නව සඳ දැකීම Get link Facebook X Pinterest Email Other Apps May 30, 2020 රමලාන්_සඳමෝගල් පාලනය සමයේ ඉස්ලාමීය දින දර්ශනයටය අනුව නව සඳ දැකීම නිරූපණය කරමින් 18 වන සියවසේ පමණ ඇඳි විචිත්‍රවත් සිතුවමක්. මෙය වර්තමානයේ එංගලන්තයේ ඇශ්මෝලියන් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර ඇත.ඊද් මුබාරක් ..! Get link Facebook X Pinterest Email Other Apps Comments
කාමන් කූත්තු නර්තනය June 01, 2020 කාමන් කූත්තු අතීතයේ ශ්‍රී ලංකාව යටත් කර ගෙන සිටි ඉංග්‍රීසි ජාතිකයන් කඳුකරය ආශ්‍රිතව කළ වතු වගාවන් අතරින් තේ වගාව ඉතා ප්‍රචලිතය. ඔවුන් ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මෙම වතු වගා ආරම්භ කරන ලද නමුත් ස්වදේශික ජනතාව අතරින් කිසිවෙකු මෙම කර්මාන්තය ආශ්රිත සේවයෙහි නිරත වීමට ඉදිරිපත් නොවීම ඔවුන්ට පැන නැගුණු විශාල බාධාවක් විය. ඒ නිසාම දමිළ වතු කම්කරුවන් ඉන්දියාවෙන් රැගෙන ඒමට ඔවුන් කටයුතු කලහ. එලෙස ලංකාවට ගෙන ආ වතු කම්කරු ප්‍රජාව අතර එවක ඉන්දීය ග්‍රාමීය දමිළ ජන කලාවන් ප්‍රගුණ කළ ගායකයින් සහ රංගන ශිල්පීන් වැනි අයද විය. එසේ පැමිණි දමිළ ප්‍රජාව කඳුකරයේ වතු ආශ්‍රිතව සේවය කරන අතර තුරම තම මුතුන් මිත්තන්ගේ උරුමයෙන් ලද දකුණු ඉන්දියානු ගායනා හා නර්ථන කලාවන් රැක ගත්හ. ඔවුන් ඒවා තමා ජීවත් වූ වතු ජනපද ආශ්‍රිතව ව්‍යාප්ත කිරීමද සිදු කළහ. කාමන් කූත්තු යනු එවැනි ශ්‍රී ලාංකික කඳුරක දමිළ ජනයා අතර ප්‍රසිද්ධ නර්තන කලාවකි. කාමන්ගේ ඉතිහාසය ඉතා පැරණි ය. වතුකර ජනතාව අතර පැවතෙන ජනප්‍රවාද වලට අනුව කාමන්ට නමස්කාර කිරීමේ සම්ප්රදාය කාමන් කූත්තු නැටීම ලෙස හැඳින්වේ. සෑම වසරකම හින්දු දින දර්ශනයේ මාසි මස එනම් පෙබරවාරි මස පොහොය දින... Read more
සෙනීෆා සනීර් May 25, 2021 පෑන හැසිරවීමේ කලාව ප්‍රගුණ කළ දහස් සංඛ්‍යාත පිරිසක් සිංහල සාහිත්‍ය සමාජය තුළ ජීවත් වුවත් හැඟීම් අකුරු බවට පෙරලීමෙහිලා සෙනීෆා යනු ඒ අතරින් තවත් එක් විශිෂ්ඨ ලේඛිකාවකි. ලෙස සාහිත්‍ය නිර්මාණකරණයන් සඳහා උපන් හැකියාවකින් පසුවන ඇය නමින් සෙනීෆා සනීර් වූ අතර ඇය ශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයේ අරුප්පොළ ග්‍රාමයේ උපත ලැබීය. සිංහල, ඉංග්‍රීසි යන ද්විත්ව භාෂාවම මැනවින් හසුරුවමින් එකී භාෂාවන් ආශ්රිත සාහිත්‍ය නිර්මාණයන් ඈ විසින් සමාජයට දායද කර ඇත. සිංහල බස හසුරවන මුස්ලිම් පවුලක පහස ලැබීමම ඈ සිංහල සාහිත්‍ය කලාවට නැඹුරු වීමට බෙහෙවින් බලපා ඇත. මහනුවර ප්‍රසිද්ධ පාසලක් වන බදියුදීන් මහ්මූද් බාලිකා පාසලේ අධ්‍යාපනය හැදෑරූ ඇය එහිද සිංහල භාෂාවෙන් අධ්‍යාපනය හැදෑරීම සිදු කර ඇත. නවකතා, කෙටිකතා, ළමා කතාන්දර ලෙස ඈ අතින් රචනා වූ නිර්මාණයන් රැසකි. ඒ අතරින් "පූදින්න ඉඩ දෙන්න" නම් නව කතාව යනු ඇගේ ජීවිතයේ තීරණාත්මක සංධිස්ථානයක් විය. ඒ මන්දයත් ඇගේ ජීවිතය තුළ ප්‍රකාශයට පත් පලමු සිංහල නවකතාව එය වීමයි. අවුරුදු පහලොවක් වන් වූ අවදියේ සිටම නවකතාකරණයේ යෙදුනත් ඉන් එකදු පොතක් හෝ ප්‍රකාශයට පත් කරගැනීමේ අවකාශයක්... Read more
අල් හවාරිස්මි May 30, 2020 විසිඑක් වන සියවසේ තාක්ෂණයට වශීකෘත වී මොහොතක් ඒ දෙස නෙත් යොමන අයෙකුට "අප මේ ගෙවනුයේ තාක්ෂණයේ උච්චතම අවධිය" යැයි දෝයි සැක සිතන තරමටම අද අප තාක්ෂණයෙන් වෙලා ගෙන ඇත. නමුත් යථාර්ථය එය නොව. මේ විශ්වය පවතින තුරාවටම දැනුමට අවසානයක් නොපවති. මිනිසාගේ ආරම්භයේ පටන් අද දක්වාත් අනාගතය දක්වාත් දැනුමෙහි අවසන් ප්‍රතිඵලය වූ තාක්ෂණයේ ගමන දිනෙන් දින, වසරින් වසර, යුගයෙන් යුගයට දියුණු වෙමින් ඉදිරියටම ගමන් කරයි. අනාගතය යනු වත්මන් දැනුමින් අපට සිතාගත නොහැකි වන තරමටම විශ්මිත වූ ලෝකයක් බව නොඅනුමානය. එලෙසම තාක්ෂණයට සුවිශාල මෙහෙවරක් ඉටු කළ මුහම්මද් ඉබ්නු මූසා අල් හවාරිස්මි යනු පර්සියානු ගණිතඥයෙකු, තාරකා විද්‍යාඥයකු සහ ජ්‍යෝතිශ්‍ය ශාස්ත්රඥයෙකු ලෙසින් එවක අබ්බාසි පාලකවරු බැග්ඩෑඩ්හි ස්ථාපිත කල ප්‍රඥාවේ මන්දිරය නම් "බයිතුල් හික්මා" අධ්‍යාපන ආයතනයේ විසූ සුප්‍රසිද්ධ විශාරදයෙකි. ඔහු ක්‍රි ව 780 දී පමණ එවක පර්සියාවේදී මෙලොව එළිය දුටුවේය. අල් හවාරිස්මි එවක බයිතුල් හික්මා ආයතනයේ සේවය කළ විද්වත් මණ්ඩලයේ වූ අයෙක්ය. ලොව ප්‍රසිද්ධ අරාබි නිසොල්ලාසය නම් වෘතාන්තයේ සඳහන් එවක අබ්බාසි කලීෆාවරයා වූ හරුන් අල් රෂ... Read more
Comments
Post a Comment