හජ් උත්සවය නොහොත් ඊද්-උල්-අදා උත්සවය

හජ් උත්සවය නොහොත් ඊද්-උල්-අදා උත්සවය යනු කුමක්ද සහ එය සමරන්නේ කවදාද? ලොව පුරා වෙසෙන මුස්ලිම්වරුන්ගේ ලුනාර් දින දර්ශනය නම් සුවිශේෂී ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ දුල් හිජ්ජා නම් මස 10 වන දිනට යෙදෙන ඊද් උල් අදා උත්සවය ලෝක වාසී ඉස්ලාමික ප්‍රජාව වාර්ෂිකව සමරයි. විටෙක කැප කිරීමේ උත්සවය ලෙසින් ද අර්ථ ගැන්වෙන මෙම හජ් උත්සවය, මෙවර බොහෝ ලෝවාසී මුස්ලිම්වරුන් විසින් විවිධ රටවල ජූලි 31 හෝ අගෝස්‌තු 1 වන දින සමරනු ලැබේ. හජ් වන්දනාවේ අවසානය ශාරීරිකමය ශක්තිය හා මූල්‍යමය හැකියාවන් ඇති මුස්ලිම්වරුන් ඔවුන්ගේ ජීවිත කාලය තුළ එක් වරක් හෝ ඉටු කිරීමට බැඳී සිටින දින පහක වන්දනා ගමනක් වන හජ් වන්දනාවේ අවසානය, මෙම ඊද් උල් අදා උත්සවයෙන් සනිටුහන් කරයි. හජ් වන්දනා ගමන ස්වකීය ආත්මය පාපයන්ගෙන් පවිත්‍ර කරන අතරම ලෝක වාසී සියලු මනුෂ්‍යයිනගේ සමානාත්මතාවය සහ සහෝදරත්වය පිළිබඳ හැඟීම් ජනිත කරයි. ඒ සඳහා ලොව පුරා වෙසෙන මුස්ලිම් වන්දනාකරුවන් මිලියන 2.5 ක් පමණ වාර්ෂිකව සෞදි අරාබියාවේ පිහිටි මක්කා නුවර සහ මදීනා නගර කරා එක් රැස්වෙති. කෙසේ වෙතත්, මේ වසරේ සෞදි අරාබිය විසින් කොවිඩ් වයිරස් වසංගතය හේතුවෙන් ඉතා සරල මෙන්ම දැඩි සෙ...