ආ මග ආපස්සට අප හැරෙනවද?

ශිෂ්ඨත්වය නම් ගමන් මගෙහි පියවරෙන් පියවර පා තබමින් ඉදිරියට පැමිණි මිනිසා පෘථිවියේ ජීවත් වන බුද්ධිමත් ම සත්ව කොට්ඨාශය බවට පත් විය. ආදිතම යුගයේ කුල ගෝත්‍ර ආදී කණ්ඩායම් වලට බෙදී සිටි මිනිසා තම ඇදහීම් හා විශ්වාසයන් විනා තවත් එක් ඇදහීමකට හෝ විශ්වාසයකට එකඟත්වය පළ කිරීමට මැලි වීය. ඒ නිසාම මේ මිහිතලයේ දරුණු ගැටුම් හා කල කෝලාහල ඇතිවී භූමිය ලෙයින් තෙත් වූ අවස්ථා එමටය. මෙකී වාර්ගිකයන් අතර වූ එකිනෙකාගේ විශ්වාසයන් පිලිනොගැනීම යන කාරණා මත මේ පොලවට අහිමි වූ ජීවිත ගණන ගනන් කිරීමට නොහැකි තරම් විය. මන්ද පොලෝ තලයේ ඇති වූ ගැටුම් අතරින් වැඩිමනක් ඒවා එකිනෙකාගේ විවිධත්වය නොපිළිගැනීමෙහිලා උද්ගත වූ ගැටුම් වූ නිසාවේ. මේ අතරම කාලය කෙමෙන් ගත වන විට භූමිය මත ඇති වූ ලෝක යුද්ධ හා මහා ජන සංහාර වල අවසානයන් සනිටුහන් කරමින් මිනිසුන් සම්මුති වලට එලඹීමට පටන් ගත්හ. එය මානව පැවැත්ම තහවුරු කිරීමෙහිලා වැදගත් විය. ඒවාහි ප්‍රතිඵලයන් ලෙස කණ්ඩායම්, ගෝත්‍ර හා රටවල් වලට සීමා වී සිටි මිනිසුන් දසත සංක්‍රමණය වී බහුවිධ සමාජක්‍රම ඇති විය. එකී බහුවිධ සමාජ වල බහු ජාතිකයන්ගේ පැවැත්ම උදෙසා තව තවතවත් සම්මුති වලට එලෙඹෙමින් මිනිසා ශිෂඨත්ව...