සූෆි කාව්‍ය සංකල්පනා Get link Facebook X Pinterest Email Other Apps May 30, 2020 #සූෆි කාව්‍ය සංකල්පනාප්රේමය නම්, මේ සියල්ලක්ම ඔබ වෙනුවෙන් මා නිර්මාණය කළ බව දෙවිඳුන් විසින් පැවසීමයි..එවිට, මේ සියල්ලක්ම ඔබ වෙනුවෙන් මා අත් හැරි බව මිනිසා විසින් පැවසීමයි..- රූමි - Get link Facebook X Pinterest Email Other Apps Comments
ආධ්‍යාත්මය තුළින් ජීවිතය විනිවිදව දැකීම July 15, 2024 "වස්ත්‍රයක් නොමැති බොහෝ මිනිසුන් මම දුටුවෙමි, තවද මිනිසුන් නොමැති බොහෝ වස්ත්‍රයන් ද ඒ අතර මා දුටුවෙමි." - මවුලානා ජලාලුද්දීන් රූමි අධ්‍යාත්මික හා දාර්ශනික සන්දර්භයක් තුළ සූෆි කලාකරුවන්ගේ අදහස්, යමක් එහි බාහිර මුහුණත සහ ද්‍රව්‍යමය ස්වභාවයෙන් ඔබ්බට බැලීමට අපව පොළඹවයි. ඒ අතරම සමාජයීය අපේක්ෂාවන් සහ බාහිර සැරසිලි නම් වූ ස්ථරවලට යටින් මනුෂ්‍යත්වයේ සැබෑ ස්වභාවය හඳුනා ගැනීමට ද ඒවා අපව පොළඹවයි. තවද දෙවිඳුන් හැර උන්වහන්සේගේ සියලු මැවීම් තුළ ඇති අනිත්‍යමය ස්වභාවය පිළිබඳව අවධානය යොමු කරමින් දිනෙන් දින අපව යථාර්ථයක් තුළ ජීවත් කරවයි. මේ සියල්ල අවබෝධ කර ගැනීම සදහා අපට ආධ්‍යාත්මීය පදනම තුළින් උපදින කලාවන් ද වැදගත් වේ. එය ජීවිතය තුළ තිබිය යුතු අව්‍යාජභාවය, අවංකභාවය සහ පැවැත්මේ සාරය පිළිබඳ මෙනෙහි කිරීම සඳහා අපව දිරිමත් කරයි. "ඔවුනතර මා ප්‍රඥාවේ බීජය වැපිරුවෙමි, එය දළු ලා වැඩීමට මාගේම දෑතින්ම මා කටයුතු කළෙමි: මා නෙළාගත් අස්වැන්න මෙයයි - "මම ජලය මෙන් ඔබ වෙත පැමිණියෙමි, සුළඟ මෙන් දිනෙක ඔබෙන් සමුගෙන යන්නෙමි." - ඕමාර් කයියාම් මිනිසාගේ උප්පත්තියේ පටන් ඔහු කලාව සිය කර පින්නාගෙන පැ... Read more
කාමන් කූත්තු නර්තනය June 01, 2020 කාමන් කූත්තු අතීතයේ ශ්‍රී ලංකාව යටත් කර ගෙන සිටි ඉංග්‍රීසි ජාතිකයන් කඳුකරය ආශ්‍රිතව කළ වතු වගාවන් අතරින් තේ වගාව ඉතා ප්‍රචලිතය. ඔවුන් ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මෙම වතු වගා ආරම්භ කරන ලද නමුත් ස්වදේශික ජනතාව අතරින් කිසිවෙකු මෙම කර්මාන්තය ආශ්රිත සේවයෙහි නිරත වීමට ඉදිරිපත් නොවීම ඔවුන්ට පැන නැගුණු විශාල බාධාවක් විය. ඒ නිසාම දමිළ වතු කම්කරුවන් ඉන්දියාවෙන් රැගෙන ඒමට ඔවුන් කටයුතු කලහ. එලෙස ලංකාවට ගෙන ආ වතු කම්කරු ප්‍රජාව අතර එවක ඉන්දීය ග්‍රාමීය දමිළ ජන කලාවන් ප්‍රගුණ කළ ගායකයින් සහ රංගන ශිල්පීන් වැනි අයද විය. එසේ පැමිණි දමිළ ප්‍රජාව කඳුකරයේ වතු ආශ්‍රිතව සේවය කරන අතර තුරම තම මුතුන් මිත්තන්ගේ උරුමයෙන් ලද දකුණු ඉන්දියානු ගායනා හා නර්ථන කලාවන් රැක ගත්හ. ඔවුන් ඒවා තමා ජීවත් වූ වතු ජනපද ආශ්‍රිතව ව්‍යාප්ත කිරීමද සිදු කළහ. කාමන් කූත්තු යනු එවැනි ශ්‍රී ලාංකික කඳුරක දමිළ ජනයා අතර ප්‍රසිද්ධ නර්තන කලාවකි. කාමන්ගේ ඉතිහාසය ඉතා පැරණි ය. වතුකර ජනතාව අතර පැවතෙන ජනප්‍රවාද වලට අනුව කාමන්ට නමස්කාර කිරීමේ සම්ප්රදාය කාමන් කූත්තු නැටීම ලෙස හැඳින්වේ. සෑම වසරකම හින්දු දින දර්ශනයේ මාසි මස එනම් පෙබරවාරි මස පොහොය දින... Read more
රටට ණය නැති ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය May 25, 2021 එදා 70-80 අවධියේ මේ රටේ විසූ අහිංසක දෙමාපියන්ගේ, උගත්, බුද්ධිමත්, අවංක හා එඩිතර තරුණ පරපුර වාමවාදී දේශපාලනය වෙත තල්ලු වී වත්මන් පරපුරට හෙලිදරව් කර දීමට උත්සාහ කළේ මෙරට වූ කුපාඩි දේශපාලනයෙහි ඇති නිරුවත පිළිබඳවයි. එයටත් වඩා ඔවුන් සමාජයට හඬ නගා අවබෝධ කර දීමට වෙර දැරුවේ මෙරට ක්‍රියාත්මකව පැවති කුපාඩි දේශපාලනය නිසා අනාගත පරපුරට උරුම වීමට නියමිතව තිබූ විනාශය පිළිබඳවයි. නමුත් බහුතරයක් වූ ශ්‍රී ලාංකික පුරවැසියන්ට එදත් අදත් තේරුම් ගැනීමට නොහැකි වුන කරුණක් වේ නම් ඒ මෙරට සමාජය තුළ ඇරඹුණු එකී තරුණ නැගිටීමට හේතුව කුමක්ද යන්න පිළිබඳවයි. රටේ වැඩිහිටි පරපුර හුදෙක් එම නැගිටීම රැඩිකල්කරණයක් ලෙස දැක්කද පිටතට නොපෙනෙන අවංක අරමුණක් ඒ තුළ අන්තර්ගත වූ බව ඔවුන්ට නොතේරුණි. නමුත් පසුකාලීනව ඔවුන් එය සුලුවෙන් හෝ අවබෝධ කර ගන්නා විට කෝච්චිය ගොස් හමාරය. තට්ටුමාරු ක්‍රමයට බලය රැකගත් කුපාඩි දේශපාලන බලවේග එදා රටට අහිමි කළ වටිනා තරුණ ජීවිත ලක්ෂ ගණනකි. එදා එම තරුණ හඬ නිහඬ කොට ඔවුන් ඔවුන්ගේ දේශපාලන වේදිකා වල ගැයූ ඒ මුලාවේ ගීතයට රටේ වූ බහුතරයක් වූ දෙනා අත්පොලසන් දීමේ ප්‍රතිඵලය අද අපට ඇස් පනාපිට දැක බලා ගැනී... Read more
Comments
Post a Comment