ඉබ්නු සීනා





වෛද්‍ය ක්ෂේත්‍රය මෙතරම් නොදියුණු වූ ඈත අතීතයේ බටහිර දේශයේ ආවිසෙන්නා නමින් සුප්‍රසිද්ධ පර්සියානු අරාබි වෛද්‍ය විශාරද ඉබ්නු සීනා (980-1037) විසින් ඇතැම් රෝග ක්ෂුද්‍ර ජීවීන් මගින් පැතිරි ඇති බවට සැක පළ කල බව ඔබ දැන සිටියාද?

එම රෝග මිනිසාගෙන් තවත් මිනිසෙකුට බෝ වීම වීම වැළැක්වීම සඳහා ඔහු දින 40 ක් මිනිසුන් හුදකලා කිරීමේ (Isolating) ක්‍රමවේදයක් ඉදිරිපත් කළේය. එවක ඔහු මෙම ක්‍රමය හැඳින්වූයේ "හතලිහ" නම් අරූත ගෙන දෙන "අල්-අර්බානියා" නම් අරාබි නාමයෙනි. 

ඔහුගේ මෙම සාර්ථක ක්‍රමවේදය දැනගත් වැනීසියේ වෙළෙන්දන් මෙම දැනුම සමකාලීන ඉතාලියට ගෙන ගියහ. ඔවුන් එය හැඳින්වූයේ ඉතාලි භාෂාවෙන් "හතළිහ" යන අරුත ගෙනෙන "quarantina" යනුවෙනි. නූතනයේ "නිරෝධායනය" යන වචනය පැමිණෙන්නේ මෙලෙසිනි. ඒ අනුව වසංගතයන්ට එරෙහිව සටන් කිරීම සඳහා දැනට ලෝකයේ බොහෝ රටවල මෙම ක්‍රමවේදයන් අනුගමනය කරයි. 

අල්ලාහ් ශුද්ධ වූ අල් කුර්ආනයෙහි මෙසේ පවසයි: “එක් මිනිස් ජීවිතයක් බේරාගන්නා කවුරුන්ද, එම සත් ක්‍රියාව ඔහු මුළු මිනිස් සංහතියම බේරා ගත්තා සේ සමානය” (5:32).

අදටත් ඉබ්නු සීනා විසින් සොයා ගත් මෙම ක්‍රමය දහස් ගණනක්, සමහර විට මිලියන ගණනක් ජීවිත බේරාගැනීමට උපකාරී වී තිබේ. මාශා අල්ලාහ්! එහි ආනිසංස ඔහුට ලැබෙනු ඇත. 

(ඉබ්නු සීනාගේ සම්පූර්ණ නම අබු අලි අල් හුසේන් ඉබ්න් අබ්දුල්ලා ඉබ්නු සීනා ය. බටහිර ඉතිහාසයේ ඔහුගේ නමේ ලතින් අනුවාදය වන අවිස්සෙනා යන නමින් ඔහුව හැඳින්වේ.) 

පරිවර්තනය : Bastiaan Wildeman ලිපියකින්

- මිනාස් -
ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය

Comments

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය