ඔප්පාරි විලාපය

#ඔප්පාරි සමාජ විවිධත්වය යනු දේශයන්ගෙන් දේශයට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට ආවේණික වූ සංස්කෘතීන් මගින් උරුම වූ අපූරු අංගයකි. එම විවිධත්වය විටෙක අලංකාරයක් මෙන්ම විටෙක මහා විනාශකාරී සිදුවීම වලට මුල පුරයි. නමුත් මේ පැවසෙන්නේ එක් සංස්කෘතියක වූ අපූරු ශෝක ප්‍රකාශයක් හා බැඳුන කතාවක්. ඔප්පාරි යනු විශේෂයෙන් දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ සහ ශ්‍රී ලංකාවේ කඳුකරයේ වතූ ආශ්‍රිතව ජීවත් වන දමිළ ජනයාගේ සංස්කෘතියේ පුරාණ කාලයේ පටන් පැවතගෙන එන ශෝකය ගෙන දෙන විලාපය මුසු දුක්ගැනවිල්ලකි. ඔප්පාරි යනු එම සමාජයේ ජන ගී මෙන් වූ සම්ප්‍රදායක් වන අතර එහිදී බොහෝ විට ප්‍රශංසාව හා දුක විලාපයක් සමග මුසු කරමින් ගායනාවක් සේ ඉදිරිපත් කරයි. ඔප්පාරි විලාපය සාමාන්‍යයෙන් ගායනා කරනු ලබන්නේ අවමංගල්‍ය උත්සවයකදීය. මරණය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමට පැමිණෙන කාන්තාවන් විසින් දේහය අසල හිඳගෙන හෝ සාමූහික වශයෙන් මෙම ශෝකය මුසු තාලවත් විලාපය ගායනා කරයි. එය මියගිය උදවිය උදෙසා තමාගේම ශෝකය ප්‍රකාශ කිරීමටත්, මිය ගිය අයගේ ළඟම සිටින සහ ආදරණීයයන් සමග ශෝකය බෙදා ගැනීමටත් ඔවුන් උපකාරී කර ගනී. බොහෝ දමිළ ප්‍රජාවන් අවමංගල්‍ය උත්සවයකදී සිය ශෝකය ප්‍රකාශ කිරීමට ඔප්පා...