රටට ණය නැති ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය


 එදා 70-80 අවධියේ මේ රටේ විසූ අහිංසක දෙමාපියන්ගේ, උගත්, බුද්ධිමත්, අවංක හා එඩිතර තරුණ පරපුර වාමවාදී දේශපාලනය වෙත තල්ලු වී වත්මන් පරපුරට හෙලිදරව් කර දීමට උත්සාහ කළේ මෙරට වූ කුපාඩි දේශපාලනයෙහි ඇති නිරුවත පිළිබඳවයි. එයටත් වඩා ඔවුන් සමාජයට හඬ නගා අවබෝධ කර දීමට වෙර දැරුවේ මෙරට ක්‍රියාත්මකව පැවති කුපාඩි දේශපාලනය නිසා අනාගත පරපුරට උරුම වීමට නියමිතව තිබූ විනාශය පිළිබඳවයි. 

නමුත් බහුතරයක් වූ ශ්‍රී ලාංකික පුරවැසියන්ට එදත් අදත් තේරුම් ගැනීමට නොහැකි වුන කරුණක් වේ නම් ඒ මෙරට සමාජය තුළ ඇරඹුණු එකී තරුණ නැගිටීමට හේතුව කුමක්ද යන්න පිළිබඳවයි. රටේ වැඩිහිටි පරපුර හුදෙක් එම නැගිටීම රැඩිකල්කරණයක් ලෙස දැක්කද පිටතට නොපෙනෙන අවංක අරමුණක් ඒ තුළ අන්තර්ගත වූ බව ඔවුන්ට නොතේරුණි. නමුත් පසුකාලීනව ඔවුන් එය සුලුවෙන් හෝ අවබෝධ කර ගන්නා විට කෝච්චිය ගොස් හමාරය. 

තට්ටුමාරු ක්‍රමයට බලය රැකගත් කුපාඩි දේශපාලන බලවේග එදා රටට අහිමි කළ වටිනා තරුණ ජීවිත ලක්ෂ ගණනකි. එදා එම තරුණ හඬ නිහඬ කොට ඔවුන් ඔවුන්ගේ දේශපාලන වේදිකා වල ගැයූ ඒ මුලාවේ ගීතයට රටේ වූ බහුතරයක් වූ දෙනා අත්පොලසන් දීමේ ප්‍රතිඵලය අද අපට ඇස් පනාපිට දැක බලා ගැනීමට හැකිව ඇත.

මෙලෙස අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නේ නැතිව රටේ තරුණ හඬට තවදුරටත් පැවැත්මක් ලබා දීමට මෙරට සමාජය උත්සුක නොවේ නම් තවදුරටත් මේ භූමියේ අනාගතය ගැන සිතා ඵලක් නොමැත. මන්ද යත් තරුණ හඬට සවන් නොදීමෙන් රෑ වැටුණු වලට දවාලෙත් වැටීම වැළැක්විය නොහැකිය. අනාගතය ගැන තීරණය ඔබ අතේය.

Comments

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය