මින්බර් වේදිකාවක් මත වූ සෞරග්‍රහ මණ්ඩලයේ කැටයම්

  





1399 දී ඉදිකරන ලද ඔටෝමාන් අධිරාජ්‍යයේ පැරණිතම මස්ජිදයක් වන " බර්සා හි උලූ" මස්ජිදයේ මින්බර් වේදිකාව මත සෞරග්‍රහ මණ්ඩලය කැටයම් කර ඇති අයුරු.




තුර්කියේ පිහිටා ඇති මෙම මස්ජිදයේ එම කැටයම විශ්වය පිළිබඳ නිරූපණය කරන අතර එම සෞරග්‍රහ මණ්ඩලය ලීයකට කැටයම් කර ඇත.  සූර්යයා සිට එම ග්‍රහලෝක වලට ඇති දුර හා සමානුපාතික ප්‍රමාණයන් සැලකිල්ලට ගනිමින් ග්‍රහලෝක එම ලීයට කැටයම් කර ඇත.  සිත්ගන්නා කරුණ නම් මෙහි ග්‍රහලෝක 9 ක් ඇති අතරම ප්ලූටෝ වම් කෙළවරේ දක්නට ලැබීමයි. 




ඉස්ලාමීය ගෘහනිර්මාණ සම්ප්‍රදායට අනුව නිමවා ඇති සුන්දර මින්බර් වේදිකාවේ බිත්ති මත අතින් ලියන ලද ලියවිලි, මස්ජිදය මධ්‍යයේ පිහිටි තටාකයකත්, කුරුසයක් සහ ඩේවිඩ්ගේ තරුවද  මස්ජිදයට අනන්‍ය වූ අලංකාරයක් ගෙන එයි. මෙම සියලු අංග තුර්කියට ආවේණික ඉස්ලාමීය කලාවන් ගෙන හැරපායි.



Comments

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය