නායක එම්.එච්.එම්. අශ්රෆ්

සටන්කාමියනේ ඉදිරියටම යමව්! නායකයෝ කිසි කලක මිය නොයතියි යන්න මා ඔබට පවසා සිටියේ නැතිද? තුවක්කුවකින් පිට වන ඒ උණ්ඩය අප සටන දුර්වල කරත් අප සතුරා ජයග්‍රහණය කළා යැයි අප කලබල විය යුතු නැත. - එම්. එච්. එම් අෂ්රෆ් - සිංහනාදය තම කතා විලාසයට පමණක් සීමා නොකර ක්‍රියාවෙන්ම තම ප්‍රතිපත්තිය තුලින් එය යථාර්ථයක් බවට පෙරලූ ශ්‍රී ලංකාවේ බිහිවූ ශ්‍රේෂ්ඨතම නායකයෙකු අප අතුරින් වෙන් වී අදට වසර 20ක් සපිරිව ඇත. ඔහුගෙ නික්ම යාම එසේ සිදුවුවත් මනරම් නැගෙනහිර පළාත් පොළොව මත ඔහුගේ නාමය නම් තවමත් ජීවමානය. වර්ෂ 1948 ක් වූ ඔක්තෝබර් මස 23 වන දින සමන්තුරේ ගම්මානයේ මෙලොව එලිය දුටු එම්.එච්.එම් අෂ්රෆ් තම මූලික අධ්‍යාපනය හැදෑරීම සිදු කළේ කල්මුණේ වෙස්ලි විද්‍යාලයේදීය. කුඩා කල සිටම ප්‍රගුණ කළ තම අධ්‍යාපන කටයුතු වලින් පසු ඔහු ඊලඟට ඇතුළු වූයේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයටය. එහිදී ද ප්‍රථම පන්ති ගෞරව සම්මානයක් සහිතව නීතීඥ වෘත්තීයට එලඹි ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ සිය උපාධිය සහ පශ්චාත් උපාධිය ද සම්...