විශ්වාසයන් පිළිබඳ සංවාදය

 

එකිනෙකා තුළ වූ විශ්වාසයන් ගැන කතා කිරීමම සංවේදී කාරණයකි. මන්දයත් ඉන් අප පවසන දෙයට වඩා එහා වූ යමක් ඉන් ඔවුන් තේරුම් ගැනීමට උත්සාහ දැරීමයි. එනම් අප කුමක් අදහස් කළද ඔවුන්ගේ කෝණයේ සිටම ඔවුන් එය තේරුම් ගැනීමට වෙහෙසීමයි.

අප මිදිය යත්තේ එකී හිතුවක්කාරී චර්යාවෙනි. විවේචනය, ප්‍රකාශන සහ අදහස් ප්‍රකාශ කිරීම යනු සෑම අයෙකුගේම අයිතියකි. ආගමක් තුළ , දර්ශනයක් තුළ , ඇදහිල්ලක් තුළ ජීවත් වන්නන් සිය ඇදහිල්ල විවේචනයට ඉඩක් නොදේ නම් ඉන් අදහස් වෙන්නේ එකී ආගම, දර්ශනය හෝ ඇදහිල්ල තුළ වූ අසම්පූර්ණ භාවයයි. තවද එකී ඇදහිල්ල තුළ ජීවත් වන්නා දිවි ගෙවනුයේ සිර කුටියක වන් ජීවිතයක් තුළ බවයි. 

තවද එයිනුත් එහාට ගොස් සිය ඇදහිල්ල විවේචනය කරන පුද්ගලයාගේ විවේචනයේ වූ සාධාරණත්වය, අසාධාරණත්වය පසෙක තබා විවේචනය කරන්නාට පුහු ලේබල් අලවමින් අපහාස කරන්නාගේ මානසිකත්වය ඊටත් වඩා වෙනස් ය. ඔවුන් නම් ලිං මැඩියන් සේය. ලෝකයක් පිළිබඳ අවබෝධයක් නැති ඔව්හූ සිය ජීවිතය කාලය පුරාම සිය අඳුරු ලිඳෙහි වාසය කරයි. ඉන් පිටතට පැමිණ ලෝකය දැකීමට හෝ ඔවුන් ප්‍රිය නොකරයි. තමා නොදත් සත්‍යය අවබෝධ කර ගැනීමට තබා එය හැඳිනගැනීමද ප්‍රතික්ෂේප කරයි. ඇදහිල්ල තමාගේ නොවන තාක් එදිරිවාදියා වෙත ලේබල් ඇලවීමම ඔවුන්ගේ ප්‍රතික්‍රියාව වේනම් ඒ ඔවුන්ගේ ඇදහිල්ල විසින් ඔවුන් හට ලබා දුන් ධෛර්යයි.

Comments

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය