Posts

Showing posts with the label නොදත් තතු (Unknown Truth)

රටට ණය නැති ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය

Image
 එදා 70-80 අවධියේ මේ රටේ විසූ අහිංසක දෙමාපියන්ගේ, උගත්, බුද්ධිමත්, අවංක හා එඩිතර තරුණ පරපුර වාමවාදී දේශපාලනය වෙත තල්ලු වී වත්මන් පරපුරට හෙලිදරව් කර දීමට උත්සාහ කළේ මෙරට වූ කුපාඩි දේශපාලනයෙහි ඇති නිරුවත පිළිබඳවයි. එයටත් වඩා ඔවුන් සමාජයට හඬ නගා අවබෝධ කර දීමට වෙර දැරුවේ මෙරට ක්‍රියාත්මකව පැවති කුපාඩි දේශපාලනය නිසා අනාගත පරපුරට උරුම වීමට නියමිතව තිබූ විනාශය පිළිබඳවයි.  නමුත් බහුතරයක් වූ ශ්‍රී ලාංකික පුරවැසියන්ට එදත් අදත් තේරුම් ගැනීමට නොහැකි වුන කරුණක් වේ නම් ඒ මෙරට සමාජය තුළ ඇරඹුණු එකී තරුණ නැගිටීමට හේතුව කුමක්ද යන්න පිළිබඳවයි. රටේ වැඩිහිටි පරපුර හුදෙක් එම නැගිටීම රැඩිකල්කරණයක් ලෙස දැක්කද පිටතට නොපෙනෙන අවංක අරමුණක් ඒ තුළ අන්තර්ගත වූ බව ඔවුන්ට නොතේරුණි. නමුත් පසුකාලීනව ඔවුන් එය සුලුවෙන් හෝ අවබෝධ කර ගන්නා විට කෝච්චිය ගොස් හමාරය.  තට්ටුමාරු ක්‍රමයට බලය රැකගත් කුපාඩි දේශපාලන බලවේග එදා රටට අහිමි කළ වටිනා තරුණ ජීවිත ලක්ෂ ගණනකි. එදා එම තරුණ හඬ නිහඬ කොට ඔවුන් ඔවුන්ගේ දේශපාලන වේදිකා වල ගැයූ ඒ මුලාවේ ගීතයට රටේ වූ බහුතරයක් වූ දෙනා අත්පොලසන් දීමේ ප්‍රතිඵලය අද අපට ඇස් පනාපිට දැක බලා ගැනී...

සිංහල ඉස්ලාමීය කාව්‍ය සංග්‍රහය

Image
  රමණීය දූපත් රාජ්‍යයක් වූ ශ්‍රී ලංකා ද්වීපයට   ඉස්ලාමය නම් ආලෝකමත් මාවත රැගෙන ඒමේ ගෞරවය අරාබිවරුන්ට හිමිය. එය එවක විසූ අරාබි වරුන් විසින් මෙරටට කළ උතුම් වූ මෙහෙවරයන් අතරින් එකකි. ඊට පසු කාලීනව ඉන්දියානු මලබාර් මුසල්මානුවන්ගේ මෙරට ආගමනයත් සමගම මෙරටටම ආවේණික වූ ඉස්ලාමීය සංස්කෘතියක් නිර්මාණය විය. එකී සංස්කෘතිය තුළ දමිළ බස යන්න මුසල්මානුවන්ගේ මව් බස ලෙසින් ප්‍රචලිත විය. නමුත් සිය ආගමික වතාවත් ඉටු කිරීම සඳහා අරාබි බස ද ඔවුන් යොදා ගත්හ. ඒ අතරවාරයේ එවක විසූ ලාංකීය මුසල්මානුවන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ වෙළඳාම සහ ගොවිතැන ආශ්‍රිතව කටයුතු කිරීමේදී සිය රටේ වෙසෙන බහුතරයක් වූ සිහල ජනතාව සමග සන්නිවේදනය කිරීම පිණිස සිංහල භාෂාව ද සුළු වශයෙන් යොදා ගැනිණි. නමුත් පසුකාලීනව ස්වදේශීය මුසල්මානුවන්ගේ අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි ලද ප්‍රබෝධයත් වෙළඳ සබඳතා වල ප්‍රතිඵලයන් ලෙසත් සිහල ජනතාව සමග ඇති කරගත් අවාහ විවාහ වල ප්‍රතිඵලයන් ලෙසත් අද වන විට චතුරව සිංහල බස හසුරවන ලාංකීය මුසල්මානුවන්ගෙන් සමන්විත සමාජයක් මෙරට නිර්මාණය වී තිබේ. එයින් ඇරඹෙන සිහල බස හසුරුවන මුසල්මානුවාගේ ඉස්ලාමීය සාහිත්‍යයට සිංහල සාහිත්‍ය නිර්...

මින්බර් වේදිකාවක් මත වූ සෞරග්‍රහ මණ්ඩලයේ කැටයම්

Image
   1399 දී ඉදිකරන ලද ඔටෝමාන් අධිරාජ්‍යයේ පැරණිතම මස්ජිදයක් වන " බර්සා හි උලූ" මස්ජිදයේ මින්බර් වේදිකාව මත සෞරග්‍රහ මණ්ඩලය කැටයම් කර ඇති අයුරු. තුර්කියේ පිහිටා ඇති මෙම මස්ජිදයේ එම කැටයම විශ්වය පිළිබඳ නිරූපණය කරන අතර එම සෞරග්‍රහ මණ්ඩලය ලීයකට කැටයම් කර ඇත.  සූර්යයා සිට එම ග්‍රහලෝක වලට ඇති දුර හා සමානුපාතික ප්‍රමාණයන් සැලකිල්ලට ගනිමින් ග්‍රහලෝක එම ලීයට කැටයම් කර ඇත.  සිත්ගන්නා කරුණ නම් මෙහි ග්‍රහලෝක 9 ක් ඇති අතරම ප්ලූටෝ වම් කෙළවරේ දක්නට ලැබීමයි.  ඉස්ලාමීය ගෘහනිර්මාණ සම්ප්‍රදායට අනුව නිමවා ඇති සුන්දර මින්බර් වේදිකාවේ බිත්ති මත අතින් ලියන ලද ලියවිලි, මස්ජිදය මධ්‍යයේ පිහිටි තටාකයකත්, කුරුසයක් සහ ඩේවිඩ්ගේ තරුවද  මස්ජිදයට අනන්‍ය වූ අලංකාරයක් ගෙන එයි. මෙම සියලු අංග තුර්කියට ආවේණික ඉස්ලාමීය කලාවන් ගෙන හැරපායි.

සිය 1100 වන වර්ෂ පූර්ණය සපුරන ශ්‍රී ලංකාවේ ප්‍රථම මුස්ලිම් මස්ජිදය

Image
  සිය 1100 වන වර්ෂ පූර්ණය සපුරන ශ්‍රී ලංකාවේ ප්‍රථම මුස්ලිම් මස්ජිදය ලෙස සැලකෙන අබ්රාර් මස්ජිදය පිහිටා ඇත්තේ බේරුවල මරදාන නම් ස්ථානයේය.  ශ්‍රී ලංකාවේ නිරිතදිග වෙරළ තීරයේ පිහිටා ඇති සුන්දර බේරුවල ප්‍රදේශය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකි. එනම්, අට වන සියවසේ මුස්ලිම් ව්‍යාපාරිකයන් සමූහයකගේ සිය ප්‍රථම ආගමන සිදු වූයේ මෙම ප්‍රදේශයට බැවිනි. එසේ ශ්‍රී ලංකාවේ ස්ථාපිත පළමු මුස්ලිම් මස්ජිදය ලෙස සැලකෙන අබ්රාර් මස්ජිදය එකල අරාබි වෙළඳුන් විසින් ඉදිකර ලද්දකි. අරාබිවරුන් බේරුවල සංචාරය කර ජීවත් වූ බවට මස්ජිද් උල් අබ්රාර් පල්ලිය කදිම සාක්ෂි ගොන්නක් ගෙනහැරපායි.  අද වන විට මෙම මස්ජිදුල් අබ්රාර් මස්ජිදය අදියර තුනකින් ප්‍රතිසංස්කරණය කර ඇති අතර එය බේරුවල මරදාන ප්‍රදේශ⁣යේ තේජාන්විතව බව ඉස්මතු කරයි. ✍️ මොහොමඩ් මිනාස් ඉස්ලාමීය අධ්‍යයනය සහ අරාබි භාෂා පීඨය ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය

සලාහුද්දීන් අයියූබි

Image
  බටහිර දේශයේ 'සලදින්' නමින් සුප්‍රසිද්ධ කලීෆා සුල්තාන් සලාහුද්දීන් අයියූබි ශුද්ධ වූ ජෙරුසලම භූමිය නිදහස් කොට අදට වසර 833ක් සැපිරේ. (ක්‍රි.ව. 1187 ඔක්තෝබර් 2 වන දින ) එකී මතකයන් සිහියට නැගෙන අතර නූතන පලස්තීන ජනයාට සිදුවන අසාධාරණකම් දෙස බැලීමේදී අපට ගෙන දෙනුයේ මහත් ශෝකය මුසු හැඟීමකි. උපන් භූමියේ සිය අයිතිය උදුරා ගනිමින් වත්මන් යුදෙව්වන් විසින් පලස්තීන දේශයේ වූ අහිංසක ජනතාවගේ භූමිය බලෙන් අත්පත් කොට තැනූ ව්‍යාජ ඊශ්‍රායල යුදෙව් රාජ්‍යය සිය මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක කරමින් පලස්තීන භූමිය ආක්‍රමණය කරමින් පවති. නමුත් කණගාටුවට කරුණ නම් නූතන අරාබි රාජ්‍යයන් ප්‍රමුඛ ලෝක බලවතුන් ද ඒ සඳහා නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් මුනිවත රැකීමයි.  එවන් පසුබිමක යුක්තිය සහ සාධාරණය වෙනුවෙන් සටන් බිමට වැද එදා ලබා ගත් ඒ ජයග්‍රහණය අප අද ස්මරණය කරමින් කීර්තිමත් මෙම ශ්‍රේෂ්ඨ නායකයාගේ මතකයට අපි අපගේ ගෞරවය පුද කරන්නෙමු. ඔහු සහ එදින සටනේ දිවිපිදූ ඔහුගේ සොල්දාදුවන් වෙනුවෙන් අප ප්‍රාර්ථනා කරන්නෙමු. ✍️ මොහොමඩ් මිනාස් ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය

අබ්බාසීය කිලාෆතයේ පැරණි රන් කාසි

Image
  මීට වසර 1100 කට පමණ පෙර අබ්බාසීය කිලාෆත් සමය නම් එවක ඉස්ලාමීය රාජ්‍ය පාලන කාලය දක්වා දිවෙන ඉතිහාසයකට උරුමකම් කියන ඉපැරණි රන් කාසි 425 ක් එවක පලස්තීන පාලන ප්‍රදේශයට අයත්ව තිබූ ගම්මානයක් වූ "යිබ්නා" හි කල කැණීම් වලදී සොයා ගන්නා ලදී. එකී ගම්මානය අද අයත්ව ඇත්තේ 1948 දී ඊශ්‍රායල විසින් පලස්තීනයෙන් බලහත්කාරයෙන් අත්පත් කරගත් ප්‍රදේශයකය. ඊශ්‍රායලය විසින් බලහත්කාරයෙන් තම පලස්තීන භූමිය අත්පත් කරගත් බව සනාථ කිරීමෙහිලා මෙයද තවත් එක් සාක්ෂියක් පමණි.

කුරුණෑගල රජ කළ මුස්ලිම් රජ ගලේ බණ්ඩාර නොහොත් වත්හිමි රාජා.

Image
ඉතිහාසය යනු අනාගතයේ යතුරයි. එය මානව වංශ කතාවේ වර්තමාන ස්ථාවරය මැනවින් පැහැදිලි කරයි. ඒ ආකාරයට සහශ්‍රකයක වූ ජන වාර්ගික සහජීවනය මැනවින් විදහාපාන සිදුවීමක් ලෙස එවක කුරුණෑගල රාජධානිය පාදක කොට ගත් අතීත සිදුවීමක් මෙලෙස ඔබ හට ගෙනහැර පාන්නෙමු. අප දන්නා ලංකා ඉතිහාසය තුල බිහි වූ සිංහල රාජධානි තුල රජ කල සිංහල රජ දරුවන් විටෙක තම අග මෙහෙසියන් දකුණු ඉන්දියාවේ සිට සිය රාජධානිය කරා ගෙනවිත් සරණ පා ගත් කතාන්දර අප ඕනෑ තරම් අසා ඇත. නමුත් ඉතිහාසයේ එක්තරා දිනයක වූ සිංහල රජ දරුවකු හා මුස්ලිම් මෙහෙසියකගේ සරණ පාවා ගැනීමක් ගැන නම් අප අසා නැති තරම්ය. අසා ඇතත් ඒ නම් කලාතුරකිනි. ඇතැම් ඓතිහාසික මූලාශ්‍ර ඒ කාරණයේදී නිහඬ පිළිවෙතක් අනුගමනය කර ඇති නිසාම එය එසේ වන්නට ඇතැයි අප සිතමු. කෙසේ නමුත් සෙරන්ඩිබ් දේශයේ සිංහල රජ දරුවන් පිළිබඳ සටහනක් තබමින් මොරොක්කෝ දේශයේ සිට පැමිණි සංචාරකයෙකු වූ ඉබ්න් බතූතා තම දේශාටන වාර්තාවක සටහන් කරන්නේ කුරුණෑගල රාජධානියේ වූ සිංහල-මුස්ලිම් වාර්ගිකයන් අතර වූ අපූරු සහසම්බන්දිත ඓතිහාසික වෘතාන්තයකි. එනම් එවක රජ කළ දෙවන බුවනෙකබාහු රජ සිය මෙහෙසිය ලෙස කුරුණෑගල අස්වැද්දුම නම් වූ ගම්මානයේ විසූ මැදගෙඩිය ...

අහ්මද් ඉබ්නු තුලූන් රෝහල

Image
අහ්මද් ඉබ්නු තුලූන් රෝහල ඉස්ලාමීය ඉතිහාසයේ පැරණිතම රෝහල් පිළිබඳ අධ්‍යයනයේදී අපට දැකගත හැකි ලක්ෂණයක් නම් ඒවා ඉස්ලාමීය හමුදාවන්ට ප්‍රතිකාර කිරීමට සැකසු තාවකාලික ජංගම බෙහෙත් ශාලාවන් වීමයි. එය නබිතුමාගේ අවදියේ සිට පැවත එන සම්ප්‍රදායක් ලෙස පැවතිනි. පසු කාලීනව ඉස්ලාමීය කිලාෆත් පාලන අවධි වලදී ආරෝග්‍යශාලා සහ පුරාණ බෙහෙත් ක්‍රම පිළිබඳ ඓතිහාසික සිදුවීම් අධ්‍යයනයේදී සුවිශේෂී සිදුවීම් දැක ගත හැක. මේ එලෙස එවක අහ්මද් ඉබ්නු තුලූන් විසින් ඉදිකළ ආරෝග්‍යශාලාවක් පිළිබඳ පුවතකි. මෙම පැරණි රෝහල ක්‍රි.ව. 872 දී ඉදිකරන ලද්දකි. එය එවක අබ්බාසි කිලාෆතයට අයත්ව තිබූ ඊජිප්තුවේ ආණ්ඩුකාර අහ්මද් ඉබ්නු තුලූන් විසින් කයිරෝ නුවර ඉදි කළේය. මෙහි දුගී, ධනවත්, වැඩිහිටි හා කුඩා දරුවන් ඇතුළු සැමට භේදයකින් තොරව නොමිලේ ප්‍රතිකාර ලබා දෙන ලදී. මෙම රෝහලේ විශේෂත්වය නම් එලෙස නොමිලේ ප්‍රතිකාර කිරීම සිදු කළ එවක පලමු රෝහල මෙය වීමයි. තවද මානසික රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂ මනෝචිකිත්සක අංශයක් හා පුස්තකාලයක් ද මෙහි වෙන් කර තිබිණි. එවක මෙහි ප්‍රතිකාර අපේක්ෂාවෙන් පැමිණෙන රෝගීන්ගේ ඇඳුම් සහ වටිනා ද්‍රව්‍ය තමා ප්‍රතිකාර ලබා ආපසු යන විට රැ...

ඔටෝමන් පාසැල් වල දැනුමට හිමි ස්ථානය

Image
ඔටෝමන් පාසැල් වල සිසුන් ඇගයීමට ලක් කෙරෙනුයේ ඔවුන් සතු විශේෂ හැකියාවන් පදනම් කරගෙන ය. එම නිසා එම පාසැල් වල විවිධ පාඨමාලා පැවැත්වෙන ලදි. මෙම පුවරුවේ සටහන් වී ඇති ආදර්ශ පාඨයේ අර්ථය වන්නේ "මෙහි කිසිදු මත්ස්‍යයෙකුට පියාසර කිරීමට බල නොකෙරේ. කිසිදු පක්ෂියෙකු ට පිහිනුම් කිරීමට බල නොකෙරේ" යන්නෙහි ය. #දැනුම