සලාහුද්දීන් අයියූබි

 

බටහිර දේශයේ 'සලදින්' නමින් සුප්‍රසිද්ධ කලීෆා සුල්තාන් සලාහුද්දීන් අයියූබි ශුද්ධ වූ ජෙරුසලම භූමිය නිදහස් කොට අදට වසර 833ක් සැපිරේ. (ක්‍රි.ව. 1187 ඔක්තෝබර් 2 වන දින )

එකී මතකයන් සිහියට නැගෙන අතර නූතන පලස්තීන ජනයාට සිදුවන අසාධාරණකම් දෙස බැලීමේදී අපට ගෙන දෙනුයේ මහත් ශෝකය මුසු හැඟීමකි. උපන් භූමියේ සිය අයිතිය උදුරා ගනිමින් වත්මන් යුදෙව්වන් විසින් පලස්තීන දේශයේ වූ අහිංසක ජනතාවගේ භූමිය බලෙන් අත්පත් කොට තැනූ ව්‍යාජ ඊශ්‍රායල යුදෙව් රාජ්‍යය සිය මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක කරමින් පලස්තීන භූමිය ආක්‍රමණය කරමින් පවති. නමුත් කණගාටුවට කරුණ නම් නූතන අරාබි රාජ්‍යයන් ප්‍රමුඛ ලෝක බලවතුන් ද ඒ සඳහා නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් මුනිවත රැකීමයි. 

එවන් පසුබිමක යුක්තිය සහ සාධාරණය වෙනුවෙන් සටන් බිමට වැද එදා ලබා ගත් ඒ ජයග්‍රහණය අප අද ස්මරණය කරමින් කීර්තිමත් මෙම ශ්‍රේෂ්ඨ නායකයාගේ මතකයට අපි අපගේ ගෞරවය පුද කරන්නෙමු.

ඔහු සහ එදින සටනේ දිවිපිදූ ඔහුගේ සොල්දාදුවන් වෙනුවෙන් අප ප්‍රාර්ථනා කරන්නෙමු.

✍️ මොහොමඩ් මිනාස්
ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය

Comments

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය