Posts

Showing posts with the label පුරාණ නවෝත්පාදකයන් (Ancient Innovators)

ආධ්‍යාත්මය තුළින් ජීවිතය විනිවිදව දැකීම

Image
 "වස්ත්‍රයක් නොමැති බොහෝ මිනිසුන් මම දුටුවෙමි, තවද මිනිසුන් නොමැති බොහෝ වස්ත්‍රයන් ද ඒ අතර මා දුටුවෙමි." - මවුලානා ජලාලුද්දීන් රූමි  අධ්‍යාත්මික හා දාර්ශනික සන්දර්භයක් තුළ සූෆි කලාකරුවන්ගේ අදහස්, යමක් එහි බාහිර මුහුණත සහ ද්‍රව්‍යමය ස්වභාවයෙන් ඔබ්බට බැලීමට අපව පොළඹවයි. ඒ අතරම සමාජයීය අපේක්ෂාවන් සහ බාහිර සැරසිලි නම් වූ ස්ථරවලට යටින් මනුෂ්‍යත්වයේ සැබෑ ස්වභාවය හඳුනා ගැනීමට ද ඒවා අපව පොළඹවයි. තවද දෙවිඳුන් හැර උන්වහන්සේගේ සියලු මැවීම් තුළ ඇති අනිත්‍යමය ස්වභාවය පිළිබඳව අවධානය යොමු කරමින් දිනෙන් දින අපව යථාර්ථයක්  තුළ ජීවත් කරවයි. මේ සියල්ල අවබෝධ කර ගැනීම සදහා අපට ආධ්‍යාත්මීය පදනම තුළින් උපදින කලාවන් ද වැදගත් වේ. එය ජීවිතය තුළ තිබිය යුතු අව්‍යාජභාවය, අවංකභාවය සහ පැවැත්මේ සාරය පිළිබඳ මෙනෙහි කිරීම සඳහා අපව දිරිමත් කරයි.  "ඔවුනතර මා ප්‍රඥාවේ බීජය වැපිරුවෙමි, එය දළු ලා වැඩීමට මාගේම දෑතින්ම මා කටයුතු කළෙමි: මා නෙළාගත් අස්වැන්න මෙයයි - "මම ජලය මෙන් ඔබ වෙත පැමිණියෙමි, සුළඟ මෙන් දිනෙක ඔබෙන් සමුගෙන යන්නෙමි." - ඕමාර් කයියාම්  මිනිසාගේ උප්පත්තියේ පටන් ඔහු කලාව සිය කර පින්නාගෙන පැ...

අල් කින්ද්

Image
ඊ. එච්. කාර්ට අනුව "ඉතිහාසය යනු වර්තමානයේ යතුර " යන නිර්වචනය යථාර්ථයක් බවට පත් කරමින් අතීතයේ වූ විද්වතුන්ගේ පිය සටහන් අතරින් වර්තමාන යුගය නිර්මාණය වී ඇති බව පසක් කරලීමට මේ හෙලි කරනුයේ එවන් අතීතයේ වූ එක් සුවිශේෂී චරිතයක් පිළිබඳවයි. '#අල්_කින්දස්'..! බටහිර දේශයන්හි එනමින් ඔහු ජනප්‍රිය වුවද ඔහු නමින් #අල්_කින්ද් විය. මධ්‍යතන යුගයේ 'අරාබිවරුන්ගේ දාර්ශනිකයා' යන අන්වර්ථ නාමයෙන් ඉතිහාස පොත් ඔහුව ආමන්ත්‍රණය කරයි. කාර්ඩානෝ විසින් මධ්‍යතන යුගයේ විසූ ශ්‍රේෂ්ඨතම බුද්ධිමතුන් දොළොස් දෙනාගෙන් එක් අයෙකු ලෙසින් අල් කින්ද් නම් මෙම විද්වතාව හැඳින්වීමට තරම් හේතු වූයේ ඔහු තුල වූ බුද්ධි මහිමයි. ඔහු බොහෝ ක්‍ෂේත්‍රයන්ට ලබා දුන් මුල් දායකත්වයන් අති මහත්ය.  විටෙක දාර්ශනිකයෙක්, තාරකා විද්‍යාඥයෙක්, වෛද්‍යවරයෙක්, ගණිතඥයෙක්, භෞතික විද්‍යාඥයෙක් සහ භූගෝල විද්‍යාඥයෙක් ලෙසින් ඔහුගේම නව සොයාගැනීම් ඔස්සේ ඔහුගේ නාමය අරාබි වංශ කතාවේ රැව් දේ. ඔහු එවක සංගීතය ක්ෂේත්‍රයේද විශාරදයෙකු විය. යාකූබ් ඉබ්නු ඉෂාක් අල්-කින්ද් උපත ලැබුවේ ක්‍රි ව 800 වකවානුවේ දී කුෆා දේශයෙහිය. (වර්තමාන ඉරාකය) ඔහුගේ පියා එවක එහි ...

අල් හවාරිස්මි

Image
විසිඑක් වන සියවසේ තාක්ෂණයට වශීකෘත වී මොහොතක් ඒ දෙස නෙත් යොමන අයෙකුට "අප මේ ගෙවනුයේ තාක්ෂණයේ උච්චතම අවධිය" යැයි දෝයි සැක සිතන තරමටම අද අප තාක්ෂණයෙන් වෙලා ගෙන ඇත. නමුත් යථාර්ථය එය නොව. මේ විශ්වය පවතින තුරාවටම දැනුමට අවසානයක් නොපවති. මිනිසාගේ ආරම්භයේ පටන් අද දක්වාත් අනාගතය දක්වාත් දැනුමෙහි අවසන් ප්‍රතිඵලය වූ තාක්ෂණයේ ගමන දිනෙන් දින, වසරින් වසර, යුගයෙන් යුගයට දියුණු වෙමින් ඉදිරියටම ගමන් කරයි. අනාගතය යනු වත්මන් දැනුමින් අපට සිතාගත නොහැකි වන තරමටම විශ්මිත වූ ලෝකයක් බව නොඅනුමානය.  එලෙසම තාක්ෂණයට සුවිශාල මෙහෙවරක් ඉටු කළ මුහම්මද් ඉබ්නු මූසා අල් හවාරිස්මි යනු පර්සියානු ගණිතඥයෙකු, තාරකා විද්‍යාඥයකු සහ ජ්‍යෝතිශ්‍ය ශාස්ත්‍රඥයෙකු ලෙසින් එවක අබ්බාසි පාලකවරු බැග්ඩෑඩ්හි ස්ථාපිත කල ප්‍රඥාවේ මන්දිරය නම් "බයිතුල් හික්මා" අධ්‍යාපන ආයතනයේ විසූ සුප්‍රසිද්ධ විශාරදයෙකි. ඔහු ක්‍රි ව 780 දී පමණ එවක පර්සියාවේදී මෙලොව එළිය දුටුවේය. අල් හවාරිස්මි එවක බයිතුල් හික්මා ආයතනයේ සේවය කළ විද්වත් මණ්‌ඩලයේ වූ අයෙක්ය. ලොව ප්‍රසිද්ධ අරාබි නිසොල්ලාසය නම් වෘතාන්තයේ සඳහන් එවක අබ්බාසි කලීෆාවරයා වූ හරුන් අල් රෂ...

අල් රාසි

Image
නව වන සියවස වන විට බැග්ඩෑඩ් නුවර පරිපාලනයට අවුරුදු 50 ක් සැපිරී තිබුනද එම වකවානුව එහි වූ දේශපාලන බලයෙහි උච්චතම අවස්ථාව විය. තවද දැනුමේ සහ වෛද්‍ය කේෂ්ත්‍රයේ කේන්ද්‍රස්ථානය ද එය විය. අරාබි ඔෟෂධවේදය සඳහා පදනම සැකසූ වැදගත් බොහෝ ග්‍රීක කෘති අරාබි භාෂාවට පරිවර්තනය කරන ලද්දේ එහිදීය. ඉස්ලාමීය වෛද්‍යවරු ග්‍රීක වෛද්‍ය විද්‍යාවට ගරු කල අතර විටෙක එය කලාතුරකින් ප්‍රශ්න කළ අතරම පසුකාලීනව ඔවුන්ගේම නිරීක්ෂණ ඉදිරිපත් කරමින් ඔවුන්ගේ අදහස්ද දක්‌වමින් එම දැනුමද ක්ෂේත්‍රයට එක් කිරීමට ඔවුන් කටයුතු කලහ. මෙම යුගයේ බැග්ඩෑඩ් හි සේවය කළ වෛද්‍යවරුන්ගෙන් එක් අයෙකු සුවිශේෂී විය. ඔහු නමින් අබූ බක්කර් මුහම්මද් ඉබ්නු සකරියියා අල් රාසි නම් විය. (ක්‍රි.ව. 865-925) බටහිර රටවල “රාසස්” යන නාමයෙන් හැඳින්වෙන අල්-රාසි, වෛද්‍ය ක්ෂේත්‍රයේ බොහෝ අංශ වලට මූලික දායකත්වය දුන් වෛද්‍යවරයෙක් ලෙසද විටෙක දාර්ශනිකයෙක් සහ රසායන විද්‍යාඥයෙක් ලෙසින් ඉතිහාසයේ පෙනී සිටියි. විශේෂයෙන් ඔහු වෛද්‍ය විද්‍යාවේ ළමා රෝග, ප්‍රසව හා අක්ෂි වෛද්‍ය ක්ෂේත්‍රවල පුරෝගාමියකු විය. ඔහුගේ වෛද්‍ය ක්‍රමයේ විශේෂ ලක්‍ෂණයක් වූයේ රසායනික ඔෟෂධ අධික ලෙස භාවිතා කිරීමෙන් ව...

ඉබ්නු හයිතම්

Image
කැමරාව යනු අද අපට නැතිවම බැරි උපාංගයක් බවට පත්ව හමාරය. එසේ ඔබ අප නිතර දෙවේලේ භාවිතා කරන කැමරාව නිපදවීමට පාදක වූ සිද්ධාන්තය නිර්මාණය වූයේ අදින් වසර දහසකට පමණ ප්‍රථම බව ඔබ දන්නවාද!  නමින් අබූ අලී අල් හසන් ඉබ්නු අල් හෙයිතම් නම් වූ ක්‍රි.ව. 965 දී උපත ලැබූ මෙතුමාව ඇතැම් විද්වතුන් විසින් ලොව ප්‍රථම විද්‍යාඥයා ලෙසින්ද සලකනු ලැබේ. ඔහු අප අද භාවිතා කරන ඩිජිටල් කැමරාවේ ආගමනයට උපකාරී වූ මුල්කාලීන අපැහැදිලි කැමරාව (camera obscura) සොයා ගත් විද්‍යාඥයා වේ.  12 වන හෝ 13 වන සියවස්වල යුරෝපීය පුනරුද අවදියේ වූ විද්වතුන් විසින් 'විද්‍යාත්මක ක්‍රමය' ස්වාධීනව සංවර්ධනය කරන බව මෑතක් වන තුරුම බටහිර ලෝකයේ බොහෝ දෙනා විශ්වාස කළහ. නමුත් අල්-හෙයිතම්, අල්-බීරූනි සහ ඉබ්නු සීනා වැනි අරාබිකරයේ විසූ මුස්ලිම් විද්‍යාඥයින් විසින් 11 වන සියවසේදී දෘෂ්ටි විද්‍යාව, ඛනිජ විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව ඇතුළු විවිධ අධ්‍යයන ක්ෂේත්‍රයන් සඳහා මෙම "විද්‍යාත්මක ක්‍රමය" නම් ප්‍රවේශය යොදා ගත් බව දැන් පිළිගනු ලැබේ. බටහිර ලෝකය අල් හසන් ලෙසින් හඳුන්වනු ලබන අල් හෙයිතම් නම් මොහු ලොව පළමු විද්‍යාඥයා ලෙස සලකනු ලබන්නේත් විද්‍යා...

ඉබ්නු සීනා

Image
වෛද්‍ය ක්ෂේත්‍රය මෙතරම් නොදියුණු වූ ඈත අතීතයේ බටහිර දේශයේ ආවිසෙන්නා නමින් සුප්‍රසිද්ධ පර්සියානු අරාබි වෛද්‍ය විශාරද ඉබ්නු සීනා (980-1037) විසින් ඇතැම් රෝග ක්ෂුද්‍ර ජීවීන් මගින් පැතිරි ඇති බවට සැක පළ කල බව ඔබ දැන සිටියාද? එම රෝග මිනිසාගෙන් තවත් මිනිසෙකුට බෝ වීම වීම වැළැක්වීම සඳහා ඔහු දින 40 ක් මිනිසුන් හුදකලා කිරීමේ (Isolating) ක්‍රමවේදයක් ඉදිරිපත් කළේය. එවක ඔහු මෙම ක්‍රමය හැඳින්වූයේ "හතලිහ" නම් අරූත ගෙන දෙන "අල්-අර්බානියා" නම් අරාබි නාමයෙනි.  ඔහුගේ මෙම සාර්ථක ක්‍රමවේදය දැනගත් වැනීසියේ වෙළෙන්දන් මෙම දැනුම සමකාලීන ඉතාලියට ගෙන ගියහ. ඔවුන් එය හැඳින්වූයේ ඉතාලි භාෂාවෙන් "හතළිහ" යන අරුත ගෙනෙන "quarantina" යනුවෙනි. නූතනයේ "නිරෝධායනය" යන වචනය පැමිණෙන්නේ මෙලෙසිනි. ඒ අනුව වසංගතයන්ට එරෙහිව සටන් කිරීම සඳහා දැනට ලෝකයේ බොහෝ රටවල මෙම ක්‍රමවේදයන් අනුගමනය කරයි.  අල්ලාහ් ශුද්ධ වූ අල් කුර්ආනයෙහි මෙසේ පවසයි: “එක් මිනිස් ජීවිතයක් බේරාගන්නා කවුරුන්ද, එම සත් ක්‍රියාව ඔහු මුළු මිනිස් සංහතියම බේරා ගත්තා සේ සමානය” (5:32). අදටත් ඉබ්නු සීනා විසින් සොයා ගත් මෙම ...