ආගමික ගැටලු දේශපාලනීකරණය වීම

 

ආගමික ප්‍රශ්න දේශපාලනික වශයෙන් විසඳීම අරුත් සුන් කාර්යයකි. නමුත් අප පිළිගත යුතු දෙයක් වේ. එනම් ආගම මුල් කර ගත් ඕනෑම ගැටලුවක් ඇති වූ විටෙක ආගමික වශයෙන් අපට පොදු එකඟතාවකට එලඹීමට නොහැකි නම් ආගමික ගැටලු දේශපාලනීකරණය වීමද නොවැළැක්විය හැකි බවයි.

තවද ආගමික නායකත්වයකට සමාජයීය වශයෙන් හෝ දේශපාලනික වශයෙන් බලයක් ලැබෙන්න කලින් ආගමික නායකත්වයකට සිය දහම පිළිබඳ නිවැරදි ධාර්මික දෘශ්ටියක් ලැබිය යුතු වේ. ලාංකීය මුස්ලිම් සමාජයට සිදු වී ඇත්තේ නිවැරදි වූත්, සියලු පාර්ශ්වයන් එකඟ වූත්, දහම පිළිබඳ ඇති කර ගත් පොදු ඉස්ලාමීය දෘශ්ටියක් ඔවුනතර නැති කම නොවේද! 

උදාහරණයක් ලෙස කූරගල ගැටලුව විසඳීමට අසීරු වන්නේ ද මේ නිසාවෙන් බව හොඳින්ම වැටහේ. මුස්ලිම් සමාජයේ කොටසකට එහි ක්‍රියාත්මක ඇදහිල්ල අවශ්‍යය වේ. තවද තවත් කොටසකට එකී ඇදහිල්ල අනවශ්‍ය වේ. නමුත් මුස්ලිම් කියන පොදු අනන්‍යතාවය ඇතුලත ( මුස්ලිම්වරුන්ගේ නියෝජිතයෙකු වශයෙන් පෙනී සිටින සභාව තුළ ) ඒ ඇදහිල්ල පිළිබඳ ගත්ත පොදු එකඟතාවක් නැහැ. ඒකට ලොකු හේතුවක් වෙන්නේ එයාලා සමස්ත මුස්ලිම් ජනතාව නියෝජනය කරන ලෙස සමාජයට තමන්ව පෙන්ව ගත්තද සමස්ථ මුස්ලිම්වරුන්ගේ නියෝජනයක් එතුල නොමැති වීමයි. එවිට මුස්ලිම් අනන්‍යතාවයකින් එන සියලු ප්‍රශ්න වලට ඔවුන්ට මුහුණ දීමටද අසීරු වේ. ඒ නිසාම ඔවුන්ට එතන නිශ්ශබ්ද වීමටද සිදු වේ. ඒ නිශ්ශබ්දතාවයම පසු කලෙක නියපොත්තෙන් කැඩීමට ඇති දේ පොරවෙන් කැඩීමට අවශ්‍ය වෙන තැනට පත් වේ. තවද මතවාද පසෙක තබා සමස්ත මුස්ලිම් ජනතාවමද එතුළින් පීඩාවට පත් වේ. මේ එක් උදාහරණයක් පමණි. තවත් බොහෝ දේ මේ ආකාරයට පෙන්වා දිය හැකිය. 

එබැවින් බහු විධ සමාජයක් තුළ ජීවත් වන මුස්ලිම්වරුන් ලෙස මුස්ලිම් සමාජය අභ්‍යන්තරය තුළ සිය ආගමික දෘශ්ටිය පිළිබඳව 'පොදු එකඟතාවක්' ඇති කරගැනීමට කටයුතු කිරීම සමාජයේ පවතින විශාල ගැටලු සංඛ්‍යාවක් විසඳා ගැනීමට උපකාරී වේ. මෙරට ජීවත් වන සියලුම ජන කොටස් සමග සාමයෙන් හා සංහිඳියාවෙන් යුතුව ජීවත් වීමටද එය රුකුලක් වේ.

Comments

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය