ඒකාධිපතිත්වය

 



ලොව කුමන දිග් භාගයේ වුවද බලයේ සිටින්නාවූ ෆැසිස්ට්වාදී පාලකයන් මේ පින්තූරයේ අර්ථය තේරුම් ගන්නා දිනක් පැමිණෙනවා නියතයි. එය ලෝකයටම පොදු ධර්මතාවයකි. 


දේශපාලනය යනු සමාජ භාවිතයකි. එහි මූලික අර්ථ දෙකකි. ඉන් පලමු වැන්න දේශපාලනය පුරවැසි ක්‍රියාකාරිත්වයේ අංගයක් සහ පුරවැසියන්ද සමාජ මට්ටමෙන් දේශපාලන භාවිතයේ යෙදෙති යන්නයි. දෙවැන්න නම් සමාජය තුල සිදුවන පුද්ගල ක්‍රියාකාරීත්වයේ සහ පුද්ගල සම්බන්ධතා අතර ද අන්තර් පුද්ගල භාවිතයක් හැටියට දේශපාලනය පවතින්නේය යන්නයි.


පාලකයා විසින් පුරවැසියාව දේශපාලනයෙන් වෙන් කිරීමට අදහස් කිරීම පවා ගඟට ඉනි කැපීමක් වැනි ක්‍රියාවලියකි. පාලකයාට යම් තාක් දුරකට මිනිසාව ඇන්දවීම කළ හැකිය. නමුත් සෑම කල්හිම තම සිතැඟි පරිදි මිනිසාව ගොනාට ඇන්දවිය නොහැකිය. මන්ද යත් රෑ වැටුණු වලට දවාලෙත් වැටීමට තරම් පුරවැසියන් මෝඩ නැත.


නමුත් එවැනි සිහින දැකීම ඒකාධිපති පාලකයාගේ නම් ස්වරූපයක්ය.


#srilankanpolitics

Comments

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය