සෙනීෆා සනීර්

පෑන හැසිරවීමේ කලාව ප්‍රගුණ කළ දහස් සංඛ්‍යාත පිරිසක් සිංහල සාහිත්‍ය සමාජය තුළ ජීවත් වුවත් හැඟීම් අකුරු බවට පෙරලීමෙහිලා සෙනීෆා යනු ඒ අතරින්  තවත් එක් විශිෂ්ඨ ලේඛිකාවකි. 

ලෙස සාහිත්‍ය නිර්මාණකරණයන් සඳහා උපන් හැකියාවකින් පසුවන ඇය නමින් සෙනීෆා සනීර් වූ අතර ඇය ශ්‍රී ලංකාවේ මහනුවර දිස්‌ත්‍රික්‌කයේ අරුප්පොළ ග්‍රාමයේ උපත ලැබීය. සිංහල, ඉංග්‍රීසි යන ද්විත්ව භාෂාවම මැනවින් හසුරුවමින් එකී භාෂාවන් ආශ්‍රිත සාහිත්‍ය නිර්මාණයන් ඈ විසින් සමාජයට දායද කර ඇත. සිංහල බස හසුරවන මුස්ලිම් පවුලක පහස ලැබීමම ඈ සිංහල සාහිත්‍ය කලාවට නැඹුරු වීමට බෙහෙවින් බලපා ඇත. මහනුවර ප්‍රසිද්ධ පාසලක් වන බදියුදීන් මහ්මූද් බාලිකා පාසලේ අධ්‍යාපනය හැදෑරූ ඇය එහිද සිංහල භාෂාවෙන් අධ්‍යාපනය හැදෑරීම සිදු කර ඇත. 

නවකතා, කෙටිකතා, ළමා කතාන්දර ලෙස ඈ අතින් රචනා වූ නිර්මාණයන් රැසකි. ඒ අතරින් "පූදින්න ඉඩ දෙන්න" නම් නව කතාව යනු ඇගේ ජීවිතයේ තීරණාත්මක සංධිස්ථානයක් විය. ඒ මන්දයත් ඇගේ ජීවිතය තුළ ප්රකාශයට පත් පලමු සිංහල නවකතාව එය වීමයි. අවුරුදු පහලොවක් වන් වූ අවදියේ සිටම නවකතාකරණයේ යෙදුනත් ඉන් එකදු පොතක් හෝ ප්‍රකාශයට පත් කරගැනීමේ අවකාශයක් ඇයට තිබුණේ නැහැ. නමුත් පසුකාලීනව In the Land of Strangers, Nothing But Love, Unlocking One Another, Roses and thorns, A Heartless Summer, From the Diary of a writer වැනි ඉංග්‍රීසි ද කෘති ඈ රචනා කර ඇත. 

මේ සියල්ලක්ම අතරින් මෑත කාලයේදී සරසවි ප්‍රකාශනක් ලෙස ඈ අතින් ලියැවුණු "සුලං සැරට" සිංහල නව කතාව මහත් ප්‍රසිද්ධියක් ලැබූ කෘතියක් විය. ඈ විසින් රචිත ග්‍රන්ථ වල ඇති විශේෂත්වය නම් ඒවා කියවන විට ධනාත්මක සිතුවිලි උපදින අයුරින් නිර්මාණය කර තිබීමත් විචිත්‍රවත් අයුරින් ජීවිත කතාන්දර විස්තර කොට තිබීමත් ය. ඒ අතරම ඒවා හුදෙක් කතාන්දරයකට සීමා නොවී ඉන් ඔබ්බට ගොස් සමාජ ගැටළු වලට විසඳුම් ලබා දී තිබීමද දැකගත හැකිය. ඇයගේ කෙටිකතාවක් වන "The journal" සඳහා 2011 දී ඇමරිකා එක්සත් ජනපදයේ ඉස්ලාමීය ලේඛක සංවිධානයේ පැවති වාර්ෂික කෙටිකතා තරඟයේදී පළමු ස්ථානය ලබා ගත් අතර  ඉංග්‍රීසි ලේඛකයින් සඳහා වන 2018 ග්‍රේෂන් සාහිත්‍ය සම්මානයටද  2019 වර්ෂයේදී ඈ නිර්දේශ විය. 

සෙනීෆා සනීර් යනු තිදරු මවකි. පවුල් ජීවිතයේ වගකීම් ද නිසි අයුරින් ඉටු කරන ඇය හැකි සෑම විවේක කාලයකම සමාජයට නවසාහිත්‍ය නිර්මාණ එක් කිරීමේ කාර්යයෙහි ලා කැප වේ. ඒ සියල්ලක්ම සමගින් ඇගේ මහඟු ගුණාංගයක් වන්නේ ලිවීමට ආශාවක් ඇති තරුණ තරුණියන්ට උදව් උපකාර කිරීමටද ඇය ප්‍රිය කරන නිසාවෙනි.එහි ප්‍රතිඵලයක් ලෙසින් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මුස්ලිම් සමාජයේ වෙසෙන සිංහල බස හසුරවන සාහිත්‍ය කරුවන් දිරිමත් කිරීමේ අරමුණින් ලේඛකයන්ගේ සංසදයක් නිර්මාණය කිරීමේ මහඟු කාර්යයට ද අත ගසා එහි කටයුතු මේ දිනවල සිදු කරමින් සිටියි.


 - මොහොමඩ් මිනාස් -


Comments

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය