Posts

සිංහල ඉස්ලාමීය කාව්‍ය සංග්‍රහය

Image
  රමණීය දූපත් රාජ්‍යයක් වූ ශ්‍රී ලංකා ද්වීපයට   ඉස්ලාමය නම් ආලෝකමත් මාවත රැගෙන ඒමේ ගෞරවය අරාබිවරුන්ට හිමිය. එය එවක විසූ අරාබි වරුන් විසින් මෙරටට කළ උතුම් වූ මෙහෙවරයන් අතරින් එකකි. ඊට පසු කාලීනව ඉන්දියානු මලබාර් මුසල්මානුවන්ගේ මෙරට ආගමනයත් සමගම මෙරටටම ආවේණික වූ ඉස්ලාමීය සංස්කෘතියක් නිර්මාණය විය. එකී සංස්කෘතිය තුළ දමිළ බස යන්න මුසල්මානුවන්ගේ මව් බස ලෙසින් ප්‍රචලිත විය. නමුත් සිය ආගමික වතාවත් ඉටු කිරීම සඳහා අරාබි බස ද ඔවුන් යොදා ගත්හ. ඒ අතරවාරයේ එවක විසූ ලාංකීය මුසල්මානුවන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ වෙළඳාම සහ ගොවිතැන ආශ්‍රිතව කටයුතු කිරීමේදී සිය රටේ වෙසෙන බහුතරයක් වූ සිහල ජනතාව සමග සන්නිවේදනය කිරීම පිණිස සිංහල භාෂාව ද සුළු වශයෙන් යොදා ගැනිණි. නමුත් පසුකාලීනව ස්වදේශීය මුසල්මානුවන්ගේ අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි ලද ප්‍රබෝධයත් වෙළඳ සබඳතා වල ප්‍රතිඵලයන් ලෙසත් සිහල ජනතාව සමග ඇති කරගත් අවාහ විවාහ වල ප්‍රතිඵලයන් ලෙසත් අද වන විට චතුරව සිංහල බස හසුරවන ලාංකීය මුසල්මානුවන්ගෙන් සමන්විත සමාජයක් මෙරට නිර්මාණය වී තිබේ. එයින් ඇරඹෙන සිහල බස හසුරුවන මුසල්මානුවාගේ ඉස්ලාමීය සාහිත්‍යයට සිංහල සාහිත්‍ය නිර්...

අනාගත පලස්තීන භූමිය

Image
 එක් ජාතියක් පාගා ගෙන තවත් ජාතියකට ශ්‍රේෂ්ඨ ජාතියක් විය නොහැක. එකී න්‍යාය පලස්තීනුවන්ට මෙන්ම යුදෙව්වන්ටද  පොදුය. ඊශ්‍රායලයේ සියෝන්වාදීන් විසින් සිදු කරන පලස්තීන භූමි ආක්‍රමණය අප හෙළා දැකිය යුත්තේ ඒ නිසාමය. යුදෙව්වන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කළ යුතු බව සැබෑය. එහෙත් යුදෙව් ජාතිකයන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම යනු පලස්තීනුවන්ගේ නිජබිම් අමු අමුවේ ඔවුන්ගෙන් උදුරාගෙන යුදෙව්වන්ට පැවරීම නොවේ. තවද සියෝන්වාදීන්ගේ මෙම ආක්‍රමණයට එරෙහිව සටන් කිරීම යනු සියෝන්වාදීන්ට එරෙහි වන මුවාවෙන් යුදෙව් සිවිල් වැසියන් ඉලක්ක කොට ගෙන ප්‍රහාර දියත් කිරීමද නොවේ.   මුස්ලිම්වරුන්ගේ ශුද්ධ භූමියක් වූ මස්ජිදුල් අක්සා පරිශ්‍රයට මුස්ලිම්වරුන්ට ඇතුලු වීමට ඉඩ නොදී අක්සා මස්ජිදය අවට ගිනි තබන විට සියෝන්වාදීන් ඊශ්‍රායල ධජ ඉහලට ඔසවමින් උද්දාමයට පත්ව සිටීම පසුගිය දිනවලදී දැකගත හැකි විය. තවද සීයෝන්වාදීන් ගසා තීරයේ අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කොට ගෙන ප්‍රහාර දියත් කිරීම ද එයට ප්‍රතිචාර වශයෙන් හමාස් සංවිධානය යුදෙව් සිවිල් වැසියන්ගේ ජීවිත ගැන තැකීමක් නොකර යුදෙව්වන්ගේ නගර වලට මිසයිල ප්‍රහාර එල්ල කිරීමද දැක ගත...

සෙනීෆා සනීර්

Image
පෑන හැසිරවීමේ කලාව ප්‍රගුණ කළ දහස් සංඛ්‍යාත පිරිසක් සිංහල සාහිත්‍ය සමාජය තුළ ජීවත් වුවත් හැඟීම් අකුරු බවට පෙරලීමෙහිලා සෙනීෆා යනු ඒ අතරින්  තවත් එක් විශිෂ්ඨ ලේඛිකාවකි.  ලෙස සාහිත්‍ය නිර්මාණකරණයන් සඳහා උපන් හැකියාවකින් පසුවන ඇය නමින් සෙනීෆා සනීර් වූ අතර ඇය ශ්‍රී ලංකාවේ මහනුවර දිස්‌ත්‍රික්‌කයේ අරුප්පොළ ග්‍රාමයේ උපත ලැබීය. සිංහල, ඉංග්‍රීසි යන ද්විත්ව භාෂාවම මැනවින් හසුරුවමින් එකී භාෂාවන් ආශ්‍රිත සාහිත්‍ය නිර්මාණයන් ඈ විසින් සමාජයට දායද කර ඇත. සිංහල බස හසුරවන මුස්ලිම් පවුලක පහස ලැබීමම ඈ සිංහල සාහිත්‍ය කලාවට නැඹුරු වීමට බෙහෙවින් බලපා ඇත. මහනුවර ප්‍රසිද්ධ පාසලක් වන බදියුදීන් මහ්මූද් බාලිකා පාසලේ අධ්‍යාපනය හැදෑරූ ඇය එහිද සිංහල භාෂාවෙන් අධ්‍යාපනය හැදෑරීම සිදු කර ඇත.  නවකතා, කෙටිකතා, ළමා කතාන්දර ලෙස ඈ අතින් රචනා වූ නිර්මාණයන් රැසකි. ඒ අතරින් "පූදින්න ඉඩ දෙන්න" නම් නව කතාව යනු ඇගේ ජීවිතයේ තීරණාත්මක සංධිස්ථානයක් විය. ඒ මන්දයත් ඇගේ ජීවිතය තුළ ප්රකාශයට පත් පලමු සිංහල නවකතාව එය වීමයි. අවුරුදු පහලොවක් වන් වූ අවදියේ සිටම නවකතාකරණයේ යෙදුනත් ඉන් එකදු පොතක් හෝ ප්‍රකාශයට පත් කරගැනීමේ අවකාශයක්...

සාහිත්‍ය වින්දනය

Image
විඳිය හැකි සාහිත්‍යය රසයට අනුව භාෂාවන් අපට උස් පහත් යනුවෙන් බෙදා දැක්විය හැකි ද? උසස්ම සාහිත්‍යය රසය ගැබ්ව ඇත්තේ තමාගේ මව් බස තුළ පමණි යැයි සිතීම හිතලුවකි. මන්ද යත් සෑම බසකම කාර්ය්‍යය වනුයේ මානව සන්වේදන කාර්යයට, අදහස් ප්‍රකාශ කිරීමට අතරමැදියෙකු සේ දායක වෙමින් සන්නිවේදනය කාර්යයට උපකාරී වීමයි. එහිදී සිතෙහි උත්පාදනය වන සියලු සිතිවිලි තමාට ඇති උපරිම හැකියාවකින් යුක්තව ඉදිරිපත් කිරීමට සෑම භාෂාවක් ම එක හා සමානව උපකාර කරයි. නමුත් මෙම විශ්මිත හැකියාව උපරිම අයුරින් පවතින්නේ තමා භාවිතා කරන භාෂාවට පමණක්ම වේ යනුවෙන් සිතීමට හේතු වනුයේ තමා එක් භාෂාවක් පමණක් තමාගේ මව් බස ලෙස භාවිතා කිරීමත් එම භාෂාව පමණක් පූර්ණ වශයෙන් හැසිරවීමේ හැකියාව තමාට පිහිටා ඇති බැවිනි. (ගැඹුරු ලිඳක ජීවත් වන ලිං මැඩියා ලෝකය නොදකින සේ)  උදා :- විටෙක ඇතැමුන් X භාෂාවේ සාහිත්‍යය Y භාෂාවේ සාහිත්‍යයට වඩා උසස් බවත් එසේත් නැතිනම් X භාෂාවට වඩා ගැඹුරු බවක් Y භාෂාවට ඇති බවත් පවසයි.  තමාට තම මව් බස හැසිරවීමට ඇති හැකියාවට සමානව තවත් භාෂාවක් ද හැසිරවීමට හැකි නම් ඉහත කාරණයෙහි සත්‍ය අසත්‍යතාව හරි ආකාරයෙන්ම පැවසිය හැකිය. නමුත් එසේ නොවී ...

යේමනයේ අනාගතය

Image
  ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් යේමනය පිළිබඳ දැක්වූ අදහස් දෙස අවධානය යොමු කල විට පෙනී යන්නේ සෞදි අරාබියට තමාගේම වූ දේශීය ආරක්ෂක යාන්ත්‍රණයක් නොමැති බවත් මෙතෙක් කල් ඔවුන් භාවිත කළ ආරක්ෂක යාන්ත්‍රණයෙහිලා එක්සත් ජනපදය මත ඔවුන් විශාල වශයෙන් යැපී ඇති බවත්ය. මන්දයත් මෙතෙක් කල් යේමනයට එල්ල කළ ප්‍රහාර දෙස බලන විට හුදෙක් එම ප්‍රහාර එක්සත් ජනපදයේ සම්පූර්ණ සහයෝගය මත රඳා පැවති බවත් එතුලින් යේමන ජනතාව මත හෙලූ බෝම්බ ප්‍රහාර වලට ඇමරිකානු සහය සෑහෙන වශයෙන් යොදා ගත් බවත් පෙනී යයි. කෙසේ වෙතත් පවතින දේශපාලනික තත්වයන් හමුවේ ඉදිරියේදී සෞදි අරාබිය විසින් යේමනය වෙත එල්ල කළ යුධමය පීඩනය යම් තාක් දුරකට අඩු වනු ඇතැයි අනුමාන කළ හැකිය. ඒ නිසාම හෞතිවරුන් විසින් දීර්ඝ කාලයක සිට එල්ල කළ ප්‍රතිප්‍රහාර මාලාවද අඩු විය හැකි බැවින් කලාපයේ සාමය යලි යලිත් තහවුරු වනු ඇති බව අනුමාන කළ හැකිය. " මැදපෙරදිග කලාපයේ දේශපාලන අරගලයෙහි ප්‍රාණ ඇපකරුවන් බවට පත් වූ යේමන් ජනයාට නිදහසේ හුස්ම ගැනීමට කාලයක් උදා වේවා යැයි පතමු."

සැඟවුණු ඉතිහාසය

Image
 මහාචාර්ය ඊනියාර්ගේ විග්‍රහයට අනුව ඉතිහාසය යනු "සමාජ ක්‍රම වල මතක සටහනකි". එකී ඉතිහාසය වැළලීම යනු එම සමාජක්‍රමයයේ මතක සටහන් සමාජය තුලින් අතුගා දැමීමකි. තවත් වසර 10 සපිරුන පසු වසර 100 ක් සම්පුර්ණ වූ පුරාවස්තුවක් බවට පත්විමට නියමිතව තිබු මාලිගාවත්ත මුස්ලිම් සුසාන භුමියේ තිබු යේමන් ජාතික සෙය්යද් අහමිද් ඉබ්නු අස් සෙය්යද් අබ්බාස් බා අලවි නම් අයෙකු මිහිදන් කොට ඔහු සිහි කිරීමට එවක තැනූ සොහොන් කොතක් යම් කිසි කණ්ඩායමක් විසින් ඉවත්කර ඇති බව ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව සඳහන් කර සිටියි. මිහිදන් කළ අයෙකු සිහි වනු පිණිස සොහොන් කොත් තැනීම පිළිබඳව මතවාදයක් ඉස්ලාමීය සමාජය තුල තිබෙන බව සැබෑය. නමුත් ශ්‍රී ලාංකීය මුස්ලිම්වරයාගේ උරුමයන් පිළිබඳ කියැවෙන මේ ආකාරයේ වු පැරණි නටඹුන් විනාශ කිරීම අනුමත කළ නොහැක. එය අපගේම දෑත් වලින් අපගේම ඉතිහාසය කටුගා දැමීමකි.

ඒකාධිපතිත්වය

Image
  ලොව කුමන දිග් භාගයේ වුවද බලයේ සිටින්නාවූ ෆැසිස්ට්වාදී පාලකයන් මේ පින්තූරයේ අර්ථය තේරුම් ගන්නා දිනක් පැමිණෙනවා නියතයි. එය ලෝකයටම පොදු ධර්මතාවයකි.  දේශපාලනය යනු සමාජ භාවිතයකි. එහි මූලික අර්ථ දෙකකි. ඉන් පලමු වැන්න දේශපාලනය පුරවැසි ක්‍රියාකාරිත්වයේ අංගයක් සහ පුරවැසියන්ද සමාජ මට්ටමෙන් දේශපාලන භාවිතයේ යෙදෙති යන්නයි. දෙවැන්න නම් සමාජය තුල සිදුවන පුද්ගල ක්‍රියාකාරීත්වයේ සහ පුද්ගල සම්බන්ධතා අතර ද අන්තර් පුද්ගල භාවිතයක් හැටියට දේශපාලනය පවතින්නේය යන්නයි. පාලකයා විසින් පුරවැසියාව දේශපාලනයෙන් වෙන් කිරීමට අදහස් කිරීම පවා ගඟට ඉනි කැපීමක් වැනි ක්‍රියාවලියකි. පාලකයාට යම් තාක් දුරකට මිනිසාව ඇන්දවීම කළ හැකිය. නමුත් සෑම කල්හිම තම සිතැඟි පරිදි මිනිසාව ගොනාට ඇන්දවිය නොහැකිය. මන්ද යත් රෑ වැටුණු වලට දවාලෙත් වැටීමට තරම් පුරවැසියන් මෝඩ නැත. නමුත් එවැනි සිහින දැකීම ඒකාධිපති පාලකයාගේ නම් ස්වරූපයක්ය. #srilankanpolitics