P2P යනු තවත් එක් මුලාවක් ඇජෙන්ඩාවක් ද අ?

 

#P2P යනු තවත් එක් ඇජෙන්ඩාවක් ද? 


සුගිය දිනවල ශ්‍රී ලංකාවේ දෙමිළ බස කතා කරන ජනතාව සිය අයිතිවාසිකම් උදෙසා උතුර නැගෙනහිර යා කරමින් ගමන් කල දැවැන්ත පා ගමන විශාල තමිල්, මුස්ලිම් හා කතෝලික ජනයාගේ සහභාගිත්වයකින් පැවැත්විණි. දකුණේ එය එතරම් ප්‍රසිද්ධියක් ඉසිලුවේ නැතත් එය ජාත්‍යන්තරයට පණිවිඩයක් යැවීමට තරම් බලවත් පා ගමනින් විය. එහි ප්‍රධාන සංවිධායකයන් වූයේ උතුරේ දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය.  "මුස්ලිම්වරුන්ගේ භූමදාන අයිතිය ලබා දීම" යනු ඔවුන් එහිදී භාවිත කල ප්‍රධාන සටන් පාඨයන් අතරින් එකකි. කෙසේ නමුත් එකී පා ගමන පිළිබඳ පුවත දෙස් විදෙස් ජනතාවගේ සවනට වැටුන අතර එය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ විවිධ රටවල අදහස් දැක්වීම් වලද බලපෑම මත මුස්ලිම්වරුන්ගේ එකී අයිතිවාසිකම නැවත ලබා ගැනීමට හැකි විය. 

නමුත් අද උද්ගත වී ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් සිදුවීමකි. එනම් එදා මුස්ලිම්වරුන් සමග අත්වැල් බැඳගෙන මුස්ලිම්වරුන්ගේ භූමදාන අයිතිවාසිකම් උදෙසා අත්වැල් බැඳගත් උදවිය ඉරණතිව් දූපතේ කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘත දේහ භූමිදානයට විරෝධය පෑමයි. පැහැදිලිවම එතුල අදිසි දේශපාලන හස්තයක් නැති යැයි පැවසීම විහිළුවකි. කෙසේ නමුත් වෙනදා මෙන් මෙම සිදුවීමේදී ද වූයේ මුස්ලිම්වරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින මුවාවෙන් ඇතැම් දේශපාලන පක්ෂ මුස්ලිම්වරුන්ව ඇමකට හසු කර ගත්තාක් මෙන් අද ද ඔවුන්ට ඒ ඉරණමම අත් වීමයි. මන්ද යත් එදා භූමදානය වෙනුවෙන් කෑ ගැසූ ජනයාම අද එයට විරුද්ධව නැගී සිටීම හාස්‍ය උපදවනක් සේ දිස් වේ. 

එසේත් නැත්නම් තවත් එක් සාධාරණ සැකයක් වේ. එනම් එදා #P2P නමින් එක්සත් වූ උතුරු නැගෙනහිර ජනතා බලවේගය වත්මන් පාලකයන් විසින් සිය බලය භාවිතා කර ඔවුනොවුන් ලවාම ඔවුන්ව දෙකඩ කිරීමට උත්සාහ කිරීමක් දෝ යන්නයි. ඉතිහාසයේ එවැනි උදාහරණ බොහෝමයි. පාලකයා සිය බලය රැක ගැනීම උදෙසා නොකරන දෙයක් නොවෙයි. 

මේ සියල්ලකටම වඩා කනගාටුවට කරුණ නම් මුස්ලිම් ජනතාවගේ දේශපාලන පක්ෂ යැයි කියා ගන්නා උදවිය මෙවැනි සීරුවෙන් උඩු දුවන ප්‍රශ්ණ වලදී මුනිවත රකිමින් කටයුතු කිරීමයි. ගණිකා මඩමක හිමිකරුවෙකු පාරෙ යන ඕනැම පිරිමියෙකුට තම ගැහැණුන් පාවිච්චි කොට යෑමට ඉඩදී බලා සිටින්නා සේ ඔවුන් සිය මුස්ලිම් ජනතාව ද එක එකාගේ දේශපාලන න්‍යාය පත්‍ර වල ඇමක් ලෙස පාවිච්චි වීමට ඉඩදී බලා සිටිමින් කටයුතු කරයි. කොන්ද පණ නැති, නිශ්චිත දේශපාලන ප්‍රතිපත්තියක් නැති පක්ශයකින් දෙකකින් ඊට වඩා යමක් බලාපොරොත්තු වීමටද නොහැකිය. එය වෙනම කතාන්දරයකි. 

එබැවින් ස්වෛරී රාජ්‍යයක වෙසෙන පුරවැසියන් වශයෙන් රට අභ්‍යන්තරයේ සිදුවන මෙවැනි බල පෙරලි පිළිබඳව සාවධානයෙන් යුතුව බලා සිටිය යුතුය. අපගේ අනාගතය රැඳී ඇත්තේ අප මැතිවරණයේදී ගසන කතිරය මතයි. හරි තැනට වැදිය යුතු කතිරය හරි තැනට නොවැදෙන තාක් දේශපාලන කේවට්ටයන්ගේ පටු අරමුණු වෙනුවෙන් දිනෙන් දින අප විකිණීම වැලැක්වීමට නොහැකිය. තවත් අප ජාතීන් වශයෙන් දෙකඩ නොවී මේ රට යහපත් පාලනයක දිශානතියක් උදෙසා හැරවීමට මීට වඩා වෙහෙසිය යුතුය. නැතිනම් සිදු වනුයේ අපගේ දෑත් වලින්ම අපගේ බෙලි මිරිකා ගැනීමට ඉඩ දී බලා සිටීමයි.


#srilankanmuslims #COVID19SL #SriLankanPolitics

Comments

Popular posts from this blog

ආධ්‍යාත්මය තුළින් ජීවිතය විනිවිදව දැකීම

කාමන් කූත්තු නර්තනය

නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් (Prophet Muhammed Sallallahu Alaihiwasalam)