නීතීඥ කරුණාරත්න හේරත්


 ජ්‍යේෂ්ඨ නීතීඥ කරුණාරත්න හේරත් මහතාගේ මුස්ලිම් නීතිය කෘතිය ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රය උදෙසා නිර්මාණය වූ ශ්‍රේෂ්ඨ කෘතීන් අතුරින් තවත් එක් විශේෂ කෘතියකි. එතුමාගේ අභාවය නූතන සමාජයට ගෙන එනුයේ විශාල හිස් තැනකි. ඉස්ලාමීය නීතිය පිළිබඳ නොදත් සමාජයටද වැටහෙන පරිදි සමාජයේ විශේෂ කතිකාවකට තුඩු දුන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය නීති පිළිබඳව මනාව පැහැදිළි කරමින් සිය කෘතිය නිර්මාණය කිරීමට එතුමා සමත් විය. 

සිය කෘතිය තුළ ඉස්ලාමිය නීතියේ ප්‍රභවය, එහි අංග සහ භාවිතය පිළිබඳව මුලික හැඳින්වීමක් කොට ඒ අතරින් ශ්‍රි ලංකාව තුළ ක්‍රියාත්මක මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත, වකුෆ් හා පුන්‍යාභාර අරමුදල, පසු උරුමය පිළිබඳ ඉස්ලාමීය නීතිය වැනි ක්ෂේත්‍රයන් පැරණි නඩු තීන්දු ආශ්‍රයෙන් සහ ඒවාහි උප අංග වෙන් වෙන් කොටස් වශයෙන් විස්තර කොට දැක්වීමට එතුමා සමත් විය. එතුලින් සමාජය තුළ මෙම නීති ක්ෂේත්‍රය ආශ්‍රිතව නිර්මාණය වන කතිකාවත් වලට දැක්වූ දායකත්වය අති මහත් ය.

මුස්ලිම් නීතිය කෘතිය සේම මෑත කාලයේ පරිසර නීතිය පිළිබඳව "වන සංරක්ෂණ නීතිය", "වනජීවි සංරක්ෂණ නීතිය" වැනි ඔහු රචනා කළ තවත් කෘතීන් ද වේ. පහත දැක්වෙන්නේ එතුමාගේ මුස්ලිම් නීතිය කෘතිය තුළ දක්නට ලැබෙන එතුමාගේ අදහසකි.

" අපේ රටේ රෝම ලන්දේසි නීතිය, ඉංග්‍රීසි නීතිය, මුස්ලිම් නීතිය, තේස වලමේ නීතිය, රෝම ලන්දේසි නීතිය ආදී සියල්ලේ සංකලනයක් පවතිනවා. මේ පොතේ මුස්ලිම් පුද්ගල නීති විස්තර වෙනවා. මුස්ලිම්වරයෙක් විවාහ විය යුත්තේ කෙසේද විවාහ ජීවිතය ගතකළ යුත්තේ කෙසේද ආදී සෑම දෙයක්ම. බුදුරජාණන් වහන්සේ පරාභව, සිඟාලෝවාද සූත්‍රවල බෞද්ධ ජනයා සඳහා මෙවැනි අදහස් දක්වා තිබෙනවා. මුස්ලිම් නීතියට පාදක වී තිබෙන්නේ මුහම්මද් නබිතුමා ගේබ්‍රියල් (ජිබ්රීල්) දේව දූතයා මඟින් ඉදිරිපත් කළ ප්‍රතිපාදන බව අප දත යුතුයි. මට මේ මුස්ලිම් නිතිය හදාරනකොට සිද්ධ උනා මුස්ලිම් ආගම හදාරන්න. මොකද මුස්ලිම් නිතිය කියන්නේ මුස්ලිම් ආගම. මුස්ලිම් නිතිපොත කියන්නේ ශුද්ධ වූ කුරානය.ඉතින් කුරානයේ ගත්තොත් ගාථා තියෙනවා හයදාස් හයසිය හැට හයක්. ඉතා දීර්ඝ සහ ඉතා කෙටි ඒවා.ඒ වලින් කියවෙන ධර්මය ඉතා ගැඹුරුයි. මිනිසුන් මෙහෙයවන ආකාරය සමාජය මෙහෙයවන ආකාරය ඉතා විශිෂ්ඨයි. අපි ඉතා පටු විදියට බලලා ඇතැම් කරුණු මත ගන්න දිරන මත ඇති වන ජාතික ප්‍රශ්න වලට හේතුව වන්නේ තේරුම් නොගැනීම කියන එක. "


                - කරුණාරත්න හේරත් - මුස්ලිම් නීතිය - 


එතුමාගේ වියෝව කෙරෙහි ශෝකය ප්‍රකාශ කරමින් එතුමා සමාජයට කළ උතුම් සේවය හදවතින්ම අගය කරමු.

Comments