P2P යනු තවත් එක් මුලාවක් ඇජෙන්ඩාවක් ද අ?

#P2P යනු තවත් එක් ඇජෙන්ඩාවක් ද? සුගිය දිනවල ශ්‍රී ලංකාවේ දෙමිළ බස කතා කරන ජනතාව සිය අයිතිවාසිකම් උදෙසා උතුර නැගෙනහිර යා කරමින් ගමන් කල දැවැන්ත පා ගමන විශාල තමිල්, මුස්ලිම් හා කතෝලික ජනයාගේ සහභාගිත්වයකින් පැවැත්විණි. දකුණේ එය එතරම් ප්‍රසිද්ධියක් ඉසිලුවේ නැතත් එය ජාත්‍යන්තරයට පණිවිඩයක් යැවීමට තරම් බලවත් පා ගමනින් විය. එහි ප්‍රධාන සංවිධායකයන් වූයේ උතුරේ දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය. "මුස්ලිම්වරුන්ගේ භූමදාන අයිතිය ලබා දීම" යනු ඔවුන් එහිදී භාවිත කල ප්‍රධාන සටන් පාඨයන් අතරින් එකකි. කෙසේ නමුත් එකී පා ගමන පිළිබඳ පුවත දෙස් විදෙස් ජනතාවගේ සවනට වැටුන අතර එය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ විවිධ රටවල අදහස් දැක්වීම් වලද බලපෑම මත මුස්ලිම්වරුන්ගේ එකී අයිතිවාසිකම නැවත ලබා ගැනීමට හැකි විය. නමුත් අද උද්ගත වී ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් සිදුවීමකි. එනම් එදා මුස්ලිම්වරුන් සමග අත්වැල් බැඳගෙන මුස්ලිම්වරුන්ගේ භූමදාන අයිතිවාසිකම් උදෙසා අත්වැල් බැඳගත් උදවිය ඉරණතිව් දූපතේ කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘත දේහ භූමිදානයට විරෝධය පෑමයි. පැහැදිලිවම එතුල අදිසි ද...