සිය 1100 වන වර්ෂ පූර්ණය සපුරන ශ්‍රී ලංකාවේ ප්‍රථම මුස්ලිම් මස්ජිදය

සිය 1100 වන වර්ෂ පූර්ණය සපුරන ශ්‍රී ලංකාවේ ප්‍රථම මුස්ලිම් මස්ජිදය ලෙස සැලකෙන අබ්රාර් මස්ජිදය පිහිටා ඇත්තේ බේරුවල මරදාන නම් ස්ථානයේය. ශ්‍රී ලංකාවේ නිරිතදිග වෙරළ තීරයේ පිහිටා ඇති සුන්දර බේරුවල ප්‍රදේශය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකි. එනම්, අට වන සියවසේ මුස්ලිම් ව්‍යාපාරිකයන් සමූහයකගේ සිය ප්‍රථම ආගමන සිදු වූයේ මෙම ප්‍රදේශයට බැවිනි. එසේ ශ්‍රී ලංකාවේ ස්ථාපිත පළමු මුස්ලිම් මස්ජිදය ලෙස සැලකෙන අබ්රාර් මස්ජිදය එකල අරාබි වෙළඳුන් විසින් ඉදිකර ලද්දකි. අරාබිවරුන් බේරුවල සංචාරය කර ජීවත් වූ බවට මස්ජිද් උල් අබ්රාර් පල්ලිය කදිම සාක්ෂි ගොන්නක් ගෙනහැරපායි. අද වන විට මෙම මස්ජිදුල් අබ්රාර් මස්ජිදය අදියර තුනකින් ප්‍රතිසංස්කරණය කර ඇති අතර එය බේරුවල මරදාන ප්‍රදේශයේ තේජාන්විතව බව ඉස්මතු කරයි. ✍️ මොහොමඩ් මිනාස් ඉස්ලාමීය අධ්‍යයනය සහ අරාබි භාෂා පීඨය ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය