ආචාර්ය එම්. ඒ. එම්. ෂුක්රි (Dr. M.A.M.Shukry)

බේරුවල පිහිටා ඇති මුස්ලිම්වරුන්ගේ දැනුමේ මුදුන් මල් කඩක් සේ වූ ශ්‍රී ලංකා ජාමියා නලීමියා ආයතනයෙහි ගරු අධ්‍යක්ෂක ආචාර්ය එම්.ඒ.එම් ෂුක්රි මහතා අද (19/05/2020) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.



إنا لله وإنا إليه راجعون 

(අප අල්ලාහ්ටම අයත් වන අතර අවසානයේ අප ඔහු වෙතම ආපසු ගමන් කරන්නෙමු..! ) 🤲

#ආචාර්ය_ෂුක්රි යනු ලාංකීය ඉස්ලාමීය අධ්‍යයනය ක්ෂේත්‍රයේ විද්වතෙකු මෙන්ම පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ චරිතයකි. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන අතරම එක්සත් රාජධානියේ පිහිටි එඩ්න්බර්ග් විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හා ආචාර්ය උපාධිය අවසන් කලහ. ඔහු එවක විසූ මුස්ලිම් සමාජයේ විශේෂ පිලිගැනීමකට ලක් වූ නලීම් හජියාර් හා එක්ව ලාංකීය මුස්ලිම් ප්‍රජාවගේ දැනුමේ කේන්ද්‍රස්ථානයක් වූ ජාමියා නලීමියා ආයතනය පිහිටුවීමට මෙන්ම එහි සංවර්ධන කටයුතුවලට ඉමහත් දායකත්වයක් ලබා දී ඇත.



ඉතිහාසය පිළිබඳ පර්යේෂණයන් සඳහා පිහිටවූ ඉබ්න් බතූතා පදනමේ පලමු දේශකයා වූයේද මෙතුමන්ය. ඔහුගේ දේශන,ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය පිළිබඳ ලියැවුණු පර්යේෂණ ලිපි, ග්‍රන්ථ සහ ඔහුගේ පුළුල් චින්තනය මෙරට මුස්ලිම්වරුන්ගේ අනන්‍යතාව රැක ගැනීමෙහිලා වැදගත් විය.



පුන්‍ය වූත් උතුම් වූත් රමළාන් උපවාස සමයේ ඔහුගේ මෙළොව හැර යාම පිළිබඳ වූ පණිවිඩය ලාංකීය මුස්ලිම් ප්‍රජාව අතර අතිශය කනස්සල්ලට පත් වූ පුවතක් විය. ඔහුගේ වියෝව ඔහුගෙන් අධ්‍යාපනය හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුලු ඔහුගේ පාඨක ප්‍රජාවට දැනෙනුයේ අමිල වූ දැනුම නම් ගංගාවක ජලය පිරි උල්පතක දිය සිඳී යාමක් මෙනී. 


කෙසේ නමුත් නබි මගට අනුව ඔහු මෙලොව ඉතිරි කර යන එකම එක් වස්තුවක් වේ. එය නම් අප වෙනුවෙන් ඔහු ඉතිරි කර ගිය ප්‍රයෝජනවත් දැනුමය. මෙලොව පවතින තාක් එහි ආනිසංස ඔහු භුක්ති විඳිනු ඇතැයි අප පතමු. ඔහු වෙනුවෙන් අපට කළ හැක්කේ ඔහුගේ ආත්මයේ සුගතිය උදෙසා සර්ව බලධාරී අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීමය. ඔහුගේ චින්තනය ඔස්සේ ඉදිරියට යමින් ලෝකය අර්ථවත් කිරීමය. 



ඔහුගේ පාපයන්ට දෙවිඳුන්ගේ සමාව ලැබ උතුම් වූ ජන්නතුල් ෆිර්දවුස් නම් ගෞරවාන්විත ස්වර්ගයේ සුවය ලැබේවායි අප පතමු.

සටහන

-මිනාස් -
ඉස්ලාමීය අධ්‍යයනය සහ අරාබි භාෂා පීඨය.
ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය.

Comments

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය