සාහිත්‍ය වින්දනය


විඳිය හැකි සාහිත්‍යය රසයට අනුව භාෂාවන් අපට උස් පහත් යනුවෙන් බෙදා දැක්විය හැකි ද? උසස්ම සාහිත්‍යය රසය ගැබ්ව ඇත්තේ තමාගේ මව් බස තුළ පමණි යැයි සිතීම හිතලුවකි. මන්ද යත් සෑම බසකම කාර්ය්‍යය වනුයේ මානව සන්වේදන කාර්යයට, අදහස් ප්‍රකාශ කිරීමට අතරමැදියෙකු සේ දායක වෙමින් සන්නිවේදනය කාර්යයට උපකාරී වීමයි. එහිදී සිතෙහි උත්පාදනය වන සියලු සිතිවිලි තමාට ඇති උපරිම හැකියාවකින් යුක්තව ඉදිරිපත් කිරීමට සෑම භාෂාවක් ම එක හා සමානව උපකාර කරයි.

නමුත් මෙම විශ්මිත හැකියාව උපරිම අයුරින් පවතින්නේ තමා භාවිතා කරන භාෂාවට පමණක්ම වේ යනුවෙන් සිතීමට හේතු වනුයේ තමා එක් භාෂාවක් පමණක් තමාගේ මව් බස ලෙස භාවිතා කිරීමත් එම භාෂාව පමණක් පූර්ණ වශයෙන් හැසිරවීමේ හැකියාව තමාට පිහිටා ඇති බැවිනි. (ගැඹුරු ලිඳක ජීවත් වන ලිං මැඩියා ලෝකය නොදකින සේ) 

උදා :- විටෙක ඇතැමුන් X භාෂාවේ සාහිත්‍යය Y භාෂාවේ සාහිත්‍යයට වඩා උසස් බවත් එසේත් නැතිනම් X භාෂාවට වඩා ගැඹුරු බවක් Y භාෂාවට ඇති බවත් පවසයි. 

තමාට තම මව් බස හැසිරවීමට ඇති හැකියාවට සමානව තවත් භාෂාවක් ද හැසිරවීමට හැකි නම් ඉහත කාරණයෙහි සත්‍ය අසත්‍යතාව හරි ආකාරයෙන්ම පැවසිය හැකිය. නමුත් එසේ නොවී තමා හසුරුවන්නේ එක් භාෂාවක් පමණක් නම් ඉහත අයුරින් 'තමාගේ භාෂාවට පමණක් උසස් රසයක් පවතී' යනුවෙන් මත දැරීම අරුත් සුන් ය. 

Comments

Popular posts from this blog

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)

ඔප්පාරි විලාපය