Posts

Showing posts with the label ශ්‍රේෂ්ඨ වියතුන් (Great Scholars)

ආධ්‍යාත්මය තුළින් ජීවිතය විනිවිදව දැකීම

Image
 "වස්ත්‍රයක් නොමැති බොහෝ මිනිසුන් මම දුටුවෙමි, තවද මිනිසුන් නොමැති බොහෝ වස්ත්‍රයන් ද ඒ අතර මා දුටුවෙමි." - මවුලානා ජලාලුද්දීන් රූමි  අධ්‍යාත්මික හා දාර්ශනික සන්දර්භයක් තුළ සූෆි කලාකරුවන්ගේ අදහස්, යමක් එහි බාහිර මුහුණත සහ ද්‍රව්‍යමය ස්වභාවයෙන් ඔබ්බට බැලීමට අපව පොළඹවයි. ඒ අතරම සමාජයීය අපේක්ෂාවන් සහ බාහිර සැරසිලි නම් වූ ස්ථරවලට යටින් මනුෂ්‍යත්වයේ සැබෑ ස්වභාවය හඳුනා ගැනීමට ද ඒවා අපව පොළඹවයි. තවද දෙවිඳුන් හැර උන්වහන්සේගේ සියලු මැවීම් තුළ ඇති අනිත්‍යමය ස්වභාවය පිළිබඳව අවධානය යොමු කරමින් දිනෙන් දින අපව යථාර්ථයක්  තුළ ජීවත් කරවයි. මේ සියල්ල අවබෝධ කර ගැනීම සදහා අපට ආධ්‍යාත්මීය පදනම තුළින් උපදින කලාවන් ද වැදගත් වේ. එය ජීවිතය තුළ තිබිය යුතු අව්‍යාජභාවය, අවංකභාවය සහ පැවැත්මේ සාරය පිළිබඳ මෙනෙහි කිරීම සඳහා අපව දිරිමත් කරයි.  "ඔවුනතර මා ප්‍රඥාවේ බීජය වැපිරුවෙමි, එය දළු ලා වැඩීමට මාගේම දෑතින්ම මා කටයුතු කළෙමි: මා නෙළාගත් අස්වැන්න මෙයයි - "මම ජලය මෙන් ඔබ වෙත පැමිණියෙමි, සුළඟ මෙන් දිනෙක ඔබෙන් සමුගෙන යන්නෙමි." - ඕමාර් කයියාම්  මිනිසාගේ උප්පත්තියේ පටන් ඔහු කලාව සිය කර පින්නාගෙන පැ...

නීතීඥ කරුණාරත්න හේරත්

Image
 ජ්‍යේෂ්ඨ නීතීඥ කරුණාරත්න හේරත් මහතාගේ මුස්ලිම් නීතිය කෘතිය ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රය උදෙසා නිර්මාණය වූ ශ්‍රේෂ්ඨ කෘතීන් අතුරින් තවත් එක් විශේෂ කෘතියකි. එතුමාගේ අභාවය නූතන සමාජයට ගෙන එනුයේ විශාල හිස් තැනකි. ඉස්ලාමීය නීතිය පිළිබඳ නොදත් සමාජයටද වැටහෙන පරිදි සමාජයේ විශේෂ කතිකාවකට තුඩු දුන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය නීති පිළිබඳව මනාව පැහැදිළි කරමින් සිය කෘතිය නිර්මාණය කිරීමට එතුමා සමත් විය.  සිය කෘතිය තුළ ඉස්ලාමිය නීතියේ ප්‍රභවය, එහි අංග සහ භාවිතය පිළිබඳව මුලික හැඳින්වීමක් කොට ඒ අතරින් ශ්‍රි ලංකාව තුළ ක්‍රියාත්මක මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත, වකුෆ් හා පුන්‍යාභාර අරමුදල, පසු උරුමය පිළිබඳ ඉස්ලාමීය නීතිය වැනි ක්ෂේත්‍රයන් පැරණි නඩු තීන්දු ආශ්‍රයෙන් සහ ඒවාහි උප අංග වෙන් වෙන් කොටස් වශයෙන් විස්තර කොට දැක්වීමට එතුමා සමත් විය. එතුලින් සමාජය තුළ මෙම නීති ක්ෂේත්‍රය ආශ්‍රිතව නිර්මාණය වන කතිකාවත් වලට දැක්වූ දායකත්වය අති මහත් ය. මුස්ලිම් නීතිය කෘතිය සේම මෑත කාලයේ පරිසර නීතිය පිළිබඳව "වන සංරක්ෂණ නීතිය", "වනජීවි සංරක්ෂණ නීතිය" වැනි ඔහු රචනා කළ තවත් කෘතීන් ද වේ. පහත දැක්වෙන්න...

සෙනීෆා සනීර්

Image
පෑන හැසිරවීමේ කලාව ප්‍රගුණ කළ දහස් සංඛ්‍යාත පිරිසක් සිංහල සාහිත්‍ය සමාජය තුළ ජීවත් වුවත් හැඟීම් අකුරු බවට පෙරලීමෙහිලා සෙනීෆා යනු ඒ අතරින්  තවත් එක් විශිෂ්ඨ ලේඛිකාවකි.  ලෙස සාහිත්‍ය නිර්මාණකරණයන් සඳහා උපන් හැකියාවකින් පසුවන ඇය නමින් සෙනීෆා සනීර් වූ අතර ඇය ශ්‍රී ලංකාවේ මහනුවර දිස්‌ත්‍රික්‌කයේ අරුප්පොළ ග්‍රාමයේ උපත ලැබීය. සිංහල, ඉංග්‍රීසි යන ද්විත්ව භාෂාවම මැනවින් හසුරුවමින් එකී භාෂාවන් ආශ්‍රිත සාහිත්‍ය නිර්මාණයන් ඈ විසින් සමාජයට දායද කර ඇත. සිංහල බස හසුරවන මුස්ලිම් පවුලක පහස ලැබීමම ඈ සිංහල සාහිත්‍ය කලාවට නැඹුරු වීමට බෙහෙවින් බලපා ඇත. මහනුවර ප්‍රසිද්ධ පාසලක් වන බදියුදීන් මහ්මූද් බාලිකා පාසලේ අධ්‍යාපනය හැදෑරූ ඇය එහිද සිංහල භාෂාවෙන් අධ්‍යාපනය හැදෑරීම සිදු කර ඇත.  නවකතා, කෙටිකතා, ළමා කතාන්දර ලෙස ඈ අතින් රචනා වූ නිර්මාණයන් රැසකි. ඒ අතරින් "පූදින්න ඉඩ දෙන්න" නම් නව කතාව යනු ඇගේ ජීවිතයේ තීරණාත්මක සංධිස්ථානයක් විය. ඒ මන්දයත් ඇගේ ජීවිතය තුළ ප්රකාශයට පත් පලමු සිංහල නවකතාව එය වීමයි. අවුරුදු පහලොවක් වන් වූ අවදියේ සිටම නවකතාකරණයේ යෙදුනත් ඉන් එකදු පොතක් හෝ ප්‍රකාශයට පත් කරගැනීමේ අවකාශයක්...

නායක එම්.එච්.එම්. අශ්රෆ්

Image
  සටන්කාමියනේ ඉදිරියටම යමව්! නායකයෝ කිසි කලක මිය නොයතියි යන්න මා ඔබට පවසා සිටියේ නැතිද? තුවක්කුවකින් පිට වන ඒ උණ්ඩය අප සටන දුර්වල කරත් අප සතුරා ජයග්‍රහණය කළා යැයි අප කලබල විය යුතු නැත.                                   - එම්. එච්. එම් අෂ්රෆ් -  සිංහනාදය තම කතා විලාසයට පමණක් සීමා නොකර ක්‍රියාවෙන්ම තම ප්‍රතිපත්තිය තුලින් එය යථාර්ථයක් බවට පෙරලූ ශ්‍රී ලංකාවේ බිහිවූ ශ්‍රේෂ්ඨතම නායකයෙකු අප අතුරින් වෙන් වී අදට වසර 20ක් සපිරිව ඇත. ඔහුගෙ නික්ම යාම එසේ සිදුවුවත් මනරම් නැගෙනහිර පළාත් පොළොව මත ඔහුගේ නාමය නම් තවමත් ජීවමානය.  වර්ෂ 1948 ක් වූ ඔක්තෝබර් මස 23 වන දින සමන්තුරේ ගම්මානයේ මෙලොව එලිය දුටු එම්.එච්.එම් අෂ්රෆ් තම මූලික අධ්‍යාපනය හැදෑරීම සිදු කළේ කල්මුණේ වෙස්ලි විද්‍යාලයේදීය. කුඩා කල සිටම ප්‍රගුණ කළ තම අධ්‍යාපන කටයුතු වලින් පසු ඔහු ඊලඟට ඇතුළු වූයේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයටය. එහිදී ද ප්‍රථම පන්ති ගෞරව සම්මානයක් සහිතව නීතීඥ වෘත්තීයට එලඹි ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ සිය උපාධිය සහ පශ්චාත් උපාධිය ද සම්...

ආචාර්ය එම්. ඒ. එම්. ෂුක්රි (Dr. M.A.M.Shukry)

Image
බේරුවල පිහිටා ඇති මුස්ලිම්වරුන්ගේ දැනුමේ මුදුන් මල් කඩක් සේ වූ ශ්‍රී ලංකා ජාමියා නලීමියා ආයතනයෙහි ගරු අධ්‍යක්ෂක ආචාර්ය එම්.ඒ.එම් ෂුක්රි මහතා අද (19/05/2020) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත. إنا لله وإنا إليه راجعون  (අප අල්ලාහ්ටම අයත් වන අතර අවසානයේ අප ඔහු වෙතම ආපසු ගමන් කරන්නෙමු..! ) 🤲 #ආචාර්ය_ෂුක්රි යනු ලාංකීය ඉස්ලාමීය අධ්‍යයනය ක්ෂේත්‍රයේ විද්වතෙකු මෙන්ම පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ චරිතයකි. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන අතරම එක්සත් රාජධානියේ පිහිටි එඩ්න්බර්ග් විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හා ආචාර්ය උපාධිය අවසන් කලහ. ඔහු එවක විසූ මුස්ලිම් සමාජයේ විශේෂ පිලිගැනීමකට ලක් වූ නලීම් හජියාර් හා එක්ව ලාංකීය මුස්ලිම් ප්‍රජාවගේ දැනුමේ කේන්ද්‍රස්ථානයක් වූ ජාමියා නලීමියා ආයතනය පිහිටුවීමට මෙන්ම එහි සංවර්ධන කටයුතුවලට ඉමහත් දායකත්වයක් ලබා දී ඇත. ඉතිහාසය පිළිබඳ පර්යේෂණයන් සඳහා පිහිටවූ ඉබ්න් බතූතා පදනමේ පලමු දේශකයා වූයේද මෙතුමන්ය. ඔහුගේ දේශන,ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය පිළිබඳ ලියැවුණු පර්යේෂණ ලිපි, ග්‍රන්ථ සහ ඔහුගේ පුළුල් චින්තනය මෙරට මුස්ලිම්වරුන්ගේ අනන්‍යතාව රැක ගැනීමෙහිල...