Posts

Showing posts with the label පුරාණ ජනශ්‍රැති (Ancient Traditions)

සැඟවුණු ඉතිහාසය

Image
 මහාචාර්ය ඊනියාර්ගේ විග්‍රහයට අනුව ඉතිහාසය යනු "සමාජ ක්‍රම වල මතක සටහනකි". එකී ඉතිහාසය වැළලීම යනු එම සමාජක්‍රමයයේ මතක සටහන් සමාජය තුලින් අතුගා දැමීමකි. තවත් වසර 10 සපිරුන පසු වසර 100 ක් සම්පුර්ණ වූ පුරාවස්තුවක් බවට පත්විමට නියමිතව තිබු මාලිගාවත්ත මුස්ලිම් සුසාන භුමියේ තිබු යේමන් ජාතික සෙය්යද් අහමිද් ඉබ්නු අස් සෙය්යද් අබ්බාස් බා අලවි නම් අයෙකු මිහිදන් කොට ඔහු සිහි කිරීමට එවක තැනූ සොහොන් කොතක් යම් කිසි කණ්ඩායමක් විසින් ඉවත්කර ඇති බව ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව සඳහන් කර සිටියි. මිහිදන් කළ අයෙකු සිහි වනු පිණිස සොහොන් කොත් තැනීම පිළිබඳව මතවාදයක් ඉස්ලාමීය සමාජය තුල තිබෙන බව සැබෑය. නමුත් ශ්‍රී ලාංකීය මුස්ලිම්වරයාගේ උරුමයන් පිළිබඳ කියැවෙන මේ ආකාරයේ වු පැරණි නටඹුන් විනාශ කිරීම අනුමත කළ නොහැක. එය අපගේම දෑත් වලින් අපගේම ඉතිහාසය කටුගා දැමීමකි.

සීලාත් සටන් කලාව

Image
  'සීලත්' යනු මැලේ ලෝකය පුරා මුල් බැසගත් ආත්මාරක්ෂාව සඳහා බිහිවූ සටන් කලාවකි. මෙකී සාම්ප්‍රදායික මැලේ සටන් කලාවේ ආරම්භය පුරාණ මැලේ ලෝකයේ විසූ මානවයාගේ වූ ආත්මාරක්ෂාව, දඩයම් ක්‍රම සහ හමුදා පුහුණුව වැනි අවශ්‍යතාවයන් මත නිර්මාණය වී ඇත.  යුද්ධ වලදී සටන් කිරීම සඳහා රණශූරයින් පුහුණු කිරීමේදී ශාරීරික සටන් සහ ආයුධ පුහුණුව වැදගත් වේ.  මීට වසර 2000 කට පෙර මැලේ ශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිටම විවිධ මැලේ ගෝත්‍රිකයන් අතර මෙම සටන්කලාව වර්ධනය වූ බව විශ්වාස කෙරේ. මෙම සටන් කලාවට ආවේණික මුල් සටන් ශෛලීන් කිඹුලන්, කොටියන් සහ රාජාලියාගේ චලනයන් අනුකරණය කරයි. මානව චලන, සොබාදහම සහ සතුන්ගේ චලනයන්ගෙන් අනුකරණය කර සැදුම්ලත් සීලත් ආත්මාරක්ෂක සටන් කලාවේ බොහෝ සටන් අංග තිබේ. නිදසුනක් වශයෙන්, සීලත් සටන් කලාවට අයත් "සීලත් හරිමවු" නම් අංගයේ සෞන්දර්යාත්මක මෙන්ම රිද්මයානුකූල චලනයන් ඇතුළත් කොටියෙකුගේ ආත්මාරක්ෂාව සඳහා වූ ප්‍රහාරයන් අනුකරණය කරයි.  මැලේසියාවට පමණක් ආවේණික සීලත් සටන් අංග 150 කට වඩා ඇති අතර ඒවායේ නම් සතුන් සහ ශාක වැනි ස්වාභාවික මූල වලින් නිර්මාණය වී තිබීම අපූරුය.  අග්නිදිග ආසියාවේ වූ සශ්‍රීක වන...

තහ්තීබ් සටන් කලාව

Image
  තාක්ෂණයේ දියුණුව පැතිරී නොගිය කේෂ්ත්‍රයක් අද ලෝකයේ සොයා ගත නොහැකි තරම්ය. ඒ ආකාරයට සටන් කලාව තුලටද තාක්ෂණයේ ආගමන සිදුවීම තුළින් නූතන අවධිය ගත් කල හුදු ශරීරය ආශ්‍රිතව සිදු කරන සටන් ක්‍රම වලට වඩා ආයුධ මත පදනම් වූ සටන් කලාවන් ප්‍රමුඛත්වයක් ගනී. මේ ආකාරයට පුරාණ අවධියේ ලොව පුරා ප්‍රචලිත සටන් කලාවන් අතුරින් මැදපෙරදිග කලාපයට ආවේණික වූ සටන් කලාවක් වේ නම් ඒ "තහ්තීබ්" සටන් කලාවයි.  එවක ඊජිප්තුවෙන් ආරම්භ වූ බවට විශ්වාස කෙරෙන තහ්තීබ් නම් සටන් කලාව පුරාණ අරාබිකරයේ ප්‍රසිද්ධ සටන් කලාවක් වුවද අද වන විට එය තහ්තීබ් සටන් ආකෘතියකට නිර්මාණය වූ ජන නැටුමකට සීමා වී ඇත. ආරම්භක අවධියේ සැරයටියක් උපයෝගී කරගෙන වේගවත් ප්‍රහාර වලින් සමන්විත වී ඇති මෙම සටන් කලාව එවක යුධ පුහුණු වල ප්‍රධාන අංගයක් ලෙස පැවතී ඇත.   වත්මන් අවධියේ දක්නට ලැබෙන මෙම තහ්තීබ් නැටුම්වල එකී සටන් පුහුණු අංග කිහිපයක් දැක ගත හැකිය. නමුත් එහිදී කඩුව වඩාත් සුලභ ආයුධයක් ලෙස යොදාගෙන තිබීමට හේතු වී ඇතැයි සැලකෙනුයේ කඩුව යනු අරාබි දේශයන් වලට ආවේණික වූ සංස්කෘතික අංගයක් ව තිබූ බැවිනි. මීට අමතරව සාම්ප්‍රදායික අරාබි ලෝකයේ දුනු ශිල්පය සහ අශ්...

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

මුහම්මද් නබි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් ඈත පිටිසර අරාබි අර්ධ ද්වීපයේ පිහිටි මක්කා නුවර ජාහිලියියා නම් එවක අඳුර රජ කළ යුගයේ අයුක්තිය රජ කළ මතින් මත් වී දූ කෙලියේ යෙදුන, දුරාචාරයෙන් සහ පොලිය මුල් කර ගත් ආර්ථික රටාවක ජීවිකාව ගෙන ගිය, වයිරය මුසු ගොත්‍රයන් අතර වූ දරුණු ගැටුම් උත්සන්න වෙමින් තිබූ සමූහයක් විසූ අවධියේ තවත් එක් දිනයක් එලෙස උදා විය. නමින් 'මුහම්මද්' වූ ඔහු අඳුරෙන් ආලෝකය කරා මුලු ලෝකයම පරිවර්තනය කරනු වස් ආනාගතය සඳහා වූ එකම ගැලවුම්කරුවකු සේ අබ්දුල්ලා සහ ආමිනා යන දෙදෙනාට දාව මක්කා නුවරදී උපත ලැබුවේය.  කුරෛෂ් ගෝත්‍රයට උරුමකම් කියමින් මෙලොව එළිය දුටු ඒ උතුම් පුත්‍ර රත්නය උපදින විටම පියාණන් අහිමි දරුවකු සේ සිය මව වූ ආමිනාගේ තුරුලේ තනි වූ අතරම උපත ලද වහාම එවක අරාබියාවේ පැවති සිරිතට අනුව සිය කුළුඳුල් දරුවා කිරිදී පෝෂණය කරනු පිණිස ගම්බද කිරි මවක් වූ හලීමා නම් වූ කාන්තාව වෙත පත් කලේය. සිය හයවන වියේදී තම එකම පුතු ද මෙලොව හැර දමා නික්ම යමින් ආමිනා නම් වූ ඔහුගේ මවගේ වියෝව සිදු විය. පසුව සිය මුත්තනුවන් වූ අබ්දුල් මුත්තලිබ්ගේ භාරකාරත්වය යටතේ හැදී වැඩුන ඔහු කුඩා කල සිටම සිය මුහ...

කුරුණෑගල රජ කළ මුස්ලිම් රජ ගලේ බණ්ඩාර නොහොත් වත්හිමි රාජා.

Image
ඉතිහාසය යනු අනාගතයේ යතුරයි. එය මානව වංශ කතාවේ වර්තමාන ස්ථාවරය මැනවින් පැහැදිලි කරයි. ඒ ආකාරයට සහශ්‍රකයක වූ ජන වාර්ගික සහජීවනය මැනවින් විදහාපාන සිදුවීමක් ලෙස එවක කුරුණෑගල රාජධානිය පාදක කොට ගත් අතීත සිදුවීමක් මෙලෙස ඔබ හට ගෙනහැර පාන්නෙමු. අප දන්නා ලංකා ඉතිහාසය තුල බිහි වූ සිංහල රාජධානි තුල රජ කල සිංහල රජ දරුවන් විටෙක තම අග මෙහෙසියන් දකුණු ඉන්දියාවේ සිට සිය රාජධානිය කරා ගෙනවිත් සරණ පා ගත් කතාන්දර අප ඕනෑ තරම් අසා ඇත. නමුත් ඉතිහාසයේ එක්තරා දිනයක වූ සිංහල රජ දරුවකු හා මුස්ලිම් මෙහෙසියකගේ සරණ පාවා ගැනීමක් ගැන නම් අප අසා නැති තරම්ය. අසා ඇතත් ඒ නම් කලාතුරකිනි. ඇතැම් ඓතිහාසික මූලාශ්‍ර ඒ කාරණයේදී නිහඬ පිළිවෙතක් අනුගමනය කර ඇති නිසාම එය එසේ වන්නට ඇතැයි අප සිතමු. කෙසේ නමුත් සෙරන්ඩිබ් දේශයේ සිංහල රජ දරුවන් පිළිබඳ සටහනක් තබමින් මොරොක්කෝ දේශයේ සිට පැමිණි සංචාරකයෙකු වූ ඉබ්න් බතූතා තම දේශාටන වාර්තාවක සටහන් කරන්නේ කුරුණෑගල රාජධානියේ වූ සිංහල-මුස්ලිම් වාර්ගිකයන් අතර වූ අපූරු සහසම්බන්දිත ඓතිහාසික වෘතාන්තයකි. එනම් එවක රජ කළ දෙවන බුවනෙකබාහු රජ සිය මෙහෙසිය ලෙස කුරුණෑගල අස්වැද්දුම නම් වූ ගම්මානයේ විසූ මැදගෙඩිය ...

කාමන් කූත්තු නර්තනය

Image
කාමන් කූත්තු අතීතයේ ශ්‍රී ලංකාව යටත් කර ගෙන සිටි ඉංග්‍රීසි ජාතිකයන් කඳුකරය ආශ්‍රිතව කළ වතු වගාවන් අතරින් තේ වගාව ඉතා ප්‍රචලිතය. ඔවුන් ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මෙම වතු වගා ආරම්භ කරන ලද නමුත් ස්වදේශික ජනතාව අතරින් කිසිවෙකු මෙම කර්මාන්තය ආශ්‍රිත සේවයෙහි නිරත වීමට ඉදිරිපත් නොවීම ඔවුන්ට පැන නැගුණු විශාල බාධාවක් විය. ඒ නිසාම දමිළ වතු කම්කරුවන් ඉන්දියාවෙන් රැගෙන ඒමට ඔවුන් කටයුතු කලහ. එලෙස ලංකාවට ගෙන ආ වතු කම්කරු ප්‍රජාව අතර එවක ඉන්දීය ග්‍රාමීය දමිළ ජන කලාවන් ප්‍රගුණ කළ ගායකයින් සහ රංගන ශිල්පීන් වැනි අයද විය. එසේ පැමිණි දමිළ ප්‍රජාව කඳුකරයේ වතු ආශ්‍රිතව සේවය කරන අතර තුරම තම මුතුන් මිත්තන්ගේ උරුමයෙන් ලද දකුණු ඉන්දියානු ගායනා හා නර්ථන කලාවන් රැක ගත්හ. ඔවුන් ඒවා තමා ජීවත් වූ වතු ජනපද ආශ්‍රිතව ව්‍යාප්ත කිරීමද සිදු කළහ. කාමන් කූත්තු යනු එවැනි ශ්‍රී ලාංකික කඳුරක දමිළ ජනයා අතර ප්‍රසිද්ධ නර්තන කලාවකි. කාමන්ගේ ඉතිහාසය ඉතා පැරණි ය. වතුකර ජනතාව අතර පැවතෙන ජනප්‍රවාද වලට අනුව කාමන්ට නමස්කාර කිරීමේ සම්ප්‍රදාය කාමන් කූත්තු නැටීම ලෙස හැඳින්වේ. සෑම වසරකම හින්දු දින දර්ශනයේ මාසි මස එනම් පෙබරවාරි මස පොහොය දින...

ඔප්පාරි විලාපය

Image
#ඔප්පාරි සමාජ විවිධත්වය යනු දේශයන්ගෙන් දේශයට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට ආවේණික වූ සංස්කෘතීන් මගින් උරුම වූ අපූරු අංගයකි. එම විවිධත්වය විටෙක අලංකාරයක් මෙන්ම විටෙක මහා විනාශකාරී සිදුවීම වලට මුල පුරයි. නමුත් මේ පැවසෙන්නේ එක් සංස්කෘතියක වූ අපූරු ශෝක ප්‍රකාශයක් හා බැඳුන කතාවක්. ඔප්පාරි යනු විශේෂයෙන් දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ සහ ශ්‍රී ලංකාවේ කඳුකරයේ වතූ ආශ්‍රිතව ජීවත් වන දමිළ ජනයාගේ සංස්කෘතියේ පුරාණ කාලයේ පටන් පැවතගෙන එන ශෝකය ගෙන දෙන විලාපය මුසු දුක්ගැනවිල්ලකි. ඔප්පාරි යනු එම සමාජයේ ජන ගී මෙන් වූ සම්ප්‍රදායක් වන අතර එහිදී බොහෝ විට ප්‍රශංසාව හා දුක විලාපයක් සමග මුසු කරමින් ගායනාවක් සේ ඉදිරිපත් කරයි. ඔප්පාරි විලාපය සාමාන්‍යයෙන් ගායනා කරනු ලබන්නේ අවමංගල්‍ය උත්සවයකදීය. මරණය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමට පැමිණෙන කාන්තාවන් විසින් දේහය අසල හිඳගෙන හෝ සාමූහික වශයෙන් මෙම ශෝකය මුසු තාලවත් විලාපය ගායනා කරයි. එය මියගිය උදවිය උදෙසා තමාගේම ශෝකය ප්‍රකාශ කිරීමටත්, මිය ගිය අයගේ ළඟම සිටින සහ ආදරණීයයන් සමග ශෝකය බෙදා ගැනීමටත් ඔවුන් උපකාරී කර ගනී. බොහෝ දමිළ ප්‍රජාවන් අවමංගල්‍ය උත්සවයකදී සිය ශෝකය ප්‍රකාශ කිරීමට ඔප්පා...

නව සඳ දැකීම

Image
රමලාන්_සඳ මෝගල් පාලනය සමයේ ඉස්ලාමීය දින දර්ශනයටය අනුව නව සඳ දැකීම නිරූපණය කරමින් 18 වන සියවසේ පමණ ඇඳි විචිත්‍රවත් සිතුවමක්. මෙය වර්තමානයේ එංගලන්තයේ ඇශ්මෝලියන් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර ඇත. ඊද් මුබාරක් ..!