අහ්මද් ඉබ්නු තුලූන් රෝහල



අහ්මද් ඉබ්නු තුලූන් රෝහල

ඉස්ලාමීය ඉතිහාසයේ පැරණිතම රෝහල් පිළිබඳ අධ්‍යයනයේදී අපට දැකගත හැකි ලක්ෂණයක් නම් ඒවා ඉස්ලාමීය හමුදාවන්ට ප්‍රතිකාර කිරීමට සැකසු තාවකාලික ජංගම බෙහෙත් ශාලාවන් වීමයි. එය නබිතුමාගේ අවදියේ සිට පැවත එන සම්ප්‍රදායක් ලෙස පැවතිනි. පසු කාලීනව ඉස්ලාමීය කිලාෆත් පාලන අවධි වලදී ආරෝග්‍යශාලා සහ පුරාණ බෙහෙත් ක්‍රම පිළිබඳ ඓතිහාසික සිදුවීම් අධ්‍යයනයේදී සුවිශේෂී සිදුවීම් දැක ගත හැක.



මේ එලෙස එවක අහ්මද් ඉබ්නු තුලූන් විසින් ඉදිකළ ආරෝග්‍යශාලාවක් පිළිබඳ පුවතකි. මෙම පැරණි රෝහල ක්‍රි.ව. 872 දී ඉදිකරන ලද්දකි. එය එවක අබ්බාසි කිලාෆතයට අයත්ව තිබූ ඊජිප්තුවේ ආණ්ඩුකාර අහ්මද් ඉබ්නු තුලූන් විසින් කයිරෝ නුවර ඉදි කළේය. මෙහි දුගී, ධනවත්, වැඩිහිටි හා කුඩා දරුවන් ඇතුළු සැමට භේදයකින් තොරව නොමිලේ ප්‍රතිකාර ලබා දෙන ලදී. මෙම රෝහලේ විශේෂත්වය නම් එලෙස නොමිලේ ප්‍රතිකාර කිරීම සිදු කළ එවක පලමු රෝහල මෙය වීමයි. තවද මානසික රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂ මනෝචිකිත්සක අංශයක් හා පුස්තකාලයක් ද මෙහි වෙන් කර තිබිණි. එවක මෙහි ප්‍රතිකාර අපේක්ෂාවෙන් පැමිණෙන රෝගීන්ගේ ඇඳුම් සහ වටිනා ද්‍රව්‍ය තමා ප්‍රතිකාර ලබා ආපසු යන විට රැගෙන යාම සඳහා රෝහල් බලධාරීන් හට පැවරීමට සුවිශේෂී යාන්ත්‍රණයක් ද තිබූ බව සදහන්ය. මේ ආකාරයට එවක මෙම රෝහල ඉදි කිරීමට දිනාර් 60,000 ක වියදමක් දරා ඇත.


- මිනාස් - 
ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය

Comments

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය