශ්‍රී ලංකා ද්වීපයට   ඉස්ලාමය නම් ආලෝකමත් මාවත රැගෙන ඒමේ ගෞරවය අරාබිවරුන්ට හිමිය. එය එවක විසූ අරාබි වරුන් විසින් මෙරටට කළ උතුම් වූ මෙහෙවරයන් අතරින් එකකි. ඊට පසු කාලීනව ඉන්දියානු මලබාර් මුසල්මානුවන්ගේ මෙරට ආගමනයත් සමගම මෙරටටම ආවේණික වූ ඉස්ලාමීය සංස්කෘතියක් නිර්මාණය විය. එකී සංස්කෘතිය තුළ දමිළ බස යන්න මුසල්මානුවන්ගේ මව් බස ලෙසින් ප්‍රචලිත විය. නමුත් සිය ආගමික වතාවත් ඉටු කිරීම සඳහා අරාබි බස ද ඔවුන් යොදා ගත්හ. ඒ අතරවාරයේ එවක විසූ ලාංකීය මුසල්මානුවන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ වෙළඳාම සහ ගොවිතැන ආශ්‍රිතව කටයුතු කිරීමේදී සිය රටේ වෙසෙන බහුතරයක් වූ සිහල ජනතාව සමග සන්නිවේදනය කිරීම පිණිස සිංහල භාෂාව ද සුළු වශයෙන් යොදා ගැනිණි. නමුත් පසුකාලීනව ස්වදේශීය මුසල්මානුවන්ගේ අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි ලද ප්‍රබෝධයත් වෙළඳ සබඳතා වල ප්‍රතිඵලයන් ලෙසත් සිහල ජනතාව සමග ඇති කරගත් අවාහ විවාහ වල ප්‍රතිඵලයන් ලෙසත් අද වන විට චතුරව සිංහල බස හසුරවන ලාංකීය මුසල්මානුවන්ගෙන් සමන්විත සමාජයක් මෙරට නිර්මාණය වී තිබේ. එයින් ඇරඹෙන සිහල බස හසුරුවන මුසල්මානුවාගේ ඉස්ලාමීය සාහිත්‍යයට සිංහල සාහිත්‍ය නිර්මාණ එක් කිරීමේ

අනාගත පලස්තීන භූමිය

Image
 එක් ජාතියක් පාගා ගෙන තවත් ජාතියකට ශ්‍රේෂ්ඨ ජාතියක් විය නොහැක. එකී න්‍යාය පලස්තීනුවන්ට මෙන්ම යුදෙව්වන්ටද  පොදුය. ඊශ්‍රායලයේ සියෝන්වාදීන් විසින් සිදු කරන පලස්තීන භූමි ආක්‍රමණය අප හෙළා දැකිය යුත්තේ ඒ නිසාමය. යුදෙව්වන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කළ යුතු බව සැබෑය. එහෙත් යුදෙව් ජාතිකයන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම යනු පලස්තීනුවන්ගේ නිජබිම් අමු අමුවේ ඔවුන්ගෙන් උදුරාගෙන යුදෙව්වන්ට පැවරීම නොවේ. තවද සියෝන්වාදීන්ගේ මෙම ආක්‍රමණයට එරෙහිව සටන් කිරීම යනු සියෝන්වාදීන්ට එරෙහි වන මුවාවෙන් යුදෙව් සිවිල් වැසියන් ඉලක්ක කොට ගෙන ප්‍රහාර දියත් කිරීමද නොවේ.   මුස්ලිම්වරුන්ගේ ශුද්ධ භූමියක් වූ මස්ජිදුල් අක්සා පරිශ්‍රයට මුස්ලිම්වරුන්ට ඇතුලු වීමට ඉඩ නොදී අක්සා මස්ජිදය අවට ගිනි තබන විට සියෝන්වාදීන් ඊශ්‍රායල ධජ ඉහලට ඔසවමින් උද්දාමයට පත්ව සිටීම පසුගිය දිනවලදී දැකගත හැකි විය. තවද සීයෝන්වාදීන් ගසා තීරයේ අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කොට ගෙන ප්‍රහාර දියත් කිරීම ද එයට ප්‍රතිචාර වශයෙන් හමාස් සංවිධානය යුදෙව් සිවිල් වැසියන්ගේ ජීවිත ගැන තැකීමක් නොකර යුදෙව්වන්ගේ නගර වලට මිසයිල ප්‍රහාර එල්ල කිරීමද දැක ගත හැකි විය.  මෙලෙස ද