සූෆි කාව්‍ය සංකල්පනා Get link Facebook X Pinterest Email Other Apps May 30, 2020 #සූෆි කාව්‍ය සංකල්පනාප්රේමය නම්, මේ සියල්ලක්ම ඔබ වෙනුවෙන් මා නිර්මාණය කළ බව දෙවිඳුන් විසින් පැවසීමයි..එවිට, මේ සියල්ලක්ම ඔබ වෙනුවෙන් මා අත් හැරි බව මිනිසා විසින් පැවසීමයි..- රූමි - Get link Facebook X Pinterest Email Other Apps Comments
කාමන් කූත්තු නර්තනය June 01, 2020 කාමන් කූත්තු අතීතයේ ශ්‍රී ලංකාව යටත් කර ගෙන සිටි ඉංග්‍රීසි ජාතිකයන් කඳුකරය ආශ්‍රිතව කළ වතු වගාවන් අතරින් තේ වගාව ඉතා ප්‍රචලිතය. ඔවුන් ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මෙම වතු වගා ආරම්භ කරන ලද නමුත් ස්වදේශික ජනතාව අතරින් කිසිවෙකු මෙම කර්මාන්තය ආශ්රිත සේවයෙහි නිරත වීමට ඉදිරිපත් නොවීම ඔවුන්ට පැන නැගුණු විශාල බාධාවක් විය. ඒ නිසාම දමිළ වතු කම්කරුවන් ඉන්දියාවෙන් රැගෙන ඒමට ඔවුන් කටයුතු කලහ. එලෙස ලංකාවට ගෙන ආ වතු කම්කරු ප්‍රජාව අතර එවක ඉන්දීය ග්‍රාමීය දමිළ ජන කලාවන් ප්‍රගුණ කළ ගායකයින් සහ රංගන ශිල්පීන් වැනි අයද විය. එසේ පැමිණි දමිළ ප්‍රජාව කඳුකරයේ වතු ආශ්‍රිතව සේවය කරන අතර තුරම තම මුතුන් මිත්තන්ගේ උරුමයෙන් ලද දකුණු ඉන්දියානු ගායනා හා නර්ථන කලාවන් රැක ගත්හ. ඔවුන් ඒවා තමා ජීවත් වූ වතු ජනපද ආශ්‍රිතව ව්‍යාප්ත කිරීමද සිදු කළහ. කාමන් කූත්තු යනු එවැනි ශ්‍රී ලාංකික කඳුරක දමිළ ජනයා අතර ප්‍රසිද්ධ නර්තන කලාවකි. කාමන්ගේ ඉතිහාසය ඉතා පැරණි ය. වතුකර ජනතාව අතර පැවතෙන ජනප්‍රවාද වලට අනුව කාමන්ට නමස්කාර කිරීමේ සම්ප්රදාය කාමන් කූත්තු නැටීම ලෙස හැඳින්වේ. සෑම වසරකම හින්දු දින දර්ශනයේ මාසි මස එනම් පෙබරවාරි මස පොහොය දින... Read more
'අදාන්' නම් කැඳවුම හා වර්තමානය July 04, 2020 අල්ලාහු අක්බර්.. අල්ලාහු අක්බර්....// අෂ්හදු අන්ලාඉලාහ ඉල්ලල්ලාහ්... // ඔබ මුස්ලිම් මස්ජිදයක් අසල වාසය කරන්නෙකු නම් ඔබට මෙම අරාබි වදනින් යුතු කැඳවුම දිනකට පස් වතාවක් ඇසෙනවා යනු නොඅනුමානයි. බොහෝ විට මෙම හඬ මුස්ලිමෙකු නොවන ඔබට කරදරයක් මෙන් හැඟෙනු ඇත. ඇතැම් විටෙක මෙය ඔබගේ දින චරියාව ගත කිරීමෙහිලා විටෙක එලාම් ඔරලෝසුවක් මෙන් උපකාරී වූ අවස්ථාවක් ද වී තිබිය හැක. ඒ කෙසේ නමුත් කෙදිනක හෝ මෙලෙස අරාබි වදනින් හඬ නැගෙනා මෙම කැඳවුමේ අරුත සහ අරමුණ කුමක්දැයි ඔබ සොයා බැලුවේද? අදාන් යන අරාබි වචනය ශක්තිය, නැමඳුම සඳහා කැඳවුම යන සිංහල අරුත ගෙන දෙයි. මුස්ලිම්වරුන් සර්ව බලධාරී අල්ලාහ් උදෙසා සිදු කරන දෛනික පස් වේල් නැමදුම (සලාතය) මස්ජිදයක් තුල සාමූහික වශයෙන් රැස් වී ඉටු කිරීම සඳහා නායක මුහම්මද් නබි තුමාණන් විසින් මෙම ජනතා කැඳවුම අනුමත කොට ආරම්භ කරන ලදී. මෙහි ඉතිහාසය නම් එවක මදීනා ඉස්ලාමීය ජනරජයේ නායක මුහම්මද් නබි තුමාණන් සාමූහික වශයෙන් රැස් වී අල්ලාහ් උදෙසා නැමදුම් (සලාතය) ඉටු කිරීම සඳහා ජනතාවට ඇරයුම් කළ යුත්තේ කෙසේදැයි තම සගයන් සමග කළ සාකච්ඡාවකදී පසුකාලීන ඉස්ලාමීය ජනරජයේ දෙවැනි කලීෆා වරයා වූ උමර් ඉබ්නු... Read more
ආන්දෝලනාත්මක කාරණයකට තුඩු දුන් ඉස්ලාමීය බැංකු කරණය ගැන බිඳක්.. July 08, 2020 මොකක්ද මේ ඉස්ලාමීය බැංකුව? මුස්ලිම්වරුන් යනු වෙළෙඳ ක්ෂේත්රයේ එදා මෙදා තුර සිට සමීපව කටයුතු කරන ප්‍රජාවක්. වෙළඳාම කියන දේ ඒ උදවියගේ රුධිරය සමග මිශ්‍ර උන දෙයක් හා සමානව වෙළඳාම කෙරෙහි ඔවුන්ට තිබෙන්නේ නොබිඳෙන සුලු සමීප සබදතාවයකි. එයට හේතු වන තවත් කාරණයක් තිබේ. එඒ මන්ද යත් ඉස්ලාමීය දහම තුල මුස්ලිම්වරුන්ට පොලිය තහනම් කොට ඒ වෙනුවට වෙළහෙලඳාම් කොට ලාභ ලැබීම අනුමත කොට තිබීමයි. එයට හේතු ලෙස ඒ දහමේ සඳහන් වෙන්නේ පොලිය යනු අසාධාරණ ඉපැයීමක් බවත් එයින් මානව සමාජය තුල අසාමාන්‍ය ආර්ථික ධන වර්ධනයන් ඇති කරමින් සමාජය පංති වලට බෙදීමට එය මූලිකවම බලපාන බවයි. නූතන ආර්ථික රටාවන් දෙස බලනකළ පොලිය යන සාධකය ආර්ථික රටාවන්ට සිදුකර ඇති බලපෑම ඔබට හොඳින් දැක බලා ගත හැකිය. ඒ නිසාම මුස්ලිම්වරුන්ට පොලිය තහනම් කොට එහි නිරතවන්නාව අතිශය පිලිකුලට ලක් කර ඇත. ගතවූ දශක ගණනාවක සිට ලෝක වෙළෙඳ පොළේ සීග්‍ර ලෙස වෙනස් වීම් වලට ලක් විය. තාක්ශණයේ දියුණුවත් සමගම ලෝක වෙළෙඳපොලෙහි සිදු වන නවීන වෙනස්කම් වලට සරිලන සේ හැඩ ගැසීමට මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන රාජ්‍යයන්ට ද සිදු විය. එහිදී ඔවුන්ට ලාභය ලෙස පොලිය මූලික කරගත් බැංකු සමග නිරන්තරයෙ... Read more
Comments
Post a Comment