Posts

Showing posts with the label සූෆි අසපුව (Sufi Hermitage)

ආධ්‍යාත්මය තුළින් ජීවිතය විනිවිදව දැකීම

Image
 "වස්ත්‍රයක් නොමැති බොහෝ මිනිසුන් මම දුටුවෙමි, තවද මිනිසුන් නොමැති බොහෝ වස්ත්‍රයන් ද ඒ අතර මා දුටුවෙමි." - මවුලානා ජලාලුද්දීන් රූමි  අධ්‍යාත්මික හා දාර්ශනික සන්දර්භයක් තුළ සූෆි කලාකරුවන්ගේ අදහස්, යමක් එහි බාහිර මුහුණත සහ ද්‍රව්‍යමය ස්වභාවයෙන් ඔබ්බට බැලීමට අපව පොළඹවයි. ඒ අතරම සමාජයීය අපේක්ෂාවන් සහ බාහිර සැරසිලි නම් වූ ස්ථරවලට යටින් මනුෂ්‍යත්වයේ සැබෑ ස්වභාවය හඳුනා ගැනීමට ද ඒවා අපව පොළඹවයි. තවද දෙවිඳුන් හැර උන්වහන්සේගේ සියලු මැවීම් තුළ ඇති අනිත්‍යමය ස්වභාවය පිළිබඳව අවධානය යොමු කරමින් දිනෙන් දින අපව යථාර්ථයක්  තුළ ජීවත් කරවයි. මේ සියල්ල අවබෝධ කර ගැනීම සදහා අපට ආධ්‍යාත්මීය පදනම තුළින් උපදින කලාවන් ද වැදගත් වේ. එය ජීවිතය තුළ තිබිය යුතු අව්‍යාජභාවය, අවංකභාවය සහ පැවැත්මේ සාරය පිළිබඳ මෙනෙහි කිරීම සඳහා අපව දිරිමත් කරයි.  "ඔවුනතර මා ප්‍රඥාවේ බීජය වැපිරුවෙමි, එය දළු ලා වැඩීමට මාගේම දෑතින්ම මා කටයුතු කළෙමි: මා නෙළාගත් අස්වැන්න මෙයයි - "මම ජලය මෙන් ඔබ වෙත පැමිණියෙමි, සුළඟ මෙන් දිනෙක ඔබෙන් සමුගෙන යන්නෙමි." - ඕමාර් කයියාම්  මිනිසාගේ උප්පත්තියේ පටන් ඔහු කලාව සිය කර පින්නාගෙන පැ...

ඕමාර් ඛයියාම්

Image
  "ගත කරන මේ මොහොත සතුටින් ගත කරන්න. මන්දයත් මේ මොහොත යනු ඔබ ජීවිතයයි."                                                                      - ඕමාර් ඛයියාම් -  ජීවිතය, ආධ්‍යාත්මය සහ තර්කනය සරල ලෙස කවියකින් නිරූපණය කිරීමෙහිලා ඔහු අති දක්ෂ කවියෙකි. නමින් ඕමාර් ඛයියාම් වූ ඔහු පර්සියානු කවියෙකු, ගණිතඥයෙකු හා තාරකා විද්‍යාඥයෙකු ලෙසින් ප්‍රසිද්ධය. ඔහු විසූ වකවානුවේ ඛයියාම් නාමය ඇසුන සැනින් ඔහු ප්‍රසිද්ධ වූයේ විද්‍යාඥයෙකු ලෙස ඔහු තුල වූ දක්ෂතා නිසාය. ජ්‍යාමිතිය, වීජ ගණිතය සහ ගණිතයේ වෙනත් ක්ෂේත්‍රයන්හි දියුණුව සඳහා ඛයියාම්ගේ දායකත්වය සුවිසල්ය. ඔහු තාරකා විද්‍යා ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කළේ එවක පිලිගත් විශ්වයේ පෘථිවි කේන්ද්‍රීය න්‍යාය මූලික වශයෙන් දෝෂ සහිත බව ඔප්පු කිරීමෙනි. විද්‍යා ක්ෂේත්‍රය සඳහා වූ ඛයියාම්ගේ දායකත්වය පසුකාලීනව බටහිර දේශයන්ගේ විද්‍යාත්මක පුනරුදයට විශාල වශයෙන් දායකත්වයක් සැපයීය.  නයි...

සූෆි කාව්‍ය සංකල්පනා

Image
#සූෆි කාව්‍ය සංකල්පනා..  අප ඇතුලාන්තයේ වූ සංගීත නාදය අප සවනට මුසු වන්නේ කලාතුරකින් වන නමුදු, අප නොදැනුවත්වම එහි වූ රිද්මයට අනුකූලව නර්තනයේ යෙදෙමින් සිටින්නෙමු. - රූමි -

සූෆි කාව්‍ය සංකල්පනා

Image
#සූෆි කාව්‍ය සංකල්පනා ප්‍රේමය නම්,  මේ සියල්ලක්ම ඔබ වෙනුවෙන් මා නිර්මාණය කළ බව දෙවිඳුන් විසින් පැවසීමයි.. එවිට, මේ සියල්ලක්ම ඔබ වෙනුවෙන් මා අත් හැරි බව මිනිසා විසින් පැවසීමයි.. - රූමි -

සූෆි කාව්‍ය විශාරද ජලාලුද්දීන් රූමි

Image
සංගීත නාදයන් අතුරින් කුමන නාදයන් අපට හරාම් (තහනම්) වේද?  දිනක් එලෙස ඇසූ කල ඔහු එයට මෙලෙස පිළිතුරු දෙමින්, "ඒ ධනවතුන්ගේ මේස මත ඇති භාජන හා හැඳි ගෑරුප්පු වල ගැටීම මගින්, කුසගින්නෙන් පෙළෙන දුගී දුප්පතුන්ගේ කනට ළඟා වන නාදයයි." ඒ සූෆි කාව්‍ය සම්ප්‍රදායේ සදා නොමැකෙන සලකුණ වූ ශ්‍රේෂ්ඨ රූමිගේ කාව්‍යමය සංකල්පනාවකින් එක් බිඳකි.  මව්ලානා ජලාලුද්දීන් රූමි යනු 13 වන සියවසේ විසූ පර්සියානු කාව්‍ය විශාරදයකි. තවද ඉස්ලාමීය ඉතිහාසයේ ආධ්‍යාත්මීය විද්වතෙකු ( සූෆි විද්වතෙකු ) ලෙසින් ද මෙතුමා ප්‍රසිද්ධය. ක්‍රි ව. 1207 සැප්තැම්බර් 30 වන දින බෝල්ක් නම් වර්තමාන ඇෆ්ගනිස්ථානයේ උපත ලද ජලාලුද්දීන් රූමි සූෆි ධර්මාචාර්යවරුන්ගේ පවුල් පරිසරයක හැදී වැඩුණි. ඔහුගේ පියා බහාදුද්දින් වලද් නම් සූෆි විද්වතෙකු මෙන්ම එවක විසූ නීතිවේදීයෙකු වන අතර මව මුමීනා කතුන් ය. ක්‍රි.ව 1215 සිට 1220 දක්වා කාලය තුළ මොන්ගෝලියානුවන් මධ්‍යම ආසියාව ආක්‍රමණය කරන විට රූමි සිය පවුලේ උදවිය ප්‍රමුඛ ගෝල බාලයින් කැටුව බෝල්ක් නුවරින් පිටව ගියහ. මොවුන් තවලම් උපයෝගී කරගෙන බැග්ඩෑඩ්, දමස්කස්, මලත්යා, අර්සින්කන්, සිවස්, කයිසෙරි සහ නිග්ඩේ ඇතුළු මුස්...