සුබවාදී හීන

 

වෙනස් විය යුත්තේ සිතිවිල්ලේ ස්වභාවයයි. නමුත් වෙනස් විය යුතු එම සිතිවිල්ලේ ස්වභාවය පිළිබඳව අප දැන දැනත්, එය වෙනස් කර ගැනීමට උත්සාහයක් හෝ අප නොකරයි. ඒ නිසාම අසුභවාදී සිතුවිලි නම් වළ තුළ බොහෝ දිනක පටන් අප සිර වී සිටියි. ඉන් ගොඩ ඒමට නම් අනුගමනය කළ යුත්තේ සරල ක්‍රියාදාමයකි.

'සුභවාදී හීන' යනු එම මාර්ගයයි. එය අප ජීවිතයේ සෑම ඉසව්වකටම පොදුය. දශක හතක පටන් අප දේශපාලන වශයෙන් සෘණාත්මක අන්තයකට ගමන් කරමින් කරමින් සිටින්නෙමු. "කවුරු ආවත් වැඩක් නැහැ, ඔක්කොම හොරු..." 

"අපි හම්බ කරොත් අපි කනවා... " වැනි ප්‍රකාශ අප තව දුරටත් ඉදිරියට ගෙන යාමෙන් ඵලක් නැත. මන්ද යත් එය තවදුරටත් අප ඉහත කී සෘණාත්මක අන්තයක් වෙතම ගෙන යන බැවිනි.

අප අනාගතය අප හීන වලට අනුව සකසා ගැනීමට අවශ්‍ය නම් මුලින්ම අප බැහැර විය යුත්තේ එකී අසුභවාදී සිතිවිල්ලෙන් ය. තවද අප අමතක කර දැමිය යුත්තේ මහලු දේශපලානඥන්ගේ පැරණි මොඩලයයි. එවිට නිසැකවම අප ඒ හීන හැබෑ කර ගත හැකි මාවතකට යොමු වනු ඇත. හීන සැබෑ කර ගැනුමට වෙර දරන තවත් අයවලුන් අපට හමු වනු ඇත. 

හීන වලට විශාල ප්‍රාකාරයන් පවා පෙරලා දැමීමට ශක්තියක් වේ. අප හඹා යා යුතු වන්නේ එකී ශක්තිමත් හීන පසු පස මිසක වල් වැදුන ගතානුගතික චින්තනයන් පිටු පස නොවේ.


- මොහොමඩ් මිනාස් -

Comments

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය