Posts

ආධ්‍යාත්මය තුළින් ජීවිතය විනිවිදව දැකීම

Image
 "වස්ත්‍රයක් නොමැති බොහෝ මිනිසුන් මම දුටුවෙමි, තවද මිනිසුන් නොමැති බොහෝ වස්ත්‍රයන් ද ඒ අතර මා දුටුවෙමි." - මවුලානා ජලාලුද්දීන් රූමි  අධ්‍යාත්මික හා දාර්ශනික සන්දර්භයක් තුළ සූෆි කලාකරුවන්ගේ අදහස්, යමක් එහි බාහිර මුහුණත සහ ද්‍රව්‍යමය ස්වභාවයෙන් ඔබ්බට බැලීමට අපව පොළඹවයි. ඒ අතරම සමාජයීය අපේක්ෂාවන් සහ බාහිර සැරසිලි නම් වූ ස්ථරවලට යටින් මනුෂ්‍යත්වයේ සැබෑ ස්වභාවය හඳුනා ගැනීමට ද ඒවා අපව පොළඹවයි. තවද දෙවිඳුන් හැර උන්වහන්සේගේ සියලු මැවීම් තුළ ඇති අනිත්‍යමය ස්වභාවය පිළිබඳව අවධානය යොමු කරමින් දිනෙන් දින අපව යථාර්ථයක්  තුළ ජීවත් කරවයි. මේ සියල්ල අවබෝධ කර ගැනීම සදහා අපට ආධ්‍යාත්මීය පදනම තුළින් උපදින කලාවන් ද වැදගත් වේ. එය ජීවිතය තුළ තිබිය යුතු අව්‍යාජභාවය, අවංකභාවය සහ පැවැත්මේ සාරය පිළිබඳ මෙනෙහි කිරීම සඳහා අපව දිරිමත් කරයි.  "ඔවුනතර මා ප්‍රඥාවේ බීජය වැපිරුවෙමි, එය දළු ලා වැඩීමට මාගේම දෑතින්ම මා කටයුතු කළෙමි: මා නෙළාගත් අස්වැන්න මෙයයි - "මම ජලය මෙන් ඔබ වෙත පැමිණියෙමි, සුළඟ මෙන් දිනෙක ඔබෙන් සමුගෙන යන්නෙමි." - ඕමාර් කයියාම්  මිනිසාගේ උප්පත්තියේ පටන් ඔහු කලාව සිය කර පින්නාගෙන පැ

P2P යනු තවත් එක් මුලාවක් ඇජෙන්ඩාවක් ද අ?

Image
  #P2P යනු තවත් එක් ඇජෙන්ඩාවක් ද?  සුගිය දිනවල ශ්‍රී ලංකාවේ දෙමිළ බස කතා කරන ජනතාව සිය අයිතිවාසිකම් උදෙසා උතුර නැගෙනහිර යා කරමින් ගමන් කල දැවැන්ත පා ගමන විශාල තමිල්, මුස්ලිම් හා කතෝලික ජනයාගේ සහභාගිත්වයකින් පැවැත්විණි. දකුණේ එය එතරම් ප්‍රසිද්ධියක් ඉසිලුවේ නැතත් එය ජාත්‍යන්තරයට පණිවිඩයක් යැවීමට තරම් බලවත් පා ගමනින් විය. එහි ප්‍රධාන සංවිධායකයන් වූයේ උතුරේ දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය.  "මුස්ලිම්වරුන්ගේ භූමදාන අයිතිය ලබා දීම" යනු ඔවුන් එහිදී භාවිත කල ප්‍රධාන සටන් පාඨයන් අතරින් එකකි. කෙසේ නමුත් එකී පා ගමන පිළිබඳ පුවත දෙස් විදෙස් ජනතාවගේ සවනට වැටුන අතර එය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ විවිධ රටවල අදහස් දැක්වීම් වලද බලපෑම මත මුස්ලිම්වරුන්ගේ එකී අයිතිවාසිකම නැවත ලබා ගැනීමට හැකි විය.  නමුත් අද උද්ගත වී ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් සිදුවීමකි. එනම් එදා මුස්ලිම්වරුන් සමග අත්වැල් බැඳගෙන මුස්ලිම්වරුන්ගේ භූමදාන අයිතිවාසිකම් උදෙසා අත්වැල් බැඳගත් උදවිය ඉරණතිව් දූපතේ කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘත දේහ භූමිදානයට විරෝධය පෑමයි. පැහැදිලිවම එතුල අදිසි දේශපාලන හස

විශ්වාසයන් පිළිබඳ සංවාදය

Image
  එකිනෙකා තුළ වූ විශ්වාසයන් ගැන කතා කිරීමම සංවේදී කාරණයකි. මන්දයත් ඉන් අප පවසන දෙයට වඩා එහා වූ යමක් ඉන් ඔවුන් තේරුම් ගැනීමට උත්සාහ දැරීමයි. එනම් අප කුමක් අදහස් කළද ඔවුන්ගේ කෝණයේ සිටම ඔවුන් එය තේරුම් ගැනීමට වෙහෙසීමයි. අප මිදිය යත්තේ එකී හිතුවක්කාරී චර්යාවෙනි. විවේචනය, ප්‍රකාශන සහ අදහස් ප්‍රකාශ කිරීම යනු සෑම අයෙකුගේම අයිතියකි. ආගමක් තුළ , දර්ශනයක් තුළ , ඇදහිල්ලක් තුළ ජීවත් වන්නන් සිය ඇදහිල්ල විවේචනයට ඉඩක් නොදේ නම් ඉන් අදහස් වෙන්නේ එකී ආගම, දර්ශනය හෝ ඇදහිල්ල තුළ වූ අසම්පූර්ණ භාවයයි. තවද එකී ඇදහිල්ල තුළ ජීවත් වන්නා දිවි ගෙවනුයේ සිර කුටියක වන් ජීවිතයක් තුළ බවයි.  තවද එයිනුත් එහාට ගොස් සිය ඇදහිල්ල විවේචනය කරන පුද්ගලයාගේ විවේචනයේ වූ සාධාරණත්වය, අසාධාරණත්වය පසෙක තබා විවේචනය කරන්නාට පුහු ලේබල් අලවමින් අපහාස කරන්නාගේ මානසිකත්වය ඊටත් වඩා වෙනස් ය. ඔවුන් නම් ලිං මැඩියන් සේය. ලෝකයක් පිළිබඳ අවබෝධයක් නැති ඔව්හූ සිය ජීවිතය කාලය පුරාම සිය අඳුරු ලිඳෙහි වාසය කරයි. ඉන් පිටතට පැමිණ ලෝකය දැකීමට හෝ ඔවුන් ප්‍රිය නොකරයි. තමා නොදත් සත්‍යය අවබෝධ කර ගැනීමට තබා එය හැඳිනගැනීමද ප්‍රතික්ෂේප කරයි. ඇදහිල්ල තමාගේ නොවන තා

නීතීඥ කරුණාරත්න හේරත්

Image
 ජ්‍යේෂ්ඨ නීතීඥ කරුණාරත්න හේරත් මහතාගේ මුස්ලිම් නීතිය කෘතිය ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රය උදෙසා නිර්මාණය වූ ශ්‍රේෂ්ඨ කෘතීන් අතුරින් තවත් එක් විශේෂ කෘතියකි. එතුමාගේ අභාවය නූතන සමාජයට ගෙන එනුයේ විශාල හිස් තැනකි. ඉස්ලාමීය නීතිය පිළිබඳ නොදත් සමාජයටද වැටහෙන පරිදි සමාජයේ විශේෂ කතිකාවකට තුඩු දුන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය නීති පිළිබඳව මනාව පැහැදිළි කරමින් සිය කෘතිය නිර්මාණය කිරීමට එතුමා සමත් විය.  සිය කෘතිය තුළ ඉස්ලාමිය නීතියේ ප්‍රභවය, එහි අංග සහ භාවිතය පිළිබඳව මුලික හැඳින්වීමක් කොට ඒ අතරින් ශ්‍රි ලංකාව තුළ ක්‍රියාත්මක මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත, වකුෆ් හා පුන්‍යාභාර අරමුදල, පසු උරුමය පිළිබඳ ඉස්ලාමීය නීතිය වැනි ක්ෂේත්‍රයන් පැරණි නඩු තීන්දු ආශ්‍රයෙන් සහ ඒවාහි උප අංග වෙන් වෙන් කොටස් වශයෙන් විස්තර කොට දැක්වීමට එතුමා සමත් විය. එතුලින් සමාජය තුළ මෙම නීති ක්ෂේත්‍රය ආශ්‍රිතව නිර්මාණය වන කතිකාවත් වලට දැක්වූ දායකත්වය අති මහත් ය. මුස්ලිම් නීතිය කෘතිය සේම මෑත කාලයේ පරිසර නීතිය පිළිබඳව "වන සංරක්ෂණ නීතිය", "වනජීවි සංරක්ෂණ නීතිය" වැනි ඔහු රචනා කළ තවත් කෘතීන් ද වේ. පහත දැක්වෙන්න

සුබවාදී හීන

Image
  වෙනස් විය යුත්තේ සිතිවිල්ලේ ස්වභාවයයි. නමුත් වෙනස් විය යුතු එම සිතිවිල්ලේ ස්වභාවය පිළිබඳව අප දැන දැනත්, එය වෙනස් කර ගැනීමට උත්සාහයක් හෝ අප නොකරයි. ඒ නිසාම අසුභවාදී සිතුවිලි නම් වළ තුළ බොහෝ දිනක පටන් අප සිර වී සිටියි. ඉන් ගොඩ ඒමට නම් අනුගමනය කළ යුත්තේ සරල ක්‍රියාදාමයකි. 'සුභවාදී හීන' යනු එම මාර්ගයයි. එය අප ජීවිතයේ සෑම ඉසව්වකටම පොදුය. දශක හතක පටන් අප දේශපාලන වශයෙන් සෘණාත්මක අන්තයකට ගමන් කරමින් කරමින් සිටින්නෙමු. "කවුරු ආවත් වැඩක් නැහැ, ඔක්කොම හොරු..."  "අපි හම්බ කරොත් අපි කනවා... " වැනි ප්‍රකාශ අප තව දුරටත් ඉදිරියට ගෙන යාමෙන් ඵලක් නැත. මන්ද යත් එය තවදුරටත් අප ඉහත කී සෘණාත්මක අන්තයක් වෙතම ගෙන යන බැවිනි. අප අනාගතය අප හීන වලට අනුව සකසා ගැනීමට අවශ්‍ය නම් මුලින්ම අප බැහැර විය යුත්තේ එකී අසුභවාදී සිතිවිල්ලෙන් ය. තවද අප අමතක කර දැමිය යුත්තේ මහලු දේශපලානඥන්ගේ පැරණි මොඩලයයි. එවිට නිසැකවම අප ඒ හීන හැබෑ කර ගත හැකි මාවතකට යොමු වනු ඇත. හීන සැබෑ කර ගැනුමට වෙර දරන තවත් අයවලුන් අපට හමු වනු ඇත.  හීන වලට විශාල ප්‍රාකාරයන් පවා පෙරලා දැමීමට ශක්තියක් වේ. අප හඹා යා යුතු වන්නේ එකී

ආගමික ගැටලු දේශපාලනීකරණය වීම

Image
  ආගමික ප්‍රශ්න දේශපාලනික වශයෙන් විසඳීම අරුත් සුන් කාර්යයකි. නමුත් අප පිළිගත යුතු දෙයක් වේ. එනම් ආගම මුල් කර ගත් ඕනෑම ගැටලුවක් ඇති වූ විටෙක ආගමික වශයෙන් අපට පොදු එකඟතාවකට එලඹීමට නොහැකි නම් ආගමික ගැටලු දේශපාලනීකරණය වීමද නොවැළැක්විය හැකි බවයි. තවද ආගමික නායකත්වයකට සමාජයීය වශයෙන් හෝ දේශපාලනික වශයෙන් බලයක් ලැබෙන්න කලින් ආගමික නායකත්වයකට සිය දහම පිළිබඳ නිවැරදි ධාර්මික දෘශ්ටියක් ලැබිය යුතු වේ. ලාංකීය මුස්ලිම් සමාජයට සිදු වී ඇත්තේ නිවැරදි වූත්, සියලු පාර්ශ්වයන් එකඟ වූත්, දහම පිළිබඳ ඇති කර ගත් පොදු ඉස්ලාමීය දෘශ්ටියක් ඔවුනතර නැති කම නොවේද!  උදාහරණයක් ලෙස කූරගල ගැටලුව විසඳීමට අසීරු වන්නේ ද මේ නිසාවෙන් බව හොඳින්ම වැටහේ. මුස්ලිම් සමාජයේ කොටසකට එහි ක්‍රියාත්මක ඇදහිල්ල අවශ්‍යය වේ. තවද තවත් කොටසකට එකී ඇදහිල්ල අනවශ්‍ය වේ. නමුත් මුස්ලිම් කියන පොදු අනන්‍යතාවය ඇතුලත ( මුස්ලිම්වරුන්ගේ නියෝජිතයෙකු වශයෙන් පෙනී සිටින සභාව තුළ ) ඒ ඇදහිල්ල පිළිබඳ ගත්ත පොදු එකඟතාවක් නැහැ. ඒකට ලොකු හේතුවක් වෙන්නේ එයාලා සමස්ත මුස්ලිම් ජනතාව නියෝජනය කරන ලෙස සමාජයට තමන්ව පෙන්ව ගත්තද සමස්ථ මුස්ලිම්වරුන්ගේ නියෝජනයක් එතුල නොමැති වීමයි

රටට ණය නැති ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය

Image
 එදා 70-80 අවධියේ මේ රටේ විසූ අහිංසක දෙමාපියන්ගේ, උගත්, බුද්ධිමත්, අවංක හා එඩිතර තරුණ පරපුර වාමවාදී දේශපාලනය වෙත තල්ලු වී වත්මන් පරපුරට හෙලිදරව් කර දීමට උත්සාහ කළේ මෙරට වූ කුපාඩි දේශපාලනයෙහි ඇති නිරුවත පිළිබඳවයි. එයටත් වඩා ඔවුන් සමාජයට හඬ නගා අවබෝධ කර දීමට වෙර දැරුවේ මෙරට ක්‍රියාත්මකව පැවති කුපාඩි දේශපාලනය නිසා අනාගත පරපුරට උරුම වීමට නියමිතව තිබූ විනාශය පිළිබඳවයි.  නමුත් බහුතරයක් වූ ශ්‍රී ලාංකික පුරවැසියන්ට එදත් අදත් තේරුම් ගැනීමට නොහැකි වුන කරුණක් වේ නම් ඒ මෙරට සමාජය තුළ ඇරඹුණු එකී තරුණ නැගිටීමට හේතුව කුමක්ද යන්න පිළිබඳවයි. රටේ වැඩිහිටි පරපුර හුදෙක් එම නැගිටීම රැඩිකල්කරණයක් ලෙස දැක්කද පිටතට නොපෙනෙන අවංක අරමුණක් ඒ තුළ අන්තර්ගත වූ බව ඔවුන්ට නොතේරුණි. නමුත් පසුකාලීනව ඔවුන් එය සුලුවෙන් හෝ අවබෝධ කර ගන්නා විට කෝච්චිය ගොස් හමාරය.  තට්ටුමාරු ක්‍රමයට බලය රැකගත් කුපාඩි දේශපාලන බලවේග එදා රටට අහිමි කළ වටිනා තරුණ ජීවිත ලක්ෂ ගණනකි. එදා එම තරුණ හඬ නිහඬ කොට ඔවුන් ඔවුන්ගේ දේශපාලන වේදිකා වල ගැයූ ඒ මුලාවේ ගීතයට රටේ වූ බහුතරයක් වූ දෙනා අත්පොලසන් දීමේ ප්‍රතිඵලය අද අපට ඇස් පනාපිට දැක බලා ගැනීමට හැකිව ඇත. ම